ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අද (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා හමු විය.Sri Lanka Latest News
උතුරු මුහුදේ දැනට පවතින ධීවර ගැටලු විසඳීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.
ඒ අනුව සහයෝගිතාව වර්ධනය කර ගනිමින් දෙරටේ ධීවරයන්ගේ ගැටලු සඳහා දීර්ඝකාලීන විසඳුමක අවශ්‍යතාව දෙපාර්ශ්වය විසින් අවධාරණය කරනු ලැබීය.
එසේම දෙරට මුහුණ දෙන පොදු අභියෝග ජය ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
තවද ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක ඉන්දීය ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයක් ද මෙම හමුවේදී සිදු කරන ලදී.
ඉන්දියානු ණය මඟින් අරමුදල් සපයන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් කරුණු විමසා බැලූ අතර නියමිත කාලයට එම ව්‍යාපෘති නිම කිරීම තහවුරු කිරීම සඳහා එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.


මේ අතර චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය.
චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එසේම චීනය සහ ශ්‍රි ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය ද මෙහිදී සිහිපත් කෙරුණු අතර එම සමීප සබැඳියාව ඔස්සේ දෙරට අතර සමාජ, සංස්කෘතික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ නව ක්‍රමවේදයන් පිළිබඳව ද විමසා බැලිණි.


ජනාධිපති මාධ්‍ය අංශය
2024-10-22









