• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද සමරසිංහ අමෙරිකානු විශ්වවිද්‍යාලයක් එක්ක ගිවිසුම් ගහයි! ලංකාවේ සිසුන්ට දැන් අමෙරිකාවෙන් වැඩි ඉඩක්! I Sri Lanka Latest News

November 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්ද සමරසිංහ අමෙරිකානු විශ්වවිද්‍යාලයක් එක්ක ගිවිසුම් ගහයි! ලංකාවේ සිසුන්ට දැන් අමෙරිකාවෙන් වැඩි ඉඩක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

 ඇමෙරිකාවෙි ඉලිනෝයි ප්‍රාන්තයේ කාබන්ඩේල් හි සදර්න් ඉලිනෝය විශ්ව විද්‍යාලය (SIU) හා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර ඇතිකල ගිවිසුම් මගින් ලාංකික සිසුන් සඳහා අධ්‍යාපන අවස්ථා නිර්මාණය කර ඇති අතර එමගින් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත්වී තිබේ. Sri Lanka Latest News

වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසක් 2023 දෙසැම්බරයේදී  එම විශ්ව විද්‍යාලීය ඉහළ නිළධාරීන්  සමග සාකච්ඡාවක් පැවැත්වීය. ලාංකේය සිසුන් සඳහා ඇති වටිනා අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, SIU සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර එකගතා ගිවිසුම් පිළිබඳව එහිදී අවධානය යොමු කෙරිණ.

සදර්න් ඉලිනෝය විශ්ව විද්‍යාලය සමග වූ  එම සංවාදයෙන් සහ විධිමත් යෝජනා වලින්  වලින් පසුව, වොෂින්ටන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛ රාජ්‍ය සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට එකී   අවස්ථාවන් යොමුකල අතර එහි ප්‍රතිඵලයක් ලෙස    අවබෝධතා ගිවිසුම් (MOU) කිහිපයක් අත්සන් කර තිබේ.

සදර්න් ඉලිනෝය වි: විද්‍යාලය වැනි  කීර්තිමත් ආයතනයක් හරහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමට ලැබීම ඉතා වැදගත් පියවරක් බව තානාපති සමරසිංහ මහතා ගේ අදහස වේ.

SIU හි උපායමාර්ගික සැලැස්ම, Imagine 2030 සමඟ ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීම සහ එහි ශිෂ්‍ය සාර්ථකත්වය සහ විවිධත්වය, සමානාත්මතාවය සමඟ හොඳින් ගැලපේ යැයි පර්යේෂණ පිළිබඳ උපකුලපති සහ උපාධි පාසලේ පීඨාධිපති කොස්ටස් සැට්සොලිස් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ හා සෙසු රටවල දක්ෂ සිසුන් ද: ඉලිනොයිස් වි: විද්‍යාලයේ කීර්තිය තවත් ඉහල නංවනු ඇති බවට ද ඒ මහතා විශ්වාසය පළ කළේය.  ලාංකික සිසුන්ගේ පැමිණීම හා ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමේ  හැකියාව සහිත පර්යේෂණ විශ්ව විද්‍යාලයක ඔවුන්ට ප්‍රායෝගික අවස්ථා ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.

ලංකාවේ NSBM හරිත විශ්වවිද්‍යාලය 2024 මාර්තු මාසයේදී ඉලිනෝය සමඟ  අවබෝධතා ගිවිසුම නිමා කළේය. ඒ සමඟම ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM), බෞද්ධ අධ්‍යයන සඳහා වන නාගානන්ද ජාත්‍යන්තර ආයතනය (NIIBS) සහ හොරයිසන් වි: විද්‍යාලය සමඟ මෑත කාලීන ගිවිසුම් ඇති කර ගන්නා ලද අතර එමගින් උසස් අධ්‍යාපනයේ සහයෝගීතාවයට ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කරන ලදී. සදර්න් ඉලිනෝය හා මොරටුව විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය අතර  ගිවිසුම් ඇතිකිරීමේ කටයුතු  ක්‍රියාත්මකය. එමගින් අධ්‍යයන විශිෂ්ටත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා වන දෙරටේ හවුල්කාරීත්වය හා කැපවීම  වර්ධනය වනු ඇත.

“මෙම ගිවිසුම් ලාංකික සිසුන්ට දීප්තිමත් අනාගතයකට මග පාදනු නිසැක” බව තානාපති සමරසිංහ මහතා පැවසීය.  මෙම ආරම්භය  ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාවේ  ආයතන අතර  සහයෝගීතාවයට පුබල අනුබලයක් වනු ඇතැයි පැවසූ තානාපතිවරයා, SIU  සහ එහි නිලධාරීන් – Costas Tsatsoulis සහ Karen Jones, සහකාර පීඨාධිපති සහ උපාධි පාසලේ අධ්‍යක්ෂ සහ Peter Li, ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෙත ඔවුන්ගේ   කැපවීම වෙනුවෙන් සිය අවංක කෘතඥතාව පුද කර සිටියේය.

 1869 දී සාමාන්‍ය විද්‍යාලයක් ලෙස ඇරඹී පසුව වරලත් සදර්න් ඉලිනෝය වි: විද්‍යාලය ලෙස එක්සත් ජනපද  පර්යේෂණ විශ්ව විද්‍යාලය ඇරඹිණ. SIU  සියලුම එක්සත් ජනපද උසස් අධ්‍යාපන ආයතන අතර පර්යේෂණ සඳහා ඉහළම 05% තුළ ශ්‍රේණිගත කර ඇති අතර, එය උසස් අධ්‍යාපන ආයතන සඳහා වන Carnegie වර්ගීකරණය මගින් ඉහළ පර්යේෂණ ක්‍රියාකාරකම් සහිත ආචාර්ය උපාධි දක්වා පිරිනමන ඉහළ විශ්ව විද්‍යාලයක් ලෙස පුමිතිගතව ඇත. ඊට  පර්යේෂණ සඳහා වාර්ෂිකව විශාල බාහිර අරමුදල් ලැබෙන අතර පුහුණුව සහ සේවා පදනම් වූ ප්‍රදාන සහ කොන්ත්‍රාත්තු සඳහා වන ආයතනයක් ලෙස ද සැලකේ.

SendShareShare
Previous Post

මාලිමාව ඇතුළේ අවුලක්ද? විජිත කියනවා ආණ්ඩුව හදද්දී දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරුනුත් ආණ්ඩුවට ගන්නවා කියලා! බිමල් කියනවා සුමන්තිරන්-රිෂාඩ්-ශ්‍රීධරන්-දේවානන්දා වගේ කිසිම කෙනෙක්ව ආණ්ඩුවට ගන්න අපිට පයිත්තියං නෑ කියලා! I Sri Lanka Latest News

Next Post

අනුර යාපනේ ගිහින් සෙනග වටකරගෙන තිබ්බ මීටිම ගැන යාපනේ සුමන්තිරන් හෙන නෝන්ඩියක් දමයි! ෆොටෝත් එක්කම තිබ්බ සටහන මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.