• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

2004 වයඹ.. 2024 ඇල්පිටිය.. කියන කතාව! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

November 2, 2024
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
මෙන්න රටට සුබ සංඥාවක්! ගිය සතියෙ සජිත් දුක් විඳින මිනිස්සු වෙනුවෙන් වගා සංග්‍රාමය පටන් ගන්න තීන්දු කළා! ඊයෙ අනුර ගම් මට්ටමින් ප්‍රජා ගොවිපොළවල් පටන් ගන්න තීන්දු කළා! ආණ්ඩුව පිස්සු කෙළිද්දි විපක්ෂය වැඩට බහී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජාතික මැතිවරණයක් වන ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් අවසන් වී මාසයක් ගතවෙද්දී පළාත් පාලන හෝ පළාත් සභා ඡන්දයක් පැවැත්වූවා නම් ඒ අවස්ථා දෙකකදී පමණි. එක් අවස්ථාවක් නම් මෙවර ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 21 පවත්වා ඔක්තෝබර් 26 පැවැත්වූ ඇල්පිටියේ පුංචි ඡන්දයය. ඊට පෙර මහ මැතිවරණය පවත්වා මාසයක් තුළ පළාත් සභා ඡන්දයක් පැවැත්වීය. ඒ, 2004 මහ මැතිවරණය අප්‍රේල් 02 පවත්වා වයඹ පළාත් සභා මැතිවරණය 2004 අප්‍රේල් 24 පැවැත්වීමය.Sri Lanka Latest News

2004 අප්‍රේල් 02 මහ මැතිවරණය පවත්වා අප්‍රේල් 24 වයඹ පළාත් සභා ඡන්දය පැවැත්වීමත් 2024 සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය පවත්වා ඔක්තෝබර් 26 ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමත් අතර සමානකමක් ඇත.

2004 අප්‍රේල් 02 මහ ඡන්දය පවත්වන විට රට පාලනය කළේ රනිල්ගේ යූ.ඇන්.පී. ආණ්ඩුවකි. රනිල්ගේ යූ.ඇන්.පී. ආණ්ඩුව පෙරළන්න ශ්‍රීලනිපය සහ ජවිපෙ සන්ධානගත වී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවා ගත්හ. 2004 මහ ඡන්දයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය රනිල්ගේ ආණ්ඩුව පෙරළීය.

2024 සැප්තැම්බර් ජනාධිපතිවරණය පවත්වන විට රට පාලනය කළේ රනිල්ගේ ආණ්ඩුවක්ය. රනිල් ජනාධිපති විය. ජවිපෙ රනිල්ගේ ජනාධිපති ධුරය දිනා රනිල්ගේ ආණ්ඩුවත් පෙරළීය.

2024 මහ මැතිවරණය ශ්‍රීලනිප-ජවිපෙ සන්ධානය දින්නේ 45.60%ක ප්‍රතිශතයකින්ය. රනිල්ගේ යූ.ඇන්.පී.ය පරාජය වූයේ 37.83%ක ප්‍රතිශතයකින්ය. කුරුණෑගල දිස්ත්‍රික්කය ශ්‍රීලනිප-ජවිපෙ සන්ධානය දින්නේ 51.9%ක ප්‍රතිශතයකින්ය. යූ.ඇන්.පී.ය පරාජයට පත්වූයේ 42.6%ක ප්‍රතිශතයකින්ය. පුත්තලම දිස්ත්‍රික්කය ශ්‍රීලනිප-ජවිපෙ සන්ධානය දින්නේ 49.3%ක ඡන්ද ප්‍රතිශතයකින්ය. රනිල්ගේ යූ.ඇන්.පී.ය පරාජය වූයේ 46.6%ක ප්‍රතිශතයකින්ය.

2004 අප්‍රේල් 24 පැවැති වයඹ පළාත් සභා ඡන්දයෙන් ශ්‍රීලනිප-ජවිපෙ සන්ධානය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 59.85%ක් ලබාගත්තේය. යූ.ඇන්.පී.යට හිමිවූයේ 35.69%කි. පුත්තලම දිස්ත්‍රික්කය ශ්‍රීලනිප-ජවිපෙ සන්ධානය අප්‍රේල් 24 වයඹ පළාත් සභා ඡන්දයේදී 57.10%ක් ලබාගත්තේය. යූ.ඇන්.පී.ය පුත්තලම දිස්ත්‍රික්කයෙන් ලබාගත්තේ 42.46%ක ඡන්ද ප්‍රතිශතයකි.

මේ ප්‍රතිඵලය විග්‍රහ කර බලන විට ශ්‍රීලනිප-ජවිපෙ සන්ධානය මහ මැතිවරණයට මුහුණ දී කුරුණෑගලින් ලබාගත් 51.09%ක ඡන්ද ප්‍රතිශතය මසක් තුළ පළාත් සභා ඡන්දයට මුහුණ දී 59.85%කට වැඩි කරගත්තේය. පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප-ජවිපෙ සන්ධානය මහ ඡන්දයෙන් ගත් 49.3%ක ඡන්ද ප්‍රතිශතය මසක් තුළ පැවැති පළාත් සභා ඡන්දයේදී 57.10%ක් දක්වා වැඩි කරගත්තේය.
මේක පුදුමයක් නොවේ. ලෝකෙම දේශපාලනයේ රැල්ල ගහන විදියට වෙන්න ඕනා ඕකය. දිනපු පැත්තට හෝයියා කියාගෙන ජාතික මැතිවරණයකදී දිනන පක්ෂයට ඊට මාසයක් තුළ පවත්වන පුංචි ඡන්දයේදී රැල්ලට ඡන්දය පාවිච්චි කරයි.

‘ඒ රැල්ල මෙවර ඇල්පිටියේ වෙනස් වූයේ කොහෙටද?’

ප්‍රශ්නය තියෙන්නේ එතැනය. 2024 ජනාධිපතිවරණයේදී ජවිපෙ ඇල්පිටියෙන් 49.37%ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තේය. මාසයකට පසු පැවැති පුංචි ඡන්දයෙන් ලබාගත්තේ 47.64%ක ඡන්ද ප්‍රතිශතයකි.

ඇත්තටම 2004 මහ ඡන්දයෙන් මසක් තුළ පැවැති වයඹ පළාත් සභා ඡන්දයේදී අද වගේ ආණ්ඩුව ශක්තිමත් වී විපක්ෂය දුර්වල වීමක් තිබුණේ නැත. මෙවර 2024 ජනාධිපතිවරණයෙන් පසුව වුණේ අනුර රටම අල්ලා ගත්තා වගේ පෙනී දේශපාලනයේ පතාක යෝධයන් අනුරගේ රැල්ලට බයේ මහ මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වීමය. රනිල්-මහින්ද ඉවත් වූහ. විමල් වීරවංශලා, චම්පික රණවකලා පවා බියවී ඉවත් වූහ. මෙවැනි වාතාවරණයක ජවිපෙ ඇල්පිටිය දිනන්න ඕනා 70% පන්නලාය. ඒත් එහෙම වුණේ නැත. ජාතික මැතිවරණයක් දිනා මසක් තුළ පවත්වන පුංචි ඡන්දයකදී දිනපු පක්ෂය පරදපු පක්ෂය කුඩුපට්ටම් කරන ජනප්‍රිය න්‍යාය මෙවර බොරු විය. ජවිපෙ ගත්ත ඡන්ද ප්‍රතිශතයත් අඩුකර ගත්තේය.

‘සමගි ජන බලවේගයට මොකද වුණේ?’

සාමාන්‍යයෙන් ජාතික මැතිවරණයකට පසුව පවත්වන පුංචි ඡන්දයකදී හෝ පළාත් සභා ඡන්දයකදී පරාජය වූ විපක්ෂය අන්ත පරාජයකට මුහුණ දීම ස්වභාවිකය. 2004 අප්‍රේල් මහ මැතිවරණයෙන් පරාජය වූ යූ.ඇන්.පී.ය 2004 අප්‍රේල් වයඹ පළාත් සභා ඡන්දයෙන් අන්ත පරාජයකට මුහුණ දුන්නේ එලෙසය.

හැබැයි 2019 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කොට තිබියදී පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයෙන් යූ.ඇන්.පී.යට කොට්ඨාස එකක්වත් දිනාගත නොහැකි විය. 2019 ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වන විට තිබුණේ යූ.ඇන්.පී. ආණ්ඩුවකි. රනිල් අගමැතිය. එතකොට සමගි ජන බලවේගයක් තිබුණේ නැත. රනිල් සහ සජිත් සිටියේ එකටය. ඒත් යූ.ඇන්.පී.යට කොට්ඨාස එකක්වත් දිනාගත නොහැකි විය. 2019 ජනාධිපතිවරණය දිනන්න යූ.ඇන්.පී.යට පුළුවන් කියන පදනම මත තිබ්බ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දෙන් යූ.ඇන්.පී.යට හිමිවූයේ සභිකයන් 7කි. 2024 ජනාධිපතිවරණය පරාජයට පත්වී සමගි ජන බලවේගයේම ප්‍රබලයන් අනුරගේ රැල්ලට බයේ මහ ඡන්දය ඉල්ලන්න බෑ කියද්දී නාමයෝජනා සම්බන්ධයෙන් පක්ෂය තුළ මතගැටුම් පුපුරද්දී යූ.ඇන්.පී.යෙන් වෙන්වී සමගි ජන බලවේගය සභිකයන් 6ක් දිනාගත්තේය. කොට්ඨාස 2ක් දිනාගත්තේය.

මෙයින් පේන්නේ රනිල් සහ යූ.ඇන්.පී.ය කොයි තරම් දත කෑවත් සමගි ජන බලවේගය අද ලංකාවේ තියෙන ප්‍රබලතම පක්ෂය බවය. ජවිපෙ-ජාතික ජන බලවේගය පක්ෂයක් නොවේ. ඒ, බලවේගයකි. 2024 ජනාධිපතිවරණයේදී ඒ බලවේගයට ඡන්දය දී ඇත්තේ පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ය. ඔවුන් ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන් නොවේ. ඔවුන් හෙට වෙනත් පක්ෂයකට හෝ නායකයකුට ඡන්දය දීමට ඇති ඉඩකඩ වැඩිය. ඒත් සමගි ජන බලවේගයේ ඉන්නේ යූ.ඇන්.පී. පාක්ෂිකයන්ය. ඔවුන් කලින් ඡන්දය දුන් ඔවුන්ගේ කලින් නායකයා රනිල් ජනාධිපති වුවත් ඔවුන් සමගි ජන බලවේගය හැර යන්නේ නැත. ඇල්පිටියේ ප්‍රතිඵලය කියන්නේ ඒ කතාවය. සමගි ජන බලවේගයේ සිටිනා මන්ත්‍රීවරු රනිල් හොඳයි කීවත් පක්ෂයේ වැරැදි එළිපිට කතා කළත් ඔවුන් පක්ෂය හැර යන්නේ නැත. හේතුව සමගි ජන බලවේගය ලංකාවේ දේශපාලනයේ ප්‍රබලතම පක්ෂයක් ලෙස මුල්බැසගෙන ඉවරය.

සමගි ජන බලවේගය හෙට කැඩෙයි, අනිද්දා කැඩෙයි, පක්ෂය දියවෙයි, පක්ෂය නැතිවෙයි කියා හිතන යූ.ඇන්.පී.යට ඇල්පිටියේ ජනතාව දී ඇත්තේ කදිම උත්තරයකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කඳුලු මැව්වේ කුමට කිව මැන ඇයි ගියේ හුස්මක් තබා?දරුවන්ට මාරයා එක්ක සෙල්ලම් කරන්න අම්මලා තාත්තලා ඉඩ දෙන්නේ ඇයි? Sri Lanka Latest News

Next Post

අම්පාරේ හිටපු ඇමැති දයාරත්න අවුරුදු 45ක් තිස්සේ ආණ්ඩුවේ නිලනිවාසය පාවිච්චි කරලා! 1989 ඉඳන් පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්වත් නෑ! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.