• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශෂී විජේන්ද්‍ර – චරිත් අබේසිංහ වගේ ගොඩින් එනවද? උද්දික – රන්ජන් – දමිතා වගේ මඩින් එනවද? Sri Lanka Latest News

November 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ශෂී විජේන්ද්‍ර – චරිත් අබේසිංහ වගේ ගොඩින් එනවද? උද්දික – රන්ජන් – දමිතා වගේ මඩින් එනවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොයි තරම් කිව්වත් ‘නළුකම කරගෙන පාඩුවේ ඉඳපල්ලා’ කියලා, ලංකාවේ නළු නිළියො සෙට් එක කවදාවත් ඒක පිළිගන්නේ නැහැ. ඒ හින්දම අපි දැන් එයාලට දොස් කියන එකයි ඇඩ්වයිස් දෙන එකයි නතර කරන්නයි යන්නේ. පසුගිය දවස්වල අලුතෙන්ම දේශපාලන වේදිකාවට නැග්ගේ ශෂී විජේන්ද්‍රයි, චරිත් අබේසිංහයි. ශෂී විජේන්ද්‍ර කියන්නේ ඉතින් කොයි කවුරුත් වාගෙ මීට දශක ගණනකට කලින්, ඒ කියන්නේ 1985 අවුරුද්දේ ‘තේරී කසම්’ කියන හින්දි ෆිල්ම් එක කොපි කරලා ගහපු ‘ඔබට දිවුරා කියන්නම්’ ෆිල්ම් එකෙන් සිනමාවට ආපු නළුවෙක්. චිත්‍රපටය එක රැයින්ම ජනප්‍රිය වුණු නිසා ශෂී විජේන්ද්‍රත් තරමක කාලයක් යනතුරු ප්‍රේක්ෂක මතකය තුළ හිටියා. හිටපු ගමන් ඔහු වහං වෙලා යන්න ගියා. ආයෙම සෝෂල් මීඩියා හරහා එබිකම් කරන්න ගත්තේ අවුරුදු ගණනාවකට පස්සේ. ඒ ශෂී විජේන්ද්‍ර කියන නළුවා විදියට නෙවෙයි. පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච මොහොමඩ් හනීෆා විදියටයි. ඒ හින්දා අපි ඔහුව මේ ලියවිල්ලෙදිත් ශෂී විජේන්ද්‍ර කියන නළු නාමයෙන් නිදහස් කරවමු. මොහොමඩ් හනීෆා මහ මැතිවරණයට එන්නේ මාලිමාවෙන්. මාතලේ දිස්ත්‍රික්කය හරහායි.

චරිත් අබේසිංහ ගැන කියනවා නම් ඔහු අතිදක්ෂ රංගන ශිල්පියෙක්. සොඳුරු මෙහෙවරක නියැළෙන නිර්මාණකරුවෙක්. චරිත්ට මොහොමඩ් හනීෆාට වාගේ නම් පෙනුමෙහි හෙයියම්මාරුවක් වුණේ නැහැ. ‘මිණි ගං දෑල’ හරහා කදිම මතක සටහනක් වූ චරිත් අබේසිංහ මේ දවස්වල ‘මීමැස්සා’ ටෙලිය තුළින්ද රඟදක්වන්නේ දේශපාලන නායකයකුගේ චරිත නිරූපණයක්.

චරිත්ගෙයි හනීෆාගෙයි දේශපාලන ගමන සිද්ධ වුණේ එකටම වාගෙයි. ඒ වාගෙම මේ කලාකරුවන් දෙන්නාගේ දේශපාලන කලාවත් අපේ සමහර කලාකරුවන්ගේ දේශපාලනමය ස්වභාවයට වැඩිය සම්පූර්ණ වෙනස්. පැහැදිලිවම කියනවා නම් ඔවුන් කරන්නේ මහත්වරුන්ගේ දේශපාලනය කියලා කිව්වොත් ඒක තමයි හරි. වෙනත් පක්ෂවල ඉන්න ප්‍රතිවාදී කලා ශිල්පීන්ට මඩගහන කලාව ඔවුන්ගේ දේශපාලනය තුළ නැහැ. බොරු මවාපෑම් තමන්ව ප්‍රසිද්ධ කරගන්න කරන මගඩි වැඩ මේ මහත්වරු දෙන්නගේ දේශපාලනයේ නැහැ.

නිදසුනක් ඒ කතාවට අවශ්‍ය නම් ඒකට හොඳම සුදුස්සා ප්‍රවීණ සම්මානනීය කලා ශිල්පී උද්ධික ප්‍රේමරත්නය. පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කළ උද්දික 2020 අවුරුද්දෙදී ඡන්ද 133,550කින් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තු අසුනක් දිනාගත්තේය. එයට පසුව ඔහු දේශපාලනය සහ පාර්ලිමේන්තු තුළද අපූරුව රඟන්නට ගත්තේය. කොහොමත් දක්ෂ නළුවකු නිසා ඒ රංගනයන් ඔහුට අසීරු වූයේ නැත. කාලයක් ඔහු ‘බඩ ඉරිඟු’ ව්‍යාපෘතියක ගුණාත්මක බව සහ ප්‍රතිලාභය ගැන ඔදවඩමින් රැඟුවේය. පසුව තව තව රැඟුම් රැඟුවේය. අවසන් රංගනයට නම් ඔහුට ඔස්කාර් සම්මාන දෙන්නට තරම් අතිසාර්ථකව තිබිණි. මන්ද යත් තමන්ගේම නිවස අබියසදී හෙතෙම ජීවිතය බේරාගෙන තිබුණේ අනූනවයයි දශමයෙනි.
අන්තිමේදී මේ නළු දේශපාලනඥයා දේශපාලනයෙන් සමුගෙන පැදුරටත් නොකියා රට පැන්නේ තමන් විසින් තමාට එල්ල කොට සැලසුම් කළ වෙඩි තැබීමෙහි ප්‍රයෝගය රටට හෙළිවන විටය. කොහොම නමුත් උද්දික ලැජ්ජාව පැත්තකින් තැබූ අයකු ලෙස ලංකාවට ආයෙම ආවේය. අනේ කිසිවක් සිදු නොවූ ලෙස ඔහු වේදිකාවල රඟන අපූරුව පුදුමාකාරය.

දේශපාලනය හමුවේ ජෝකර්ලා වූ තවත් නළු නිළියන් පසුගියදා හැමෝටම විහිළුවක් මෙන්ම උපහාසයක් වූ ආකාරයද උද්දික ප්‍රේමරත්න වැන්නන්ගේ ලැජ්ජාසහගත නිදසුන් අතරට ගෙනහැර පාන්නට පුළුවන. ඒ එක් අයකු වන්නේ සම්මානනීය ප්‍රවීණ නිළි දමිතා අබේරත්නය. දමිතාගේ දේශපාලනයට ඉලක්ක නැත. ප්‍රතිපත්ති නැත. බොරු මවාපෑම් දර්ශනයන් මැද ඈ ලක් මාතාව ගැන මූණිච්චාවට දොඩන්නට ගිහින් කෑමොර දෙන්නට ගිහින් සමච්චලයට ලක්වූවාය. ‘ලක් අම්මා’ යන නාමයෙන්ද පිදුම් ලැබූවේ හෑල්ලුවටය.

ජනප්‍රිය නළුවා ලෙස සරසවිය සම්මානයෙන් කිහිප වතාවක්ම පිදුම් ලැබූ රන්ජන් රාමනායකද දේශපාලනමය වශයෙන් පසුගිය දවසක සිය ජීවිතයට කළු පැල්ලමක් එකතු කරගත්තේය. කාටත් ‘හොරා’ යනුවෙන් ඇඟිල්ල දිගුකළ ඔහු අන්තිමේදී තමාට මිනිසුන් ‘හොරා’ යැයි කියන තැනට පත්විය. සෝබනේට වාගේ හෙලිකොප්ටරයෙන් බැස එන රාජපක්ෂලාගේ සමහර ක්‍රමවේදයන් අනුගමනය කළේය. දමිතා සේම රන්ජන්ද සහෝදර කලා ශිල්පීන්ට මඩගැසීමද කලාවක් කරගත්තේය. සමාජ මාධ්‍යවල තම තමන්ව සමච්චලයට ලක්කර ගත්තෝය.

හනීෆාටයි චරිත්ටයි අපි කියන්නේ එහෙම වෙන්න එපාය කියලාය. කොහොමත් මේ කලා ශිල්පීන් දෙන්නා දේශපාලනය කරන කලාව අන් අයට වඩා වෙනස්ය. ඒ වෙනස හැමදාම තියාගන්න කියා මාතලෙන් මාලිමාවට ඉල්ලන ශෂී හෙවත් හනීෆාටත් සජබෙන් කොළඹට ඉල්ලන චරිත්ටත් අපි කියන්නෙමු. ඒ කාලේ අසූ ගණන්වල විජය කුමාරතුංගලා, ජෝතිපාලලාත් දේශපාලනය කළේ එහෙමය. ඒ දේශපාලන කලාව තුළ මගඩි වැඩ ඩබල් ගේම් හෝ මඩගැසීම් කවදාවත් තිබුණේ නැත. ප්‍රතිවාදී පිලේ හිටපු සහෝදර කලා ශිල්පීන්ට දොස් කිව්වේ නැත. දෙහි කැපුවේ නැත. චරිත් අබේසිංහ වගේම හනීෆාවූ නළු ශෂී විජේන්ද්‍රත් එහෙමය. නිහඬව තම දේශපාලන ගමන ආරම්භ කළහ. ප්‍රතිවාදී පිලේ ඉන්න සහෝදර කලා ශිල්පියාට ඒ දෙන්නාගෙන්ම හානියක් නැත. හැමදාමත් එය එලෙසම වේවා. ජය පරාජය හමුවේ පාර්ලිමේන්තු අසුනක් ලැබුණද නොලැබුණද උද්දික ප්‍රේමරත්නලා වාගේ මගඩි වැඩ නොකරන්නට ඒ මහත්මා දේශපාලනය ඔවුන්ගේ ලෙයින් හදවතින් බැහැර නොවේවා.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

මෙච්චර කල් සුරාබදු එක බුදියගෙන ඉඳලා! අරක්කු කොම්පැනි ආණ්ඩුවට බිලියන 8.5ක් පොලු තියලා! පොඩි මිනිස්සුන්ට හිටු කියලා බදු ගහනවා! කොම්පැනිකාරයෝ හිටු කියලා පොලු තියනවා! Sri Lanka Latest News

Next Post

ත්‍රිපෝෂ සමාගම විකුණන ගැසට් එකට අනුර අත්සන දාලා! මුදල් අමාත්‍යංශය එහෙම නෑ කියලා නිවේදන නිකුත් කරලා! ආණ්ඩුවේ නිල නිවේදනය ‘ඔව්’ කියපු ගැසට් එකද ‘නෑ’ කියපු මාධ්‍ය නිවේදනයද? ත්‍රිපෝෂ සමාගම විකිණීමේ ගැසට් එක ගැන ලොකු අවුලක්! දැන් ෆේස්බුක් බළකායයි-ගැලරි ටෝක් සෙට් එකයි උත්තර බැඳලා වැඩක් නෑ! පෙරටුගාමී පුබුදුගෙන් ආණ්ඩුව අමාරුවේ වැටෙන ප්‍රශ්න ගොඩක්! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.