2021 වසරේ සැප්තැම්බර් මාසයේ දොළොස් වන දා, බීමතින්, අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී, බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවල් යටතේ සිටි ද්‍රවිඩ ජාතික සිරකරුවන් දෙදෙනු එළියට ගෙන, බිම දණ ගස්වා, හිසට පිස්තෝලය එල්ල කොට, ඔවුන් දෙදෙනා මරා දමන බවට තර්ජනය කළ බවට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහිව චෝදනාවක් එල්ල වී තිබුණි. Sri Lanka Latest News
එම චෝදනාව මත පදනම්ව, ලොහාන් රත්වත්තේට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර, නඩු විභාගය 2025 වසරේ ජනවාරි මාසයේ 30 වන දා විභාගයට ගැනීමට නියමිත ය.










