දේශපාලනඥයන්ගේ කෝණයෙන් හෝ දේශපාලන පක්ෂයවල කෝණයෙන් තමන් සිදු කරන කාර්යය දෙස නොබලන ලෙස සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.
මැතිවරණ ක්‍රියාවලිය පැවැත්වීම සදහා තමන් නිර්දේශ කළ නමුත්, නිරෝධායන පනත ශක්තිමත් නොකර ඉදිරියට යා නොහැකි බවත්, යම් හෙයකින් තව සති 3කින් කොරෝනා නැවත පැමිණියහොත් මැතිවරණ නොව කිසිවක් කළ හැකි නොවනු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
අපව දේශපාලනඥයන් දමන කූඩයට නොදමන ලෙසත් වසර 30ක් තිස්සේ රාජ්‍ය සේවයේ නිරත වුවද තමන් කිසිදිනක දේශපාලඥයන්ට කඩේ ගොස් නොමැති බවද හෙතෙම සදහන් කළේය.










