ස්පයිඩර් මෑන් තරුවක් වන ඇන්ඩෲ රසල් ගාෆීල්ඩ් ජනප්‍රිය යූ ටියුබ් වැඩසටහනකදී ශ්‍රී ලංකාවේ ඉඟුරු බියර් සන්නාමය වන EGB පානය කරන අයුරු දැකගත හැකිවිය.Sri Lanka Latest News
‘චිකන් ෂොප් ඩේට්’ හි නවතම කථාංගයේ, සත්කාරක ඇමීලියා ඩිමෝල්ඩන්බර්ග්, ස්පයිඩර් මෑන් ලෙස වඩාත් ප්‍රසිද්ධ ඇන්ඩෘ ගාෆීල්ඩ් සමඟ සම්මුඛව සාකච්ඡා කරයි.
සම්මුඛ සාකච්ඡාවේදී ඇන්ඩෲ ගාෆීල්ඩ් EGB උගුරක් බොන අයුරු දැකගත හැකි අතර ඔහු ජින්ජර් බියර් වලට කැමති දැයි ඇමීලියා ඩිමෝල්ඩන්බර්ග් විසින් අසන ලදී.
ගාෆීල්ඩ් “ඔව්” යැයි පවසන නමුත් ඇමීලියා ඩිමෝල්ඩන්බර්ග් පවසන්නේ ඇය ජින්ජර් බියර් වලට කැමති නැති බවයි.
‘එලිෆන්ට් හවුස් බෙවරේජස්’ හි හිටපු අලෙවි ප්‍රධානී මෙවන් පීරිස් ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ, ඇන්ඩෲ ගාෆීල්ඩ් EGB එකක් පානය කිරීම මගින් එලිෆන්ට් හවුස් සන්නාමයට කීර්තියක් අත්වූ බවයි.








