• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් පරද්දන්න රනිල් කරපු සියලු කුමන්ත්‍රණ රනිල් ළඟම හිටපු වරුණ එළියට දායි! අජිත් මාන්නප්පෙරුම UNP එකට යන්නට හිටියේ! මම ඡන්දෙට කලින් ඔහුගේ ගෙදරටම ගිහින් ඇහුවාම ඔව් මම එනවා කියලා එයා මට කිව්වා! රනිල් දැනගෙන හිටියා අනුර කුමාර දිනනවා කියලා! ඔහු ඒකට ඉඩ දුන්නා! ගම්පහ සජබය හරියට සංවිධාන වැඩ කළේ නෑ! ඒ නිසා සජබෙ හුඟක් අය යන්න තැනක් නැතුව මාලිමාවට එකතු වුණා! සජබෙන් කට්ටිය එකතු කරගන්න බැරි වුණොත් තමන් පරදිනවා කියලා රනිල් දැනගෙන හිටියා! Sri Lanka Latest News

October 26, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ ගම්පහ ආසනයේ සංවිධායක ලෙස කටයුතු කළ අජිත් මාන්නප්පෙරුම මහතාව එම තනතුරෙන් ඉවත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට සති කිහිපයකට ඉහතදී කටයුතු කළා. ඒ, පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු නොකිරීම සහ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කටයුතු කිරීම යන චෝදනා කිහිපයක් හේතුකොට ගෙනයි. මාන්නප්පෙරුම මහතා ඉවත් කිරීමෙන් අනතුරුව ගම්පහ ආසනයේ සංවිධායක ධුරයට පත්කරනු ලබන්නේ වරුණ රාජපක්ෂ මහතාවයි. පහත පළවන්නේ වරුණ රාජපක්ෂ මහතා සමග මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පසුගියදා සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි. (Sri Lanka Latest News)

සමගි ජන බලවේගයේ ගම්පහ ආසනයේ සංවිධායක වෙලා හිටපු අජිත් මාන්නප්පෙරුමව ඉවත් කරලා ඔහු වෙනුවට පත්කරන්නේ වරුණ රාජපක්ෂ කියන ඔබව. ඔබව පත්කරන්න තියෙන හේතුව මොකක්ද? ඔබ දේශපාලනයට එන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන්. ඊට පස්සේ ඔබ පෙරටුගාමීන්ට යනවා. ඊට පස්සේ ඔබ රනිල් වික්‍රමසිංහ ළඟට යනවා. රනිල් පැරැදුණාට පස්සේ ඔබ සමගි ජන බලවේගයට යනවා. ආපු ගමන් ගම්පහ ආසනය දෙනවා. මොකක්ද හේතුව?

මම සමගි ජන බලවේගයට සම්බන්ධ වුණේ ජනාධිපතිවරණයෙන් පස්සේ. මම ඒ වෙනතුරු හිටියේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයේ. මම සමගි ජන බලවේගයට එකතු වුණේ ගම්පහ ආසනය භාරගන්නවා කියලා හෝ මැතිවරණයට තරග කරනවා කියන අදහසින් හෝ නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහත්මයා මුණගැහිලා සාකච්ඡා කළා.

ඒ, ඔබ යූ.ඇන්.පී. එකේ ඉන්න අතරෙද?

මැතිවරණයෙන් පස්සේ. යූ.ඇන්.පී. එකේ ඉන්න අතරේ.

කවුරු හරි කිව්වද ඔබට සජිත්ව මුණගැහෙන්න කියලා?

ඒක මම පෞද්ගලිකව ගත්ත තීරණයක්. එතුමා කිව්වා ඒ වෙනකොටත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා රුවන් විජයවර්ධන සහ විපක්ෂයේ තවත් අයත් එක්ක කියලා. නමුත් ඊට පස්සේ ඒක සාර්ථක වෙන්නේ නැහැ කියලා මට අවබෝධ වුණා. මොකද එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ලැබුණු තොරතුරුත් එක්ක. ඒ අනුව මම සජිත් ප්‍රේමදාස මහත්තයට කිව්වා සමගි ජන බලවේගය තමයි වැඩිම පිරිසක් විශ්වාසය තියලා තියෙන කඳවුර. ඒ කඳවුරත් එක්ක මම දේශපාලනය කරනවා කියලා. ඊට පස්සේ මම සහ මහේෂ් සේනානායක පක්ෂයේ සාමාජිකත්වය ගත්තා. ඉන් පස්සේ තමයි මට ආරාධනා කළේ සජිත් ප්‍රේමදාස මහත්තයා ගම්පහෙන් මහ මැතිවරණයට තරග කරන්න කියලා. ඔහු සඳහන් කළා සමගි ජන බලවේගයේ තරග කරන්න විශාල පිරිසක් ඉල්ලීම් කරලා තියෙනවා, නමුත් අපිට අවශ්‍යයි අලුත්, තරුණ, දක්ෂ පිරිසක් මේ ලැයිස්තුවට එකතු කරගන්න කියලා.

ඔබට ගම්පහ ආසනය දෙනකොට ඒ ගම්පහ ආසනය අයිති වෙලා තිබුණේ අජිත් මාන්නප්පෙරුමට?

ඔව්. නමුත් මට ආරාධනා කළේ මැතිවරණයට තරග කරන්න. මට ආසනයක් දීලා තිබුණේ නෑ. මම ආසනයක් ඉල්ලුවෙත් නෑ.

ඔබට ගම්පහ ආසනය දෙන එක කලින් සැලසුම් කළ එකක් නෙවෙයිද?

කිසිසේත්ම නැහැ. මම ඉල්ලුවෙත් නැහැ. මම මැතිවරණයට නාමයෝජනා අස්සන් කළාට පස්සේ මට සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා ගම්පහ ආසනයේ ප්‍රශ්නයක් තියෙනවා, ගම්පහ ආසනය දුර්වල වෙලා තියෙනවා, ඒ නිසා අපි ගම්පහ ආසනය වෙනස් කරලා ඔයාට ලබාදෙන්න තීරණය කළා, ඔයාට ගම්පහ ආසනය භාරගන්න පුළුවන්ද කියලා. මම කිව්වා ගම්පහ ආසනය භාරගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නෑ, ගම්පහ ආසනය මට නොලැබුණත් මම මැතිවරණයට තරග කරන්නම් කියලා. ඒ අනුව ඔහු මට ඒ වගකීම භාරදුන්නා. මම ඒක භාරගත්තා.

ඊට කලින් ඔබ අජිත් මාන්නප්පෙරුම මුණගැහිලා තියෙනවද?

ඔව්. මගේ ඉතා හොඳ මිත්‍රයෙක්.

ඔබ යූ.ඇන්.පී. එකේ ඉන්න අතරේ අවසාන කාලයේ ඔහු සමග ගනුදෙනු කරලා තියෙනවද?

ඔව්. මම එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසනයේ සංවිධාන කරන්නේ 2020 ඉඳන්. මේ ජනාධිපතිවරණය ආරම්භ වෙනකොට පෞද්ගලිකව මට අදහසක් තිබුණා මේ මැතිවරණය රනිල් වික්‍රමසිංහ මහත්තයා පරාජය වෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් අපි කැම්පේන් කමිටුව එකතු වෙච්ච අවස්ථාවලදී මම රනිල් වික්‍රමසිංහ මහත්තයට ඒක පැහැදිලි කරලා තිබුණා. ඒ වෙලාවේ ඔහුගේ පැත්තෙන් යම් පැහැදිලි කිරීමක් කළා. ඔහු විශ්වාස කළා ඔහුට උතුරේ සහ දෙමළ ජනතාවගේ බහුතර ඡන්ද ලැබේවි කියලා. ඒ නිසා දකුණෙන් 30%ක ඡන්ද ප්‍රමාණයක් ඔහුට ලැබුණොත් ජයගන්න පුළුවන් කියන මතයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියේ.

ඔබ විතරද රනිල් පරදිනවා කියන මතයේ හිටියේ?

ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය පටන්ගත්තම කැම්පේන් කමිටු ගොඩක් තිබුණා. මැතිවරණය පටන්ගන්න කලින් සාමාන්‍ය ජනාධිපති මාධ්‍ය ඒකකය විදියට අපි මුණගැහෙනවා. අපි කීප දෙනෙක් ජනාධිපතිතුමාව සතියට දවසක් හෝ දෙකක් හමුවෙනවා. ඒ මුණගැසුණු අවස්ථාවකදී මම එහෙම කිව්වා. සාමාන්‍යයෙන් දිනුවත්, පැරැදුණත් මම ඉන්න කඳවුර වෙනුවෙන් පෙනී ඉන්නවා. මම විශ්වාස කරනවා සටනක් අතරතුර දාලා යන එක සදාචාරාත්මක නැහැ කියලා. ඒ නිසා නැවත අවස්ථා කිහිපයකදීම මම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා මැතිවරණයේ තත්ත්වය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මාලිමාව ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙනවා කියන එක ගැන මම අවස්ථා කීපයකදීම පැහැදිලි කළා. එක වෙලාවකදී අපිට තේරුණා ජයග්‍රහණය කරන්න නම් එක්කෝ සමගි ජන බලවේගය සහ අපි එකතු වෙන්න ඕනේ කියලා. හැබැයි අපි දන්නවා ඒ වෙලාවේ එහෙම පසුබිමක් තිබුණේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පැත්තෙනුත්, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පැත්තෙනුන් ඒකට කැමැත්තක් තිබුණේ නෑ. සාමාන්‍යයෙන් දේශපාලනයේ හරි වුණත් වැරැදි වුණත් කරන දේ තමයි අනිත් කඳවුරේ කට්ටිය මේ පැත්තට එකතු කරගන්න එක. ඒ අනුව යම් අදහසක් තිබුණා අජිත් මාන්නප්පෙරුම, තලතා අතුකෝරල සහ තවත් කණ්ඩායමක් එන්න ඉන්නවා කියලා. එතකොට මේ එන්න ඉන්නවා කියන කණ්ඩායමේ කවුරු හරි මුලින්ම එන්න ඕනනේ පටන්ගැන්මක් විදියට. ඒකෙදී වැඩිපුරම සංවාදයට ලක්වුණු නම තමයි අජිත් මාන්නප්පෙරුම. මම ඇහුවා ඔහු එන එකට බාධාවක් වෙලා තියෙන්නේ ගම්පහ ආසනයේ ඉන්න මම නම්, මම ඒක ඔහුත් එක්ක පුද්ගලිකව කතාකරලා විසඳන්නම් කියලා.

ඔහු කියලා තියෙනවද මට ප්‍රශ්නේ තියෙන්නේ වරුණත් එක්ක කියලා?

නැහැ එහෙම කියලා නැහැ. ඔහු සමගි ජන බලවේගයේ ඉඳන් එක්සත් ජාතික පක්ෂයට එනවා නම්, ඔහු එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසනයේ කලින් හිටපු සංවිධායකනේ. මම ඔහුව මුණගැහිලා ඇහුවා ඔබතුමා අපිත් එක්ක සම්බන්ධ වෙනවද කියලා.

ඒ වෙනකොට යූ.ඇන්.පී. එකෙන් කවුද අජිත් එක්ක ඩීල් එක කතාකරලා තිබුණේ?

මම දන්නේ නෑ කවුද කියලා. ජනාධිපතිතුමාගේ පැත්තෙන් සාකච්ඡා කරලා තිබුණා මම හිතන විදියට. රුවන් විජයවර්ධන සහ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් එක්කත් සාකච්ඡාවක් යනවා කියලා තිබුණා. මම රුවන් විජයවර්ධනගෙන් විමසීමක් කළාම රුවන් කිව්වා අජිත් කියලා තියෙනවා, එයාට පොඩි පොඩි ප්‍රශ්න කීපයකුත් තියෙනවා මම දන්නේ නෑ කියලා. මම හිතුවා මම මේකට බාධකයක් වෙන්න ඕනේ නෑ කියලා. මම සාමාන්‍යයෙන් පක්ෂ වෙනුවෙන් ඒ විදියේ කැපකිරීම් කරනවා. මම ඒ නිසා ගිහින් අජිත්ගේ ගෙදරට ගිහින් ඔහුගෙන් ඇහුවා.

ඔබ තනියෙන්ද ගියේ?

මම සහ අපේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාත් එක්ක ගියේ. ගිහින් මම අජිත්ගෙන් ඇහුවා ඔබ එනවද කියලා. ඔහු කිව්වා ඔව් වරුණ මට එන්න ඕනේකම තියෙනවා කියලා. ඔහු එහිදී පැහැදිලි කිරීමකුත් කළා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි මාව දේශපාලනයට ගෙනාවේ, මට එන්න වුවමනාවකුත් තියෙනවා කියලා. එතුමා මට ආරාධනාවකුත් කළා කියලා. අජිත් මගෙන් ඇහුවා මම ආවොත් ඔයාට මොකක්ද කරන්න පුළුවන් කියලා. මම කිව්වා ගම්පහ ආසනය ඔයාට භාරදෙන්නම් කියලා. ඔහු කිව්වා ‘ආසනය නෙවෙයි වරුණ, මා එක්ක හිටපු පිරිස තමයි දැන් ඔයා එක්ක ඉන්නේ. ඒගොල්ලෝ මාත් එක්ක ප්‍රතිවිරෝධයක් තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ මාත් එක්ක වැඩ කරයිද?’ කියලා. මම කිව්වා මට සහතිකයක් දෙන්න බෑ ඒගොල්ලෝ ඔයා එක්ක වැඩකරයිද කියලා. හැබැයි මම බලමණ්ඩලය කැඳවලා ඔබට මේක භාරදෙන්නම් කියලා. ඔහු ‘හා’ කිව්වා. එතැනින් පස්සේ ඔහු ආවේ නැත්තේ ඇයි කියන එක ගැන මට අදහසක් නෑ. මට පෞද්ගලිකව අත්දැකීමක් තිබුණා ගම්පහ ආසනයේ සමගි ජන බලවේගය ක්‍රියාකාරීව වැඩ කළේ නෑ කියලා. සමගි ජන බලවේගය ක්‍රියාකාරීව වැඩ නොකරනකොට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක හැටියට සාමාන්‍යයෙන් වෙන්න ඕනේ මම ඒ ගැන සතුටු වෙන එකනේ. හැබැයි මම එක වෙලාවකදී නිරීක්ෂණය කරනවා ගම්පහ සමගි ජන බලවේගයත් එක්ක හිටපු විශාල පිරිසක් මාලිමාවත් එක්ක එකතු වෙමින් තිබෙනවා. එතකොට මම ඒ අයත් එක්ක සාකච්ඡා කළා. මොකක්ද මේකට හේතුව කියලා. මොකද ඒ හැමෝම අපි දන්න මිනිස්සුනේ. ඒගොල්ලන්ට තිබුණු ප්‍රශ්නය තමයි ඒගොල්ලෝ කාලයක් තිස්සේ රජයට විරුද්ධව, විපක්ෂයේ ඉඳන් දේශපාලනය කළේ. අවුරුදු 10ක් 15ක් තිස්සේ. එතකොට ඒගොල්ලෝ හිතනවා දැන් ගම්පහ ආසනයේ ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා ඉන්නේ ගෑස් සිලින්ඩරේ එක්ක සහ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක කියලා. එක්සත් ජාතික පක්ෂය කිව්වට ඒගොල්ලෝ තමයි ප්‍රධාන නායකයෝ විදියට ඉන්නේ. ඒගොල්ලෝ අහනවා අපි කොහොමද නිමල් ලංසා ළඟට එන්නේ, අපි කොහොමද ප්‍රසන්න රණතුංග ළඟට එන්නේ කියලා. ඊට වඩා අපිට ලේසියි මාලිමාව එක්ක සම්බන්ධ වෙන එක කියලා. මොකද ඒ අය හිටියේ ආණ්ඩුව විවේචනය කරන මතවාදයකනේ. ඒ නිසා අජිත් මාන්නප්පෙරුම මහත්තයට මමත් එක වෙලාවක කතා කරලා කිව්වා මේ විදියේ ප්‍රවණතාවක් තියෙනවා, එක්කෝ ඔයා මේ පැත්තට වැඩ කරන්න, නැත්නම් අනිත් පැත්තට වැඩ කරන්න කියලා.

ඔබ ගම්පහ ආසනය අජිත් මාන්නප්පෙරුමට දෙන්නම් කියලත්, ඔහු එජාපයට එන එක නතර වුණේ ඇයි?

ඒක මම දන්නේ නෑ. මම ඔහු එක්ක සාකච්ඡා කරද්දී ඔහු දිගින් දිගටම විමසා සිටියේ කවුරු ජයග්‍රහණය කරයිද කියන එකයි. ඔහු මගෙන් විමසීමක් කළා රනිල් වික්‍රමසිංහ දිනයිද කියලා. මම ඇත්ත තත්ත්වය කිව්වා. ඒ වෙලාවේ දිනන්න අමාරු තත්ත්වයක්නේ පේන්න තිබුණේ. මම විවෘතව ඒක ඔහුට කිව්වා. අමාරු තත්ත්වයක් තියෙන්නේ, සමහර විට ඕගොල්ලෝ ආවෙත් මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් පරදින්නත් පුළුවන් කියලා.

අජිත් මාන්නප්පෙරුම ගන්න ඩීල් එකේ විතරද ඔබ හිටියේ?

මම ඩීල් එකක් නෙවෙයි කළේ. මගේ ආසනයේ දෙයක් නිසයි මම ගිහින් ඔහු එක්ක කතා කළේ.

රනිල් වික්‍රමසිංහ මේ කැම්පේන් එකට ආවේ දිනන්නමද?

ඔහුට ඉතාම හොඳට ගණන් පුළුවන්. ගණන් කියලා මම කියන්නේ අංක ගණිතය නෙවෙයි. දේශපාලන ගණන් හැදීම ඉතාම හොඳින් ඔහුට කරන්න පුළුවන්. ඒ නිසා මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඔහුට මේ ගණන හදාගන්න පුළුවන් කියලා. ගාලුමුවදොර අරගලයට මාස කීපයකට කලින් මට ඔහු මුණගැහෙනවා. ඒ වෙලාවේ ඔහු මට කියනවා අපි දැන් වැඩ පටන්ගන්න ඕනේ ගෙදරට වෙලා ඉන්න එපා, කොළඹ ඇවිල්ලා වැඩ පටන්ගන්න, අපි තව මාස කීපෙකින් ආණ්ඩුව ගන්නවා කියලා. එතකොට අරගලයක් ගැන කතාවක්වත් මතුවෙලා තිබුණේ නෑ. ඔහුට ගණන් හැදීමක් තිබුණා. කවුරු හරි කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මේක කලින්ම දැනගෙන ඉඳලා තියෙනවා, මේක ඩීල් එකක් කියලා. මම එහෙම හිතන්නේ නැහැ. මම හිතන්නේ ඔහුට ගණන් හැදීමක් තිබුණා ලංකාවේ ආර්ථිකය තිබුණු තත්ත්වය ගැන. ඒ අනුව මේ වගේ දේශපාලන අර්බුදයක් එනවා කියලා සහ ඒ අර්බුදය ආවාම ඔහුට මැදිහත් වෙන්න වෙනවා කියලා ඔහුට අදහසක් තිබුණා. එහෙම ගණනය කිරීමක් කරගන්න පුළුවන් කෙනෙක්ට තමන්ගේ මැතිවරණයක් ජයග්‍රහණය කරනවද නැද්ද කියන එක තීරණය කරගන්න බැරිවෙන්න විදියක් නැහැ.

රනිල් වික්‍රමසිංහ ඔබට කිව්වනේ දැන් වැඩ පටන්ගන්න ඕනේ, ගෙදරට වෙලා ඉඳලා බෑ කියලා. ඒ අරගලයට කොච්චර විතර කාලෙකට කලින්ද?

මාස දෙක තුනකට කලින්.

ඒ වෙනකොට රටේ ආර්ථික අර්බුදයක් තිබුණද?

නැහැ. පෝලිම් ඇතිවෙලා තිබුණෙත් නෑ. නමුත් විදේශ සංචිත අඩුවෙමින් ගියා. රට බංකොලොත් කියලා ප්‍රකාශ කරලා තිබුණෙත් නෑ ඒ වෙනකොට. රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළානේ අයි.එම්.එෆ්. එකට යන්නෙ නැත්නම් රට වැටෙනවා කියලා. ඔහු ඒ අනතුරු ඇඟවීම කරලා තිබුණා.

රට කඩන්වැටෙනවා කියන එක ඇතුළ ගැන දන්න ඕනෙ කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි සජිත් ප්‍රේමදාස හරි ෆොන්සේකා හරි මේ චාන්ස් එක ගත්තා නම් ඒක රනිල්ට එන්නේ නෑනේ. කොහොමද ඔහු මේක දන්නේ?

මම හිතන්නේ නෑ ගෝල්ෆේස් අරගලයක් එනවා, ඊට පස්සේ මම ආණ්ඩුව ගන්නවා කියලා ඔහු හරියටම දැනගෙන හිටියා කියලා. නමුත් ඔහුට යම් අවබෝධයක් තිබුණා ආණ්ඩුව අර්බුදයට යනවා කියලා.

එහෙනම් ඔහු ජනාධිපතිවරණයෙන් පරදින බව දැනගෙනම කැම්පේන් එකට ආවේ ඇයි?

ඒක තමයි මට තියෙන දේශපාලන ගැටලුව සහ විවේචනය තියෙන්නේ. ඒක ටිකක් සංකීර්ණ කාරණාවක්. අපේ දේශපාලන සාකච්ඡාවක් අතරතුරදී රනිල් වික්‍රමසිංහ මහතා අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් යම් සඳහනක් කළා. ඒ වෙද්දී ඔහු ජනාධිපති හෝ අගමැති වෙලා හිටියේ නෑ. එහිදී ඔහු කියනවා ලංකාවේ හැමදාම දකුණට වගේම වමටත් ස්පේස් එකක් තිබ්බා කියලා. මට පේනවා අනුර ඒ වමේ ස්පේස් එක අරගන්න තරම් පරිණත වෙලා කියලා ඔහු කිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයට එහෙම විශ්වාසයක් තිබුණා. මම ඒ ගැන ෆේස්බුක් සටහනකුත් තිබ්බා මීට මාස හත අටකට කලින්. මම ඒ සටහන තිබ්බේ ‘ඒ ආදරයට නම් ඇස්වහක් වදින්න එපා’ කියලා. මම උදාහරණයට ගත්තේ එන්.එම්. පෙරේරාට ජේ.ආර්. ජයවර්ධනගේ කොයි තරම් හිතවත්කමක් තිබුණද කියන එක. එක ජනාධිපතිවරණයක් ඉවර වෙලා උදේ ප්‍රතිඵල අහන්න ජයවර්ධන මහත්තයා උඩ තට්ටුවෙන් පහළට බැහැලා ඇවිල්ලා ඉස්සෙල්ලම අහලා තියෙන්නේ එයාට මොකද වුණේ කියලා නෙවෙයි, එන්.එම්.ට මොකද වුණේ කියලා. ඒක ජනප්‍රවාදයක්. මම හිතනවා ඒක ඇත්තක් කියලා. එවැනි හිතවත්කමක් තිබුණා රනිල් සහ අනුර අතර. එක්තරා විදියකට ඔහු දේශපාලනික විදියට විශ්වාස කළා අනුර කියන්නේ වම සිස්ටම් එක අවුල් නොකර කරගෙන යන්න පුළුවන් කෙනෙක් කියලා. ඒ කියන්නේ විජේවීර වගේ වමක් නෙවෙයි කියලා. කුමාර් ගුණරත්නම් වගේ වමක් නෙවෙයි දැන් තියෙන උදාහරණයකින් කිව්වොත්. මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා අනුර කුමාර ජයග්‍රහණය කරනවා කියලා දැනගෙන හිටියා, ඔහු ඊට ඉඩ දුන්නා කියලා.

ජයග්‍රහණය ගැන දැනගෙන ඉන්නවා කියන එක වෙනම කතාවක්. ඉඩ දුන්නා කියන්නේ?

අපි ගණන් හදපුවාම මේ ප්‍රතිඵලයෙන් අපිට පේනවා 42%ක් තමයි අනුර කුමාර අරගෙන තියෙන්නේ. 58%ක් තියෙනවා අනිත් පැත්තට. මේ 58% ගන්න පාර්ශ්වයට පහසුවෙන්ම දිනන්න පුළුවන්නේ. මේ පාර්ශ්වය වෙනුවෙන් සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වෙන්නේ දෙන්නයිනේ ඉදිරිපත් වෙන්නේ. නමුත් මේ පාර තුන්දෙනෙක් ඉදිරිපත් වෙනවා. එතකොට කාටවත් බහුතරයක් ලැබෙන්නේ නෑ කියලා. අපි හිතමු වෙන්න තිබුණු පහසුම දේ තමයි දොගොල්ලගෙන් එක පාර්ශ්වයක් ඉවත් වෙලා, දෙගොල්ලක් ඉල්ලන එක. ඒකට තර්ක ගේන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටපු ජානධිපති නිසා ඔහුට නැවත වතාවක් දෙන්න ඕනේ කියලා. ආයේ ඕනේ නම් කියන්න පුළුවන් ඔහු එක අවස්ථාවක් ගත්ත නිසා අනෙක් අයට අවස්ථාවක් දෙන්න පුළුවන් කියලා. විවිධ විදියට තර්ක කරන්න පුළුවන්. නමුත් මොකක් හරි හේතුවක් නිසා එකට එකතු වෙලා ඉල්ලන්න බෑ කියලා අපි හිතමුකෝ. රනිල් වික්‍රමසිංහ මහත්තයා නියෝජනය කරන දේශපාලන කඳවුරේ ප්‍රතිපත්තිය සහ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය අතර විශාල වෙනසක් නෑනේ. එකම කඳවුරක්. මේ කඳවුර වෙනුවෙන් අඩුම ගානේ දෙවැනි මනාපය පළකරන්න යම් දේශපාලන තීරණයක් ගන්න තිබුණා.

ඒ කියන්නේ රනිල්ට කියන්න තිබුණා දෙවැනි මනාපය සජිත්ට දෙන්න කියලා?

ඔව්. දෙන්න කියන්න තිබුණනේ.

ඒ වුණාට සජිත්ලගේ පැත්තෙන් කිව්වනේ අපිට දෙවැනි මනාපයක් ඕනෙත් නෑ කියලා?

කැම්පේන් එකකදී අපිට තේරෙනවා. පළමු මොහොතේදී කණ්ඩායම් තුනක් හිටියනේ. එතකොට පළමු එක දෙවැනි එක්කෙනා, තුන්වැනි එක්කෙනා ඉන්නවා. දෙවැනි එක්කෙනාට හැම වෙලාවෙම සම්භාවිතාවක් තියෙනවා පළමු එක්කෙනා පරාජය කරන්න. එතකොට දෙවැනි එක්කෙනාම හැම වෙලාවෙම ට්‍රයි කරන්නේ පළමුවැනියා වීම සඳහා. තුන්වැනියා තමයි තරගයෙන් ඉවත් වෙන්නේ. ලක්ෂ 47යි ලක්ෂ 20යි කියන්නේ විශාල පරතරයක්නේ. මම කියන්නේ ඒක දැනෙන වෙනසක්. අපිටත් දැනුණු ඒ වෙනස රනිල් වික්‍රමසිංහ මහත්තයට නොදැනී ඉන්න විදියක් නෑ. මොකද ඔහු අවසාන මොහොතෙත් අපිට කිව්වා උතුරේ ඡන්දත් ඔහුට ලැබෙනවා කියලා.

ඔබ කියන්න හදන්නේ රනිල් ආවෙම සජිත්ව පරද්දන්න කියන අදහසද?

මට එහෙම කියන්න බෑ.

එහෙනම් රනිල් ඇයි අන්තිම මොහොත වෙනකල් හිටියේ තමන් ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා කියන්න?

ඔහු යම් ගණනය කිරීමක ඉන්න ඇති. මම නොදන්න සාධක තියෙන්නත් පුළුවන් නේ. ඔහු සමහර විට විශ්වාස කරන්න ඇති සමගි ජන බලවේගයෙන් විශාල පිරිසක් ඔහුට සම්බන්ධ වෙයි කියලා. මොකද එහෙම අදහස් ඉදිරිපත් වෙලා තිබුණා කට්ටියක් එනවා කියලා. ඔහු විශ්වාස කරන්න ඇති සමහර විට උතුරේ දෙමළ ජනතාවගේ ඡන්ද ටික එයාට ලැබේවි කියලා. ඒ ඩීල් කීපයක් ගැන ඔහු විශ්වාස කරන්න ඇති. ඒවා අසාර්ථක වෙනවා කියලා ටික දවසකින් තේරෙනවනේ.

රනිල් මේ පැත්තෙන් රාජිත ගත්තා, තලතා ගත්තා. සජිතුත් පොහොට්ටුවේ කීපදෙනෙක්ව ගත්තා. අන්තිමට දෙන්නම පරාදයිනේ?

පෞද්ගලිකව මම ප්‍රකාශ කළා පුද්ගලයෝ හුවමාරු කරගන්න එක මගින් ඡන්ද එකතු කරන දේශපාලන සම්ප්‍රදාය ලංකාවේ තවදුරටත් වලංගු නෑ කියලා.

ඔබ කියන්න උත්සාහ කරන්නේ රනිල් වික්‍රමසිංහට තියෙන දේශපාලන කියවීම සජිත්ට නෑ කියලද?

නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයා නෙවෙයිනේ පුද්ගලයෝ එකතු කිරීම හරහා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා විශ්වාස කළේ, රනිල් වික්‍රමසිංහ මහත්තයානේ. ඔහු තමයි හිතාගෙන හිටියේ සමගි ජන බලවේගයේ කණ්ඩායමක් ගත්තොත් දිනන්න පුළුවන් වෙයි කියලා. නමුත් අරයා ආවා, මෙයා ආවා කියලා ඡන්ද වෙනස් වෙන්නේ නෑ. මිනිස්සු ඡන්දේ දෙන්නේ යම් දේශපාලන මතවාදයකට. අනුර කුමාර දිසානායකලා ඉදිරිපත් කරපු දේශපාලන මතයක් තිබුණා. ඒක විශ්වාස කරලා දීපු ඡන්ද ප්‍රමාණයක් තිබුණා. ඒක හරිද වැරැදිද කියලා මිනිස්සු අත්දැකීමෙන් පස්සේ තේරුම් ගනීවි. ඒ වගේම අනිත් පැත්තෙන් ඒකට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායම දෙන්නෙක්ව විශ්වාස කළා. සමහරු විශ්වාස කළා රනිල් වික්‍රමසිංහ මහත්තයව. බහුතරයක් අය විශ්වාස කළා සජිත් ප්‍රේමදාස මහත්තයව. වමේ කඳවුරේ කලින් නියෝජනය අනුරනේ. නමුත් ඒකට ප්‍රතිවිරුද්ධ දකුණේ සහ මධ්‍ය දක්ෂිණාංශික කණ්ඩායම්වල කඳවුරේ කලින් නියෝජනයක් හදාගන්න බැරිව ගියා.

ඔබ කියන්නේ රනිල් මේ කැම්පේන් එකට ආවෙම අනුරව දිනවන්න කියන එකද?

රනිල් ආවෙම ඒ වෙනුවෙන් කියන එක මට කියන්න බෑ. මම ඒකයි කලින් කිව්වේ රනිල්ට ගණන් හැදීම් තිබුණා කියලා වෙනත් පක්ෂවලින් කට්ටිය ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මම ස්ථිරව දැනගෙන හිටියා එහෙම කට්ටිය එකතු කරගන්න බැරිවුණොත් තමන් පරදින බව ඔහු දැනගෙන හිටපු බව.

Chamuditha News Brief යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

පොල් මිලට රජය මැදිහත් වෙන්න ඕනෙ නෑ! Sri Lanka Latest News

Next Post

අරුගම්බේ අවුලක්ද? රට වට්ටන්න කවුරු හරි ගහපු ගේමක්ද? තානාපති කාර්යාල අටවපු උගුලක්ද? කුමන්ත්‍රණය කාගේද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.