පසුගිය කාලසීමාව තුළ ජීවිතාරක්ෂාව සඳහා ලබාදී තිබූ සියලු ගිනි අවි සහ පතුරම් තාවකාලිකව රජයට භාරදිය යුතු බවට ආරක්ෂක අමාත්‍යාංශය ලබාදී තිබූ කාලසීමාව ලබන නොවැම්බර් මස 21 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
පසුගිය ඔක්තෝබර් 06 වැනිදා ඊට අදාළව සියලු ගිනි අවි සහ පතුරම් වැලිසර නාවික හමුදා පුපුරන ද්‍රව්‍ය ගබඩාවට භාරදිය යුතු බවට ලබාදී තිබූ අවසන් දිනය වූයේ පසුගිය 07 වැනිදාය.
එහෙත් දැනට විදේශගතව සිටින ගිවි අවි බලපත්‍රලාභීන් ඇතුළු විවිධ පාර්ශ්ව ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීම මත ඉහත සඳහන් පරිදි ගිනි අවි සහ පතුරම් භාරදිය යුතු දිනය ලබන මස 21 වැනිදා දක්වා දීර්ඝ කළ බවද ඔහු සඳහන් කළේය.
ඒ පිළිබඳ සියලු බලපත්‍රලාභීන්ට ලිඛිතව දැනුම් දීමට පියවර ගන්නා බවද ආරක්ෂක අමාත්‍යාංශය පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










