• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට එරෙහි හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩුව තීරණාත්මක තැනක! නිව්යෝක් ෆෙඩරල් අධිකරණයට බැංකුවෙන් ලියුමක්! ආණ්ඩුවත් වහාම පිළිතුරු ලියුමක් යවයි! තීන්දුව අවාසි වුණොත් ලංකාන ලොකු අවදානමක! Sri Lanka Latest News

November 3, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
හැමිල්ටන් රිසර්ව් බැංකුව ලංකාවට එරෙහිව නිව්යෝර්ක් අධිකරණයේ පැවරූ නඩුව දිනයි! බැඳුම්කර සල්ලි ගෙවන්න ලංකාවට නියෝග කරයි!
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව ඉදිරියේ පුපුරා යෑමට නියමිතව තිබෙන කාල බෝම්බයක් පිළිබඳවද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ හෙළිදරව්වක් කිරීමට අප සූදානම්ය. ඒ, ශ්‍රී ලංකාවෙන් බැඳුම්කර මිලදී ගත් ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව පිළිබඳවය. 2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්කිරීමත් සමග විදෙස් ණය හිමියන්ට ගෙවීමට ඇති සියලු ණය මුදල් ගෙවීම පැහැරහැරීමට ආණ්ඩුව කටයුතු කොට තිබිණි. එම තත්ත්වය හමුවේ මෙරට බැඳුම්කර මිලදී ගත් ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරමින් අදාළ මුදල් ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලීමක් කොට තිබිණි. මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යයක පළමුව කරුණු හෙළිදරව් කිරීමට කටයුතු කළේද ‘රාජ්‍ය රහස්’ තීරය විසිනි.Sri Lanka Latest News

එරටින් අපට ලැබෙන තොරතුරුවලින් නම් කියැවුණේ නඩුව අධිකරණය හමුවේ දිගහැරෙන ආකාරය දෙන බලන විට ශ්‍රී ලංකාවට එය ඉතා අවාසිසහගත තීන්දුවක් ලැබීමේ බොහෝ ඉඩකඩක් නිර්මාණය වෙමින් පවතිනවා යැයි කියාය. එවැනි පසුබිමක් යටතේ යම් හෙයකින් ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණය මගින් ලංකාවට අවාසිසහගත තීන්දුවක් ලබාදුනහොත් එතැන් සිට ඇමෙරිකානු රිසර්ව් බැංකුව වෙත ගෙවීමට ඇති ණය මුදල ගෙවීමට ලංකා ආණ්ඩුවට සිදුවනු ඇත.

එහි ඇති භයානකම තත්ත්වය වන්නේ මෙම නඩුවේ තීන්දුව පදනම් කොට ගෙන දැනට ගෙවීම් පැහැරහැර සිටින විදෙස් ණය හිමියන් 100කට අධික සංඛ්‍යාවක් මේ ආකාරයට තමන්ගේ ණය මුදලද පියවන ලෙස ඉල්ලා එරට අධිකරණය හමුවේ නඩු පැවරීමේ අවදානමක් තිබීමය. එසේ වුවහොත් දැඩි ඩොලර් හිඟයකට මුහුණපා සිටින ලංකා ආණ්ඩුවට සිදුවන්නේ අතිශය භයානක තත්ත්වයකට මුහුණ දීමටය.

මෙම නඩුව අධිකරණය හමුවේ දිගහැරෙන ආකාරය ලංකාවට අහිතකර නිසාම එවක පැවැති ආණ්ඩුව ඇමෙරිකානු රජය සමග සාකච්ඡා කොට ඔවුන්ගේද සහාය ඇතුව නඩුවේ තීන්දුව ලබාදීම කිසියම් කාලයකට කල්දමා ගැනීමට කටයුතු කළේය. නමුත් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන වෙනසත් සමග නැවතත් මෙම නඩුවේ තීන්දුව ලබාදීම ඉක්මන් වන ආකාරයක් දැකගන්නට පුළුවන.

ලියුම් හුවමාරුවක්

මේ බව තහවුරු වූයේ පසුගිය ඔක්තෝබර් පළමුවැනිදා හැමිල්ටන් රිසර්ව් බැංකුව මගින් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ ලිපියක් හේතුකොට ගෙනය. එම ලිපිය මගින් හැමිල්ටන් රිසර්ව් බැංකුව අධිකරණයට පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළියක් සිදුව ඇති බවත්, වම නියෝජනය කරන නායකයකු වන අනුර කුමාර දිසානායක මහතා බලයට පත්ව තිබීමත් නිසා ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන බවය. අනුරගේ ආණ්ඩුවත් පැවැති ආණ්ඩු විසින් ගෙන ආ ආර්ථික වැඩපිළිවෙළම ඉදිරියට ගෙන යයිද, අයි.එම්.එෆ්. ගිවිසුමෙන් ඉවත් වීමට කටයුතු කරයිද, විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ පිළිගනීද යනුවෙන් ගැටලුවක් මතුවන බවද හැමිල්ටන් රිසර්ව් බැංකුව පෙන්වා දී තිබේ.

මෙම ලිපිය පදනම් කොටගෙන අධිකරණය හමුවේ කරුණු දක්වා ඇති එම බැංකුව වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මේ වනවිට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවා ඇති පසුබිමෙක අනුරගේ පක්ෂයට බහුතරයක් හිමි නොවීමේ අවදානමක් මතුව ඇති බවත්, ශ්‍රී ලංකාවේ මූල්‍ය බලය පාර්ලිමේන්තුවට හිමිව ඇති බැවින් එවැනි තත්ත්වයක් යටතේ බහුතරයක් නොමැති ආණ්ඩුවක් පත්වුවහොත් ණය ගෙවීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් වනු ඇති බවත්, මේ හේතුව නිසා තවදුරටත් මෙම නඩුවේ තීන්දුව කල් නොදමා වහාම ප්‍රකාශයට පත්කළ යුතු බවත්ය.
මේ ආකාරයට හැමිල්ටන් රිසර්ව් බැංකුව ලිපියක් මාර්ගයෙන් ලංකාවේ තත්ත්වය පිළිබඳ ෆෙඩරල් අධිකරණයට කරුණු දැනුම් දී ඇති බව ආණ්ඩුවටද වාර්තා විය. ඒ අනුව ආණ්ඩුවද වහාම ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය. ඒ, ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන භාරව සිටින ක්ලිෆර්ඩ් ඇන්ඩ් චාන්ස් සමාගම හරහාය. ඒ අනුව, පසුගිය ඔක්තෝබර් 04 වැනි දින අදාළ සමාගම විසින් ලිපියක් මගින් ෆෙඩරල් අධිකරණයට දැනුම් දී ඇත්තේ ආණ්ඩුව වෙනස් වුවද ලංකාව මෙතෙක් පවත්වාගෙන ආ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීමකට ලක් නොවන බවකි. එහිදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ දැනුම් දීමක් කර ඇති අදාළ සමාගම ආණ්ඩු වෙනස් වුවත් මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම කිසිසේත් වෙනස් නොකරන බව අධිකරණයට දැනුම්දී තිබේ.

තත්ත්වය මෙසේ වුවත් යම් හෙයකින් හැමිල්ටන් රිසර්ව් බැංකු පැවරූ නඩුවේ තීන්දුව බැංකුවට වාසිසහගත ලෙස ප්‍රකාශයට පත්කිරීමට ෆෙඩරල් අධිකරණය කටයුතු කළහොත් ආණ්ඩුවට එම මුදල් නොගෙවා සිටිය නොහැකිය. එවැනි තත්ත්වයක් මතුවුවහොත් දැනට ණය නොගෙවා සිටින අනෙකුත් ණය හිමියන්ද ලංකා ආණ්ඩුවට එරෙහිව අදාළ නඩු තීන්දුව පදනම් කරගෙන අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරනු ඇත. එසේ වුවහොත් තත්ත්වය අතිශයින්ම අවදානම්සහගත වන බව අමුතුවෙන් කිවයුතු නැත.

එමෙන්ම ආණ්ඩුව වෙනුවෙන් ක්ලිෆර්ඩ් ඇන්ඩ් චාන්ස් යොමුකළ ලිපිය හරහා තවත් කරුණක් පැහැදිලිය. ඒ, රට වෙනස් කරන බවට, අයි.එම්.එෆ්. ගිවිසුමේ යම් යම් කරුණු වෙනස් කරන බවට ජනතාවට පොරොන්දු දී පැමිණි මාලිමා ආණ්ඩුවද මහින්දලා, රනිල්ලා, සජිත්ලා ගිය පාරේම ඉදිරියට යෑමට තවදුරටත් තීන්දු කර ඇති බවය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

113 ගන්න අමාරුයි! ආණ්ඩුවක් හදන විදිහ ගැන කතා කරන්න මාලිමා ප්‍රධානීන් කොළඹදී ලොකු සාකච්ඡාවක! හකීම්-දිගම්බරම්-ශ්‍රීධරන්-දේවානන්දා ගන්න සැලසුම්! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

දරුවන්ට පොත් ගන්න දීමනාවක් දෙන්න අනුර සැලසුම් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.