• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දමිතා කට අරී! දේශපාලනයේ තුට්ටු දෙකේ ‘ටිපෙක්ස්’ කල්ලිය එළියට දායි! Sri Lanka Latest News

October 19, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉහළින් අණ ආපු තැන, මහ පාරෙදි කොටුකරගත්ත හැටි, හිරගෙදරදී අසනීප වුණේ ඇයි, වැලිකඩට ඉහළින් ආ කෝල් එක, ඊළඟට කරන්න යන දේ, දමිතා අබේරත්න මව්රටට කතා කරයි…
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණ ඡන්ද සටනේදී සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය එම පක්ෂයෙන් මහ මැතිවරණයට අපේක්ෂිකාවක ලෙස රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටියා. ඇයට නාමයෝජනා ලබාදීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබූ බවත්, අවසාන මොහොතේ ඇයගේ නම නාමයෝජනා ලැයිස්තුවෙන් කපාදමා තිබූ බවත් පසුගිය දිනවල මාධ්‍ය මගින් ප්‍රකාශ කෙරුණා. (Sri Lanka Latest News)

තම නම එලෙස කපා දැමුණේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සිදුකළ යම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් හේතුවෙන් බවට අබේරත්න මහත්මිය චෝදනා කළ අතර, මේ වනවිට එම සිදුවීම බරපතළ මත ගැටුම් ඇතිකරන තත්ත්වයකට පත්ව තිබෙනවා. එවන් පසුබිමක දමිතා අබේරත්න මහත්මිය සමග අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට Ada Derana යූටියුබ් නාලිකාව පසුගියදා කටයුතු කර තිබුණා. පහත පළවන්නේ එම යූටියුබ් නාලිකාවෙන් උපුටාගත් අදාළ සාකච්ඡාවයි.

ඔබතුමිය මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න ලොකු බලාපොරොත්තුවකින් හිටියා. හැබැයි අවසානයේ ‘ලක් අම්මාට’ මොකද වුණේ?
හේෂාට මම සැලකුවේ සහෝදරයෙක්ට වගේ. හේෂාම තමයි යෝජනා කරන්නේ අක්කේ ඔයා එන්න රත්නපුරෙන් අපි ඉල්ලමු කියලා. එහෙම කිව්වාම සජිත් සර් කිව්වා අපි ඔයා වෙනුවෙන් ඉන්නවා ඔයාට ඕනෙ දෙයක් කියන්න කියලා. නාමයෝජනා කමිටුවක් තිබුණා. ඒ කමිටුවෙන් මට අනුමැතිය ලැබුණා. ඒකෙන් පස්සේ මම 08 වැනිදා නාමයෝජනා අස්සන් කළා. ඊට පස්සේ මම රෝහිණී කවිරත්න මහත්මියත් එක්ක කතා කළා. එතුමිය මට කිව්වා 09 වැනිදා හේෂා ඔෆිස් එකට ඇවිල්ලා කිව්වලු මේක වෙනස් කරන්න ඕනේ කියලා. මෙයා නැතුව වෙන කෙනෙක්ව දාන්න ඕනේ කියලා. හැබැයි හේෂා මට සුබ පතලා යටින් වෙන ගේම් එකක් තමයි ප්ලේ කරලා තියෙන්නේ. මම හිතන්නේ රත්නපුරෙන් ආපු ප්‍රතිචාරත් එක්ක හේෂා බයවෙන්න ඇති. මේක තනිකරම කුමන්ත්‍රණයක්.
ඔබ කියන්නේ හේෂාම ඔබට අඬගහලා, අන්තිමට හේෂාම ඔබව කපාදැම්මා කියලද?
හේෂා විසින්ම කැපුවා. මට දුක නැහැ. මට ඕනේ තරම් තැන්වලින් ඉල්ලන්න ඉල්ලීම් තිබුණා. මට වෙන පක්ෂවලින් ඉල්ලීම් තිබුණා. ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීම් තිබුණා. හේෂා මේ නැති කළේ මනුස්සයෙක්ගේ අයිතිවාසිකමක්. මම ඇහුවා එතකොට හෙට අපි කීයටද රත්නපුරේදී නාමයෝජනා භාරදෙන්නේ කියලා. එයා කිව්වා අක්කේ නමයහමාර දහය වෙද්දී එන්න කියලා. එතකොට මම රත්නපුරේට යනවා. කච්චේරිය ඇතුළෙදී හේෂා හම්බවුණාම ඉස්සෙල්ලා සුබ පැතුවා. මම ඇහුවා අංක කීයට විතරද හම්බවෙන්නේ කියලා. එයා කිව්වා අක්කේ පොඩ්ඩක් ඉන්න, පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. කාමරයකට ගිහින් ඇවිත් හේෂා මට කියනවා අක්කේ ඊයේ රෑ දෙකහමාරට මහලේකම්තුමා ඔයාව අයින් කළා කියලා. මම අහන්නේ මේ මොන තරම් පහත් වැඩක්ද?
ඔබ හිතන්නේ නැද්ද පක්ෂයේ මහලේකම්වරයා සහ සභාපතිවරයා ඇතුළු හැම දෙනාම දැනුවත්ව මේ දේ සිදුවුණා කියලා?
හේෂා සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියලා තියෙන්නේ මම කැමැත්තෙන් ඉල්ලා අස්වුණා කියලා. සජිත් මහත්මයා කියන විදියට නාමයෝජනා මණ්ඩලය මම දැනුවත් කළාලු, මම කැමැත්තෙන් ඉල්ලා අස්වෙනවා කියලා. මම මේ වෙලාවේ අහන්නේ මේ ගැන නිසි පරීක්ෂණයක් පවත්වන්න. මහලේකම්තුමා, තේරීම් කමිටුවේ හිටියා එරාන් වික්‍රමරත්න මැතිතුමා. මේ කියන තේරීම් කමිටුවට කොයි මොහොතක හරි මම කෝල් එකකින් හරි දැනුවත් කළා නම් ඒක ඔප්පු කරන්න. ඒක පෙන්නන්න. මේ විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් කරන්න මහලේකම්තුමා, හේෂා සහ මාව එකට තියලා. මාධ්‍යයත් ගේන්න ඒ පරීක්ෂණය කරන වෙලාවට. මම ලෑස්තියි වෙච්ච සියල්ල හෙළිකරන්න.
ඔබ කියන විදියට සමගි ජන බලවේගයේ නායකයා ඔබට පොරොන්දු වෙලා හිටියා නම් නාමයෝජනා ලබාදෙන්න, ඊටත් එහාට ගිහිල්ලා මේ විදියේ කුමන්ත්‍රණයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ කියන්නේ පක්ෂය ඇතුළේ මොකක් හරි අර්බුදයක් තියෙනවද?
මම ආවේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව විශ්වාස කරලා. මම අස්සන් කරන වෙලාවේ මට ඇහෙනවා කියනවා ‘අපේ පක්ෂයේ ඉන්නවනේ ටිපෙක්ස් කරන්න දක්ෂ මිනිස්සු’ කියලා. හැබැයි ඒක මට වෙයි කියලා මම හිතුවේ නෑ. මම දැක්කා මහලේකම්තුමා පවා කියනවා මේ නාමයෝජනා නිකන් දුන්නේ නෑ වගේ මට. එහෙම ඇඟවෙන කතා කියන්න එපා. මට නාමයෝජනා දුන්නා.
මහලේකම්තුමා ඔබතුමියව ගණන් නොගෙන වගේද කතාකරන්නේ?
ඔව්. එහෙම කතාකරනවා නම් එතුමා පහුගිය ටිකේම මම හිතන්නේ එතුමාගේ ආරාධනාවෙන් තමයි රට වටේ මම ගියේ. එතුමාටත් හෘදය සාක්ෂියක් තියෙන්න ඕනේ. ඒ හෘදය සාක්ෂියවත් නැත්නම් ඔබතුමන්ලාගේ දේශපාලනය නෙවෙයි මොනවා කළත් වැඩක් නෑ.
අරගලය අවස්ථාවේ ඔබ සඳහන් කරපු කාරණාවක් තමයි දේශපාලන වාසි බලාගෙන නෙවෙයි අපි පාරට බැස්සේ කියන එක. දේශපාලන වාසි බලාගෙන ආවේ නැත්නම් ඇයි මේ දේශපාලන මගට වැටුණේ?
මිනිස්සු ජීවිතේ එක එක තැන්වලදී විවිධ ප්‍රකාශ කරනවා. මමත් හිතුවේ මම කවදාවත් දේශපාලනයට එන්නේ නෑ කියලා. මම සජිත් සර්ට උදව් කරනකොටත් කවදාවත් හිතුවේ නෑ ඡන්දේ ඉල්ලන්න. මොකද සජිත් සර්ව මීට අවුරුදු 3කට විතර කලින් මුණගැහුණු වෙලාවේ එතුමා මට කිව්වේ දමිතා මහරගමින් ඔයා ඡන්දේ ඉල්ලන්න කියලා. එතකොට මම කිව්වා ඡන්දේ ඉල්ලන්න මගේ බලාපොරොත්තුවක් නෑ කියලා. හැබැයි මම වැඩකරගෙන යද්දී, ජීවිතේ ඇතිවෙන වෙනස්වීමුත් එක්ක මගේ හිතේ තිබුණු දේ වෙනස් වුණා. අරගලය කරන තුරු මම පාටක් පක්ෂයක් තෝරගත්තේ නෑ. හැබැයි අරගලය ඉවර වුණාට පස්සේ, අරගලයේ හිටපු සියලු දෙනාම අද ඉන්නේ තම තමන්ගේ කඳවුරුවල. එතකොට දමිතා අබේරත්න, දමිතා අබේරත්නගේ කඳවුර තොරාගැනීම සම්බන්ධයෙන් මොකක්ද තියෙන ප්‍රශ්නය?
අරගලය අවස්ථාවේ ‘ලක් අම්මා’ කියලා ඔබව ඔසවා තබපු අයම දැන් ඔබට උසුළු විසුළු කරනවා. ඇයි ඔබ නිර්පාක්ෂික අරගලයකට ගිහිල්ලා දැන් පක්ෂ දේශපාලනයක් තෝරගත්තේ?
අපි අරගලයට නිර්පාක්ෂික වුණා මිසක්, ඒ වෙනකල් මට පක්ෂයක් තිබුණේ නැද්ද? මම ඡන්දේ දීලා නැද්ද? මීට ඉස්සෙල්ලා මම ඡන්දේ දීලා තියෙනවා. ඇත්තටම අපි පාරම්පරික යූ.ඇන්.පී.කාරයෝ. අපේ පරපුරම යූ.ඇන්.පී.
හැබැයි නිර්පාක්ෂිකම වෙලා හිටියා නම් හොඳයි කියලා අවසානයේදී ඔබට හිතෙන්නේ නැද්ද?
දැන් නම් මට කලකිරීමක් තියෙනවා. අපහාස කරන විදිය දැක්කම ඉතා නිර්දය ලෙස මට පහර ගහනවා කාන්තාවකට. මම අහන්නේ මගේ පාට පක්ෂ, මගේ මතවාදයට විරුද්ධව මාව විවේචනය කළාට කමක් නෑ. හැබැයි මම දිනාගත්ත නම විනාශ කරන්න එපා. අද වෙනතුරු සමාජ මාධ්‍යවල තනිකර මාලිමාවේ ස්වරූපයක් පැහැදිලිව තියෙන්නේ. ඒ රැල්ලෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. එදා අපහාස කරපු පිරිසම තමයි අදත් ආපහු අපහාස කරගෙන යන්නේ.
සමාජ මාධ්‍යවල ඉන්න ගොඩක් අය ඔබට කරන චෝදනාවක් තමයි ඔබ දේශපාලන වාසි බලාගෙන අරගලය විකුණගෙන කාලා, ලක් අම්මා කියන නම හදාගෙන අවසානයේ ඒ නමටත් අගෞරව කළා කියන එක?
අරගලයෙන් නමක් හදාගන්න ආවෙත් නෑ. දේශපාලනයෙන් නමක් හදාගන්න ආවෙත් නෑ. මට කරන්න පුළුවන් සේවයක් තියෙනවා නම්, ඒ සේවය කරන්න මට දේශපාලනය ඕනෙත් නෑ. මට අරගලයට ආවාම විහාරමහාදේවි කියලා නමක් හැදුවා. ලක් අම්මා කියලා නමක් හැදුවා. මේ එකක්වත් මම දාගත්ත නම් නෙවෙයි.
ඉදිරි දේශපාලන තලයේදී ලක් අම්මාව අපට දැකබලා ගන්න පුළුවන් වෙයිද?
තවම තීන්දුක් අරගන නෑ. මම කියපු නායකත්වය ගැන තියෙන විශ්වාසය නිසා. එතැනින් මට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා මම බලාගෙන ඉන්නවා. මට සාධාරණයක් නොවිච්ච තැන මම ඉන්න ඕනේ නෑනේ. මට සාධාරණයක් නොවුණොත් මම එදාට තීන්දුවක් ගන්නවා.

Ada Derana යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

රටම කතාකරන මාලිමා ජාතික ලැයිස්තුවේ ඉන්න දෘශ්‍යාබාධිත උපාධිධාරියා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි! Sri Lanka Latest News

Next Post

බෝම්බ බියක්! ඉන්දීය ගුවන් යානා හදිසි ගොඩබැස්වීම්වල! එකක් හදිසියේම කටුනායකට ගොඩබස්වයි! තවත් එකක් ජර්මනියට ගොඩබස්වයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.