යුද්ධය නිමාවීමත් සමග ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ චෝදනා එල්ල කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු මහකොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය වසර ගණනාවකට පසු යළිත් වතාවක් ලංකාවට එරෙහිව ප්‍රසිද්ධියේ කරුණු දැක්වීම ආරම්භ කොට ඇත.
ඒ අනුව පසුගිය මැයි 19 වැනිදා අමෙරිකාවේදී දෙමළ සංගමය (Tamil Sangam) විසින් සංවිධාන කරන ලද සාකච්ජාවකට එක්වෙමින් නවනීදන් පිල්ලෙයි මහත්මිය මෙසේ ලංකාවට එරෙහිව අදහස් දක්වා ඇත.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ එල්.ටී.ටී.ඊ. කොඩියේ පැහැයෙන් යුතු සාරියක් හැද පිල්ලෙයි මහත්මිය අදහස් දැක්වීමය.
මෙම සාකච්ජාව සදහා වීඩියෝ මාර්ගයෙන් උතුරේ හිටපු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශසිධරන් මහත්මියද එක්ව තිබේ.










