• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම වැඩිහිටියෙක්..! මේ දේ හොඳට අහගන්න! හිරුණිකාට මාන්නප්පෙරුමට සජබ සභාපති කවුරුත් ගරු කරන ඉමිතියාස් බාකීර් මාකාර්ගෙන් වැදගත් ඔවදනක්! VIDEO I Sri Lanka Latest News

October 14, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
මම වැඩිහිටියෙක්..! මේ දේ හොඳට අහගන්න! හිරුණිකාට මාන්නප්පෙරුමට සජබ සභාපති කවුරුත් ගරු කරන ඉමිතියාස් බාකීර් මාකාර්ගෙන් වැදගත් ඔවදනක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෑම දෙනකුටම පක්ෂයක් සමග කටයුතු කරනවිට හිත්රිදවීම්, ගැටලු මතුවන නමුත් ඒවා විසදාගත යුත්තේ පක්ෂය තුළ බවත් සමගි ජන බලවේගයේ සභාපති ඉම්තියාස් බකීර් මාකාර් මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News

අද (14) දින සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා මේ බව සඳහන් කළේය.

ලෝකයේ ආර්ථිකය අතින් ශක්තිමත් වූ රටවල් ගමන්ගත් මාර්ගයේ ශ්‍රී ලංකාවත් ගමන් කරවීමට නම් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ , දැක්ම , කණ්ඩායම සිටින්නේ කුමන පක්ෂයේද කියා ජනතාව හොඳින් කල්පනා කර බැලිය යුතු බවත් දේශපාලන වශයෙන් අවබෝධයෙන් වැඩ කරන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් මේ රටේ නිර්මාණය කළ යුතු බවත් රටේ ජනතාව තින්දු ගත යුත්තේ හැඟීම්වලින් නොව බුද්ධියෙන් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘සුළුතරය නියෝජනය කරන ජනාධිපතිවරයෙක් තමයි අද පත්වෙලා තිබෙන්නේ. රටේ සීයට 58ක්  වර්තමාන ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබලා නැහැ.  මෙවැනි වාතාවරණයක් තුළ තමයි මහ මැතිවරණයකට අපට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන්නේ.

ජනාධිපතිවරණයේදී තමාට ඡන්දය ලබා දෙන ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයකදී සුදුසු අපේක්ෂකයකුට ඡන්දය ලබාදෙන ලෙසත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම දැන් ඔහු ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනතාවගේ සහය ඉල්ලා සිටිනවා. මෙවැනි අවස්ථාවක රටේ ජනතාව වැඩ කළ යුත්තේ හැඟීම්වලින් නොව බුද්ධියෙන්. අපේ රටේ ඉතිහාසයේ වැඩි බලය අධිපතිවාදී ප්‍රවණතාවයන් ඇතිකළා. වැඩි බලය දූෂණයට හේතුවක් වුණා.

ඒ වගේම ලෝකයේ , ජනාධිපතිවරයා එක් පක්ෂයකත් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තවත් පක්ෂයක් නියෝජනය කරනවා. ප්‍රංශයේ ජනාධිපතිවරයා එක් පක්ෂයක් නියෝජනය කරනවා. විරුද්ධ පක්ෂය තමයි පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගැනීමට සමත් වුණේ. ඇමරිකාවෙත් ජනාධිපතිවරයා එක් පක්ෂයකත් නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලය තවත් පක්ෂයක් නියෝජනය කරනවා. එම රටවල පාලන තන්ත්‍රය තුළ සංවර්ණ සහ තුලනය අපට දැකගන්න පුළුවන්. ඒ වගේම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදීත් බහුතර විශ්වාසය තිබෙන ආණ්ඩුවක් පත්කර ගැනීම රටේ අනාගතයට යහපත් යැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් එය වැදගත් කාරණයක්. එවැනි තීන්දුවකින් ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක්වන්නේ නැහැ. ඒ වගේම නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීමටත් එය හේතුවක් වනවා.

සමගි ජන බලවේගයට තිබෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක්. සමගි ජන බලවේගය කියන්නේ ප්‍රගතිශීලී පක්ෂයක්. ප්‍රගතිශීලී ප්‍රතිපත්ති වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තුළ අපි විශාල අරගලයක් සිදු කළා. එක්සත් ජාතික පක්ෂය අන්ත දක්ෂිණාංශිකව යන ගමන වැළැක්වීමට අපි විශාල උත්සාහයක් ගත්තා. ඒ අරගලය ජයගත්ත නිසයි සමගි ජන බලවේගය අපට නිර්මාණය කිරීමට හැකියාව ලැබුණේ. ඒ වගේම බොහෝ මන්ත්‍රීවරු පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීමට නොහැකි බව පවසා වෙනත් දේශපාලන කඳවුරු සමග එකතු වුණා. නමුත් අවසානයේදී අපිට ඒ සටන ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා.

ඒ වගේම ලෝකයේ අද අන්තවමාංශික ගමන ප්‍රතික්ෂේප කරල තිබෙනවා. ලෝකයේ අද අන්ත දක්ෂිණාංශික ගමනත් ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා. එලෙස අන්ත දක්ෂිණාංශික සහ අන්ත වමාංශික ගමන ප්‍රතික්ෂේප කරපු රටවල් තමයි අද ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා සිටින්නේ. චීනය, වියට්නාමය , වැඩි රටවල් ප්‍රායෝගික ගමන් මාර්ගයක ගමන් කරන නිසා එම රටවල් ආර්ථික වශයෙන් අද ශක්තිමත් වෙලා තිබෙනවා.

ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා වීමට පෙර ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උගුල් වලට හසු වන්නේ නැති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කළ රටවල් ආර්ථික වශයෙන් ශක්තිමත් වුණේ නෑ කියලා ඔහු එදා ප්‍රකාශ කළා. නමුත් ජනාධිපති අනුර දිසානායක මහතා එකදු කොන්දේසියක්වත් ඉදිරිපත් නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ඉදිරියට ගෙන යාම සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. බලය ලබාගත් පසු වගකීම දැනෙනවා , ගැඹුර දැනෙනවා, බලය ලබාගත් පසු ප්‍රායෝගික වීමට සිදුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය රටාව තුළ අපිට යථාර්ථයෙන් බැහැරවීමට නොහැකියි. ඒ සමඟ අපට ජීවත්වීමට සිදුවෙලා තිබෙනවා. සටන් පාඨ කියලා ජනතාව අවුස්සලා බොරු සුරංගනා ලෝක මවලා ජනතාව වල්මත් නොකළ යුතුයි. ආකර්ශනීය ප්‍රකාශ සිදු කරලා ජාතියක් වල්මත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කටයුතු කළා. අවසානයේ ඔහු ප්‍රකාශ කළ දේවල් සිදු කරන්න නොහැකි වුණා. රටේ ජනතාව බුද්ධිමත්ව තීරණ වලට යා යුතුව තිබෙනවා. සටන් පාට වලට ආකර්ෂණීය ප්‍රකාශවලට වල්මත් නොවී මේ රට නිවැරදි මාර්ගයට ගෙනියන්න කටයුතු කළ යුතුයි. ලෝකයේ සාර්ථක රටවල් යන මාර්ගයට අපේ රටත් රැගෙන යා යුතුයි.

සමගි ජන බලවේගය සහ සමඟ ජන සන්ධානය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය දෙස නැවත බලන්න. එය සාමාන්‍ය මැතිවරණ පොරොන්දු වලින් පිරුණු මැතිවරණ ප්‍රකාශයක් නෙවෙයි. අනෙකුත් මැතිවරණ ප්‍රකාශ සමග එය සංසන්දනය කර බලන්න කියා අපි ඉල්ලා සිටිනවා. නමුත් ජනතාව එය සිදු කළේ නැහැ. ජනතාව මෙවර මැතිවරණයේදී භාවිතා කළේ විරෝධ චන්දයක්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති වලින් තමයි ලෝකයේ රටවල් ගොඩ ඇවිත් තිබෙන්නේ ඒ නිසා ශ්‍රී ලංකාවත් ගොඩ ඒමට ඒ ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි. රට ගොඩ ගැනීමට පලපුරුදු කණ්ඩායමක් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ කියලා විශ්වාස කරලා දුන්න ඡන්දයක් නෙවෙයි මෙවර ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ලැබුණේ.
පවතින දේශපාලනය තුළ දූෂිත ගනුදෙනු දූෂිත හැසිරීම් නිසා තිබුණ කලකිරීම , ආර්ථික පීඩනය පිට කිරීමට තමයි ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන්නේ. පවතින දූෂිත තත්වයන් වලට විරෝධය පළ කිරීමක් මිස විශ්වාසයක් පළ කිරීමේ ඡන්දයක් නෙවෙයි මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව ලබා දුන්නේ. ජනතාව එම තීන්දුව ලබා දුන්නේ බුද්ධියෙන් විමසා නොවෙයි. ජනතාව ඡන්දය හරහා පිට කලේ ජනතාව විඳින වේදනාව. ජනතාව තුළ තිබුණු විශ්වාස භංගත්වය තුළින් තමයි ජාතික ජන බලවේගය බලයට පත්වුණේ.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ 76 වසරක ඉතිහාසය තුළ සිටි පාලකයන් බලයට ගේන්න දායකත්වය ලබා දීලා තිබෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග , මහින්ද රාජපක්ෂ , මෛත්‍රිපාල සිරිසේන, බලයට ගේන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඇමති ධූර හතරක් දරා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 43 ක් පාර්ලිමේන්තුව නියෝජනය කළා. ආණ්ඩු සමග ඔවුන් කටයුතු කළා. ඔවුන් ඒ සියල්ල අමතක කර ජාතික ජන බලවේගය කියන වෙස් මුහුණ දමා ගත්තා. හරිනි අමරසූරිය වැනි අලුත් මුහුණු ඔවුන් රටට හඳුන්වා දුන්නා. අලුත් මුහුණු දැම්මට ජාතික ජන බලවේගය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවාද කියලා විමසිය යුතුයි. ඒ වගේම රටේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවනවා කියන්නේ විශ්වාසය ඇති පාර්ලිමේන්තුවක් රට තුළ නිර්මාණය කිරිම. සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට තියෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක්. ඒ නිසා ජනාධිපතිවරයාට සහ සමගි ජන සන්ධානයට එකතුවෙලා වැඩ කරන්න පුළුවන්.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදී සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක් දියත් කළා. රනිල් වික්‍රමසිංහ මහතාත් විනාශ වෙලා සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයත් ඔහු විනාශ කර දැමුවා. එයින් සමගි ජන බලවේගයට විශාල ඡන්ද ප්‍රමාණයක් අහිමි වුණා. ඒ නිසා තමයි ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමට සිදුවුණේ. එක්සත් ජාතික පක්ෂය කෙරෙහි විශ්වාසය තබන ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ බහුතර විශ්වාසයක් තිබෙන ආණ්ඩුවක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන්න උදව් කරන්න කියලා. එසේ නොකළහොත් රට දැඩි අනතුරකට ලක්වීමට ඉඩ තිබෙනවා. ලෝකයේ ආර්ථිකය අතින් ශක්තිමත් වුණ රටවල් ගමන්ගත් මාර්ගයේ ශ්‍රී ලංකාවත් ගමන් කරවීමට නම් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ , දැක්ම , කණ්ඩායම සිටින්නේ කුමන පක්ෂයේද කියා ජනතාව හොඳින් කල්පනා කර බැලිය යුතුයි. දේශපාලන වශයෙන් අවබෝධයෙන් වැඩ කරන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් මේ රටේ නිර්මාණය කළ යුතුයි.

ඒ වගේම සියලු ජනකොටස් එකතු කළ හැකි නායකත්වයක් රට තුළ නිර්මාණය කළ යුතුයි. උතුරේ සහ දකුණේ ජනතාව විශ්වාස කරන නායකයින් ඉන්නේ කුමන දේශපාලන කඳවුරේද කියා ජනතාව සොයා බැලිය යුතුයි. දේශපාලන ඒකාධිකාරයකට ගමන් කිරීමට නොදී , අධිපතිවාදී ප්‍රවණතාවයකට ඉඩ නොදී , ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් නොකර නීතියේ ආධිපත්‍යය , රටේ ජනතාවගේ අනාගතය , අනතුරට ලක් නොකර තුලනාත්මක පාලනයක් රටේ ඇති කරන්න ජනතාව මෙවර මහ මැතිවරණයේදී බුද්ධිමත් තීරණයක් ගනිවී කියා අපි විශ්වාස කරනවා.‘‘

SendShareShare
Previous Post

ජනාධිපති අපේක්ෂකයාත් සමග 61 දෙනෙක් එකතැන මරාදැමූ 1994 ජනාධිපතිවරණය! (Sri Lanka Latest News)

Next Post

CIDයේ සමහරු කෝටි ගණන් අල්ලස් ගත් බවට මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ තාඹුගල කරපු රහස් ප්‍රකාශයේ පිටපතක් CIDයෙන් ඉල්ලයි! මහේස්ත්‍රාත්වරිය අවසර දෙයි! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.