හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි භට පිරිස 60 දක්වා අඩු කර තිබෙන බව වාර්තා වේ. Sri Lanka Latest News
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මීට පෙර 175 ක පමණ ආරක්ෂක බල ඇණියක් යොදවා සිටි බව පැවසේ.
ඊට අමතරව, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දෙන වාහන සංඛ්‍යාවද කප්පාදු කර තිබෙන අතර, මෙතැන් සිට ඔහුට හිමිවන්නේ ජීප් රථ දෙකක්, යතුරු පැදි දෙකක් සහ එක් ත්‍රීරෝද රථයකි.
ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර සිටි හැට දෙනා හැර අනෙකුත් සියළු නිළධාරීන් නොවැම්බර් මස තුන්වනදාට පෙර විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යළි වාර්තා කළ යුතුය.
එමෙන්ම, අනෙකුත් සියළු වාහන ද තුන්වනදාට පෙර යළි භාර දිය යුතුය.










