බලයට පත්වී ඉතා කෙටි කාලයක් තුළ ඉන්ධන මිල සැලකිය යුතු මිලකින් අඩුකරන බව ජනාධිපතිවරණ වේදිකාවේදී අනුර කුමාර දිසානායක මහතා පැවැසුවද එවැනි විශාල මිල අඩුකිරීමක් සිදුනොවුණේ ඇයිද යන්න පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් විමසා සිටියා. (Sri Lanka Latest News)
ඊට පිළිතුරු ලෙස අමාත්‍යවරයා කියා සිටියේ එවැනි විශාල මිල අඩුකිරීමක් සිදුකිරීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බැවින් ඉන්ධන මිල අඩුකිරීම ක්‍රමානුකූලව සිදුකරන බවයි.









