ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් පසුගිය රනිල් වික්‍රමසිංහ රජයේ කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.Sri Lanka Latest News
ඉමියුනිග්ලෝබියුලීන් ඇතුළු ප්‍රමිතියෙන් තොර තවත් ඖෂධ වර්ග රැසක් ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබුණි.
කෙසේ වෙතත්, කෙහෙළිය රඹුක්වැල්ල, ඇප ලබා එළියට පැමිණි අතර, ප්‍රමිතියෙන් තොර මෙම ඖෂධ ගෙන්වීම සදහා අනුමැතිය ලබා දුන් කැබිනට් මණ්ඩලයෙන් ඒ පිළිබදව ප්‍රකාශ ලබා ගන්නා ලෙස, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.










