ඉදිරි මහමැතිවරණයේදී වෙනත් දේශපාලන පක්ෂවලින් තරග කිරීමට සූදානමින් සිටින එජාප සාමාජිකත්වය ලබා සිටි සාමාජිකයන් සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බව දැනුම් දෙමින් පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.
ඒ අනුව සමගි ජන බලවේගයේ නායකත්වය උසුලන හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු එහි සාමාජිකත්වය ගත් සාමාජිකයන් 102කගේ පමණ එජාප සාමාජිකත්වය අත්හිටුවීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් දැනුම් දෙමින් කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනය මෙසේය.











