• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර රෝල් කරනවා! කිව්වේ නම් එහෙම කරනවා කියලා නෙමෙයි! හර්ෂ දොඹෙන්ම ජනාධිපති අනුරට දෙයි! VIDEO I Sri Lanka Latest News

October 18, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
අපි මෙච්චර කල් කියපු කතාව තමයි අනුර කුමාර ඇම්බියුලන්ස් කතාවෙන් කිව්වේ! ඒක ගැන හරි සතුටුයි! අනුර කුමාරත් සජබෙ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගත්තා කියන එක තමයි මේ හර්ෂ කියන්නේ! I VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටක ආර්ථිකය කළමනාකරණය කිරීම පහසු කාර්යයක් නොවන බවත් ආර්ථිකය කළමනාකරණය කිරීමට පලපුරුද්දක් තිබිය යුතු බවත් ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වුවහොත් නැවත රට කඩාගෙන වැටෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

අද (18) දින සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව කීය.

එහිදී රජය දිගින් දිගටම ණය ලබා ගැනීම සම්බන්ධයෙන් සහ වෙළඳ පොලේ සහල් හිඟය සම්බන්ධයෙන් ඒ මහතා අදහස් දැක්වීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය විසින් දිගින් දිගටම ණය ගැනීම් සිදුකරනවා. මේ සම්බන්ධයෙන් දේශපාලන කෝණයෙන් එහා ගොස් යම් විග්‍රහයක් සිදුකිරීමට අවශ්‍යව තිබෙනවා. මුදල් වල බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට නෙවෙයි. මුදල්වල බලය තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට. මුදල් බලය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ තිබෙන මූලික ස්ථානය තමයි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව.
ඒ වගේම රජයේ එදිනෙදා වියදම් සඳහා මුදල් අවශ්‍යව තිබෙනවා. ඒ අවශ්‍ය මුදල් ලබා ගැනීමට මූලික වශයෙන් ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි රජයේ බදු ආදායම් හරහා භාණ්ඩාගාර ගිණුමේ තිබෙන මුදල් , දෙවැනි ක්‍රමය ණය ලබා ගැනීම හරහා ලැබෙන මුදල්.

රජයේ භාණ්ඩාගාර ගිණුමේ තිබෙන මුදල් අතිරික්තයක් තිබෙනවානම් ගෙවන්න තිබෙන ණය ගෙවීම සඳහා ඒ අතිරික්තයෙන් මුදල් භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. රජයට ලැබෙන ආදායම රජයේ සාමාන්‍ය වියදම එයින් අඩු කළාම ඉන්පසුව ඉතුරු වන ප්‍රමාණයෙන් පොලියත් අඩුකළාම යම් මුදලක් ඉතිරි වෙනවා නම් එය ප්‍රාථමික අතිරික්තය ලෙස හඳුන්වනවා. ප්‍රාථමික අතිරික්තය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට දෙකයි දශම තුනක අගයක් ලබාගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය රජය එකඟ වී තිබෙනවා. ඒ නිසා මේ ප්‍රාථමික අතිරික්තය පසුගිය වසරේදීත් , මේ වසරේදීත් නිලධාරින් විසින් පවත්වාගෙන යනවා. ඒ නිසා රජය ගත්ත ණය ගෙවන්න තිබෙනකොට යම් ප්‍රමාණයක් ණය ගෙවීම සඳහා එම අතිරික්තයෙන් භාවිතයට ගන්නවා.

මේ සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්මත කිරීම සඳහා පසුගිය රජය එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විපක්ෂය ලෙස අපි එදා ඒ පනතට සහයෝගය ලබා දුන්නා.නමුත් අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේ දී එම පනතට විරුද්ධ වුණා. නමුත් වර්තමාන රජය ඒ පනතට අනුව සහ එම පනතේ තිබෙන කොන්දේසි වලට අනුව තමයි අතිරික්තය පවත්වාගෙන ඉදිරියට ගමන් කරන්නේ.

ප්‍රාථමික අතිරික්තය මදිනම් සතියකට වතාවක් ණය ගැනීමට සිදුවෙනවා. ආණ්ඩුව ණය පියවීම සඳහා අලුත් ණයක් ගතයුතුයි. අලුතින් ණයක් ගැනීම සඳහා ක්‍රම දෙකක් පවතිනවා. එකක් තමයි ලන්සු ඉදිරිපත් කරලා වෙළඳ පොළෙන් ණය ලබාගත යුතුයි. එසේත් නැතිනම් මුදල් මුද්‍රණය කොට භාණ්ඩාගාරයට ලබා දෙන්න කියලා මහ බැංකුවට ප්‍රකාශ කළ යුතුය. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන කොන්දේසි වලට සහ මහා බැංකු පනත පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව මුදල් මුද්‍රණය කිරීමට නොහැකියි. මහ බැංකු පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමේදීත් අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඊට විරෝධය පළ කළා. වර්තමාන ආණ්ඩුව මහ බැංකු පනත වෙනස් කරන බව සඳහන් කළත් ඔවුන් එවැනි දෙයක් සිදු කළේ නැහැ. ඒ අනුව මුදල් ලබා ගැනීමේදී මහා බැංකුවෙන් මුදල් ලබා ගැනීමට නොහැකියි. මුදල් ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ වෙළඳපොළෙන් පමණයි.

යහපාලන ආණ්ඩුව සමයේ ගත්ත ණය ප්‍රමාණයෙන් සියයට 89 දශම 9 ක් අරගෙන තිබෙන්නේ 2015ට කලින් ගත්ත ණයවල පොලිය ගෙවීම සඳහා. නමුත් ඒ සඳහා විවිධ කතා කියමින් මඩ ප්‍රහාර එල්ල කළා. නමුත් පසුගිය ආණ්ඩුවට වඩා වර්තමාන ආණ්ඩුව ණය ලබාගන්න තත්ත්වයක් තමයි දැන් පෙනෙන්න තිබෙන්නේ. පරණ ණය පියවීම සඳහා සතියකට වතාවක් අලුත් නයක් ගැනීමට සිදුවී තිබෙනවා. ඒ අලුත් ණය ගැනීමේ ප්‍රමාණය අඩුකර ගැනීමට හැකියාව තිබෙන්නේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ශක්තිමත් කරගත්තොත් පමණයි.

ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ශක්තිමත් කරගැනීමට නම් රජයේ ආදායම වැඩි විය යුතුයි. වියදම අඩු විය යුතුයි. ආදායම වැඩිවීමට නම් මූලික වශයෙන් ලබාගත යුත්තේ බදු. නමුත් බදු කප්පාදු කරන බව ප්‍රකාශ කළත් බදු කප්පාදු කිරීමක් සිදුවන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් වර්තමාන රජය කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේත් නෑ. උපයන විට බදු ආදායම ලක්ෂයේ සිට ලක්ෂ දෙකේ සීමාව දක්වා ගෙන එන බව වර්තමාන රජය ප්‍රකාශ කළා. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු කතාබහක් මේ වන විට සිදුවන්නේ. යම් ආකාරයකට එම බදු කප්පාදුව සිදු කළහොත් වෙන තැනකින් බදු එකතු කර ගැනීම සිදු කරන්න වෙනවා. ඒවගේම වැට්බද්ද ඉවත් කරනවා නම් ඒ සඳහා විකල්ප බදු එකතු කිරීමක් සිදු කරන්න වෙනවා.

ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම යම් ආකාරයකට රජය සහ පුද්ගලික ආයතන එකතුවෙලා කරගෙන යාමට තිබූ අවස්ථාව සම්පූර්ණයෙන්ම වර්තමාන රජය වෙනස් කර තිබෙනවා.ඒ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සම්පූර්ණ පාඩුව සහ ඩොලර් බිලියන එකට වඩා තිබෙන ණය ගෙවීම රජය භාරගෙන තිබෙනවා. එසේ නම් රජයේ වියදම් අඩුකිරීම වෙනුවට රජයේ වියදම් වැඩි වෙනවා. එවිට ප්‍රාථමික ගිණුමේ අතිරික්තය පිළිබඳ ගැටලුවක් ඇතිවෙනවා. දේශපාලන වේදිකාවේ මොන මොන කතන්දර කිව්වත් අවසානයේදී යථාර්ථයට මුහුණ දීමට සිදුවෙනවා.

ඒ වගේම වර්තමාන රජයට හැම සතියකම බදාදා ණය ගැනීමට සිදුවී තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලින් එම ණය ලබා ගැනීමට සිදුවී තිබෙනවා. නමුත් වර්තමාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා පැරැණි ආර්ථික ක්‍රමය අසාර්ථකයි අලුත් ආර්ථික ක්‍රමයකට ගමන් කළ යුතුයි කියලා. සමගි ජන සන්ධානය ඉදිරිපත් කළ බ්ලූ ප්‍රින්ට් ආර්ථික දැක්මට එහා ගිය ආර්ථික දැක්මක් වර්තමාන රජය ඉදිරිපත් කරන ආකාරය දෙස අපි ඒ නිසා බලාගෙන සිටිනවා.

පාර්ලිමේන්තුවටයි මුදල් බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට මුදල් බලයක් නැහැ. ජනාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී එය විය යුත්තේ කෙසේද සහ එය හරිද වැරදිද සහ ධනාත්මක විවේචන ඉදිරිපත් කර රට ගොඩනැගීමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට. කුමන දේශපාලන පක්ෂයකින් වුවත් පාර්ලිමේන්තුව ශක්තිමත් විය යුත්තේ රටේ ආර්ථිකය කළමනාකරණය කරගන්න දායක විය යුතු පුද්ගලයන්ගෙන්. නැතිනම් රට නැවත අගාධයකට තල්ලු වීමට ඉඩ තිබෙනවා.

ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළේ පසුගිය ආණ්ඩු ණය ගත්තා නමුත් ජනතාවට කිසිවක් සිදු කළේ නැහැ කියලයි. ඒ ණය වලින් මුදල් හොරකම් කරා කියලා ඔවුන් මැතිවරණ වේදිකාවලදී පසුගිය කාලයේ ප්‍රකාශ කළා. ඒ වගේම ජාතික ජන බලවේග ආණ්ඩුව සති කිහිපය තුළ රුපියල් බිලියන 400 කට අධික ප්‍රමාණයක් ණය අරගෙන තිබෙනවා.ඒ ණයවලින් පාරක් හැදුවද , ජනතාවට අස්වැසුම දුන්නද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් සිදුවෙලා නැහැ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ මුදල් සොරකම් කරලත් නැහැ.

වෙළඳපොලේ සහල් නොමැති වීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ

‘‘ඒ වගේම මේ රටේ හාල් සම්බන්ධයෙන් කතිපෙ අධිකාරියක් තිබෙනවා. මේ හාල් කතිපේ අධිකාරිය කඩන්නේ නැතුව අපිට හාල් වෙළඳපොළ යථා තත්ත්වයට පත් කරන්න බැහැ.හාල් සම්බන්ධයෙන් තිබෙන කතිපෙ අධිකාරිය නැවැත්වීමට නම් ඒ සඳහා පියවර ගත යුතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සමඟ ජන සන්ධානය ඉදිරිපත් කළ බ්ලූ ප්‍රින්ට් ආර්ථික දැක්මේ ශක්ති සහල් සමූපකාරය පිළිබඳව සඳහන් කර තිබෙනවා.
කුඩා හා මධ්‍ය පරිමාණයේ සහල් මෝල් හිමියන් සහ ගොවි මහතුන් එකතු කරගෙන සහල් සම්බන්ධයෙන් තිබෙන කතිපෙ අධිකාරියට එරෙහිව වෙළඳපොළ හරහා දැවැන්ත මෙහෙයුමක් දියත් කරන්නේ කෙසේද කියන කාරණය සම්බන්ධයෙන් බ්ලූප්‍රින්ට් ආර්ථික දැක්මේ ඉදිරිපත් කර තිබෙනවා.

රටේ ඔක්තෝම්බර් 15 වැනිදා සිට ජනවාරි 15 වැනිදා දක්වා කාලය තුළ හාල් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. මේ වන විට ගබඩා කර තිබෙන වී වලින් තමයි වෙළඳපොළට ලැබෙන්නේ. මේ වන විට සහල් හිඟයක් වෙළඳපොලේ තිබෙනවා. නමුත් මහා පරිමාණ මෝල් හිමියන්ගේ ගබඩාවල වි තිබෙනවා. නමුත් ඒ වී සහල් බවට පත්වී වෙළඳපොළට එන්නේ නැහැ. වෙළඳපොලේ සහල් නොමැති වීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් මේ වනතෙක් දක්වා නැහැ.

රටේ ජනතාවගේ ජීවන වියදම අවම කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට වැඩපිළිවෙළක් තිබෙන බව ඔවුන් ප්‍රකාශ කළා.ජීවන වියදම අවම කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙන බව ජාතික ජන බලවේගය මහාචාර්යවරු ප්‍රකාශ කළා. ඒවගේම ඔවුන් ප්‍රකාශ කළා සහල් මිල සාධාරණ මිලට පාරිභෝගිකයන්ට ලබාදීමට ඔවුන් සතුව වැඩපිළිවෙලක් තිබෙනවා කියලා. මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවෙන් අපි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.යථාර්ථය කතා නොකර වෙන වෙන කතන්දර වේදිකාවල ප්‍රකාශ කරපු නිසා මේ ඇතිවන ප්‍රශ්න වලට ජාතික ජන බලවේග කණ්ඩායමට උත්තර දීමට සිදුවෙනවා. සහල් හිඟය නැති කිරීමට මේ වෙලාවේ ආණ්ඩුවට සිදුකළ හැක්කේ ගැසට් එකක් මගින් සහල් මිල වැඩි කරන්න පුළුවන්. එසේත් නැතිනම් යම් ක්‍රමයකින් ගබඩාවල තිබෙන නාඩු සහල් වෙළඳ පොළට මුදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.

ආර්ථිකය කළමනාකරණය කිරීම පහසු කාර්යයක් නෙවෙයි. ආර්ථිකය කළමනාකරණය කිරීමට පලපුරුද්දක් තිබිය යුතුමයි. පාර්ලිමේන්තුවට තමයි මුදල් සම්බන්ධයෙන් සම්පූර්ණ බලතල පැවරෙන්නේ. රටේ බදු වැඩි කරන්න බදු අඩු කරන්න ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ. සියල්ල සිදුකළ යුත්තේ පාර්ලිමේන්තුව මගින්. ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වුවහොත් නැවත සිදුවන්නේ රට කඩාගෙන වැටීම පමණයි. ආර්ථිකය සම්බන්ධයෙන් දැනුමක් තියෙන , ප්‍රායෝගික , මහ පොළොවේ යථාර්ථය වැටහෙන පුද්ගලයින් පාර්ලිමේන්තුවට අවශ්‍යම මොහොතක්.‘‘

Sri Lanka Latest News

SendShareShare
Previous Post

මහින්දාන්නද මහනුවරින් 4 දෙනෙක් පාර්ලිමේන්තු යවන්න ලෑස්ති වෙයි! ගමේ හතරකොණ දන්නෙ නැති අය මාලිමාවෙන් එනවට ලොකු ප්‍රහාරයකුත් එල්ල කරයි!  VIDEO I Sri Lanka Latest News

Next Post

රුපියල් 50 තෙල්! විජිත සහ කංචන අහන්න වටින ටෝක්ස්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.