• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොඩි වැස්සටත් මාතර යටකරන නිල්වලා බාධකය ගැන ජනාධිපති ලේකම් කාර්යාලයේ ලොකු සාකච්ඡාවක්! Sri Lanka Latest News

November 9, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
පොඩි වැස්සටත් මාතර යටකරන නිල්වලා බාධකය ගැන ජනාධිපති ලේකම් කාර්යාලයේ ලොකු සාකච්ඡාවක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාතර නිල්වලා ගඟේ ඉදි කර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවට මෙන්ම කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානි වන බවට ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් කරුණු ඉදිරිපත් වී ඇත.Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා, කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ අදාළ අමාත්‍යාංශ නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (08) වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී, ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් ගං වතුර තත්ත්වයක් මෙන්ම ගොවිබිම්වලට ලවණ ජලය පැමිණීම සිදුවන්නේද යන්න සොයා බලා ඒ සඳහා ස්ථීර විසඳුම් ලබා දීම විධිමත් අධ්‍යයනයකින් අනතුරුව සිදු කළ යුතු බව එම ආයතන නියෝජනය කරමින් පැමිණි ඉංජිනේරුවන් පැවසූහ. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර විසඳුම් හා යෝජනා ඉදිරිපත් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සහාය ලබා ගැනීමට කරන ලද යෝජනාවට ජනාධිපති ලේකම්වරයා මෙහිදී සිය එකඟතාව පළ කළේය.

එසේම මේ සඳහා යෝජනාවලියක් සකස් කරන ලෙස උපදෙස් දුන් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, පේරාදෙණිය විශ්විවද්‍යාලයීය ඉංජිනේරු අංශය සිදු කරන අධ්‍යයනයේ වාර්තාව පදනම් කරගෙන මේ සඳහා විසඳුම් ලබා දෙන ලෙසත්, එම කාර්යය ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්, ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් ලබා දුන්නේය.

ලවණ බාධකය හේතුවෙන් නිල්වලා ගඟ දෙපස ජනතාවට සිය ගොවිබිම් අහිමි වීම ඇතුළු ජීවනෝපාය කෙරෙහි අහිතකර බලපෑම් සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බව සඳහන් කළ ලේකම්වරයා, එම තත්තවය කඩිනමින් යථා තත්වයට පත් කිරීම රජයේ හා නිලධාරීන්ගේ වගකීම බව අවධාරණය කළේය.

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම සඳහාද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්, එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වාරිමාර්ග හා ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් අවධාරණය කළ ජනාධිපති ලේකම්වරයා එම ගැටලුව විසඳීමට නිසි පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති මාධ්‍ය අංශය
2024.11.08

SendShareShare
Previous Post

සජිත් පරද්දන්නට රනිල් කුමන්ත්‍රණ කළා කියලා රනිල්ව එපාවෙලා එක ලේකම් කෙනෙක් අයින් වෙලා සජිත් ළඟට ආවා! මෙන්න තව ලේකම් කෙනෙක් කුමන්ත්‍රණයක් හෙළිකරනවා! Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප් දිනුම්! ලංකාවට මොනවා වෙයිද? Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.