• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔළුවෙන් අල්ලා ගැනීම වෙනුවට‍, සජිත්ගේ වලිගයෙන් අල්ලා ගැනීම! Sri Lanka Latest News

October 14, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
ඔළුවෙන් අල්ලා ගැනීම වෙනුවට‍, සජිත්ගේ වලිගයෙන් අල්ලා ගැනීම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සජිත් ප්‍රේමදාස මේ රටේ මෙතෙක් බිහිවූ අවාසනාවන්තම දේශපාලකයා බව මාගේ අදහසයි. ඒ අන් කවරක් නිසාවත් නොව‍, රටේ මුල් පුටුවට තමන් සුදුස්සකු බව ජනතාවට තහවුරු කරන්නට තිබූ අවස්ථා කුමක් හෝ අහේතුවකට ඔහුම පැහැරහැරි නිසාය. මෛත්‍රීපාල ජනපතිගේ‍, දින 52කේ ආරෝව මැද‍, රනිල්ගෙන් ගැලවූ අගමැති පුටුව මුලින්ම භාරගන්නැයි අවස්ථා කිහිපයකදීම ආරාධනා කර තිබුණේ සජිත්ටය. ඒත් පක්ෂ නායකත්වයට විරුද්ධ ⁣වීම නොහොබිනා කටයුත්තකැයි සිතූ සජිත් එය ප්‍රතික්ෂේප කළේය. රනිල් යළිත් අගමැති පුටුවේ වාඩිවිය. එහෙත් එදා අගමැති පුටුව රැකදුන් සජිත්ට කෘතවේදීත්වය පළකරනු වෙනුවට රනිල් කළේ සජිත්ට පක්ෂයෙන් යන තුරුම කකුලෙන් ඇදීමය. (Sri Lanka Latest News)

යළිත් සජිත්ට අගමැති වී රටේ ජනාධිපති වෙන්නට අවස්ථාවක් උදාවුණේ ගෝඨාභය ෆේල් වීමත් එක්කය. එහෙත් අරගලයේ සටන් පාඨය වුණේ ‘ගෝඨා ගෝ හෝම්’ නිසා‍, එයට පිටුපෑමට නොහැකි බව කියූ සජිත්‍, ගෝඨාභය ජනාධිපතිවරයාට කොන්දේසි 4ක් දැමීමට කටයුතු කළේය.

ලිපියක් යවමින්‍, සජිත් කියා තිබු⁣ණේ‍, තමන් අගමැති වී ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවත්‍, එහෙත් ගෝඨාභය ජනපති ධුරයෙන් ඉවත්වන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කරන්නැයි කියාය. දෙවැන්න ලෙස සජිත් කිව්වේ‍, සති දෙකක් තුළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්නැයි කියාය.
එමෙන්ම ඒ වනවිටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ‍, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං⁣ශෝධනයේ සඳහන් පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කිරීම‍ තුන්වැනි කොන්දේසිය වූ අතර‍, එය රටේ බහුතර ජනතාවක් කාලයක් තිස්සේ ඉල්ලා සිටි යෝජනාවක් විය.

රට ස්ථාවර කිරීමෙන් අනතුරුව කෙටි කාලයක් තුළ ජනතා කැමැත්ත සොයන්නට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුය යන්න යෝජනාවත් අඩංගු කරමින් සජිත් යැවූ ලිපිය කසළ බඳුනට දැමූ ගෝඨාභය‍, කිසිදු කොන්දේසියක් නොදමා අගමැතිකම භාරගන්නට කැමැත්ත පළකළ රනිල්ට අගමැතිකම පිරිනැමීය.

එදා සජිත් අරගලකරුවන්ගේත්‍, රටේ බහුතර ජනතාවගේත් කැමැත්ත සහ බලාපොරොත්තුව තමන්ගේ කොන්දේසි කර නොගෙන රනිල් ලෙස‍ දිවගොස් අගමැතිකම භාරගත්තා නම් මේ රටේ 9 වැනි විධායක ජනාධිපති ධුරයට පත්වීමට ඔහුට ඕනෑ තරම් අවස්ථාව තිබුණේය.
ඒ ආකාරයෙන් සජිත් තමන්ට ලැබුණු අවස්ථාවලට පයින් ගැසුවේ‍, අවස්ථාවට වඩා ප්‍රතිපත්තිවලට මුල්තැන දුන් නිසා බව හොඳින්ම පැහැදිලිය.
විපක්ෂ නායක තනතුරට පත්වූ සජිත් රටේ මිනිසුන් වෙනුවෙන් කළ මෙහෙවරට වඩා ජනතාව ඔහුව අල්ලා ගත්තේ‍, ඔළුවෙන් නොව වලිගයෙන් බව කියන්නට තවත් කරුණු ඇත්තේය.

ඩොලර් වෙනුවෙන්‍, සමාජ මාධ්‍ය ක්‍රියාත්මක කරන ඔස්තාර්ලා පිරිස සජිත්ව බඩු බෙදන්නකු ලෙස හංවඩු ගහන්නට කොන්ත්‍රාත්තුව අතට ගත්තේය. ඊට අත්තටු දෙන්නට අනුරගේ ගැන්සියත්‍, රනිල්ගේ ගැන්සියත් පෙරමුණ ගත්තේය. ඒත් හරි හැටි සජිත් දුන් දේ දෙස බැලුවේ නම් ඔහු සලාක බෙදුවේ නැත, වැසිකිළි පෝච්චි හෝ ටකරන් බෙදුවේ නැත. ඔහු කළේ පක්ෂ භේදයක් නැතිව‍, අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරීමය. ඉන් ප්‍රතිලාභ ලැබුවේ සජිත්ට ඡන්දය දෙන පාක්ෂිකයන් නොව‍, අහිංසක දරුවන් සහ රෝහල් ඇඳන් මත ජීවිතය අයදින අහිංසක මිනිසුන්ය.

මේ සජිත්ගේ බෙදපු බඩුවල ඇත්ත කතාවය.
බඩු බෙදන ලේබලය අලවා තිබූ සජිත් විපක්ෂ නායකවරයා ලෙස ව්‍යවස්ථාදායකය තුළ කළ කිසිවක් රටේ මිනිසුන් හරිහැටි දැන සිටියේ නැත. දළ දේශීය නිෂ්පාදිතයට 50%කට වැඩි දායකත්වයක් ලබාදෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසාකයන්ට බලපෑ පරාටේ නීතිය තාවකාලිකව අහෝසි කරමින් ඔවුන්ගේ දේපළ සුරක්ෂිත කරන්නට සජිත් පාර්ලිමේන්තුව තුළ පෙරමුණ ගත්තේය. ඉන් නොනැවතී‍, ආසියානු සංවර්ධන බැංකුවේ ලොක්කන්ට කතාකළ සජිත්‍, අපේ රටේ ව්‍යවසායකයන්ට තමන්ගේ කර්මාන්ත ගොඩනගා ගන්නට ඩොලර් මිලියන 100ක් ඉල්ලා දුන්නේය.

මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාව ආර්ථිකමය වශයෙන් බංකොලොත් කළ රාජපක්ෂ පවුලත්‍, ඔවුන් පිටුපස සිටි නිලධාරී පැලැන්තියත්‍‍ අධිකරණයට අරන් ගියේ සජිත්ය. ඊට පසුව ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනා ඇමැති කෙහෙළිය ඇතුළු නිලධාරීන් ටිකට මාංචු දැමීමට සජිත් තමන්ගේ කණ්ඩායම මෙහෙයවීය.
පහුගිය සමයේ‍, ආන්දෝලනාත්මක VFS වීසා ගනුදෙනුව නතර කරන්නට කියා තමන්ගේ පිරිස උසාවියට යැවූ සජිත් ඒ ජයග්‍රහණය පසුගිය සතියේ රටට උදාකර දුන්නේය. ඒ වගේම ජනතාව වෙනුවෙන් විදුලි බිල අඩු කරන්නැයි‍, ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ සජිත්ය‍. ඒ හරහා ජනතාව වෙනුවෙන් පසුගිය සමයේ විදුලි බිල අඩුකර දුන්නේය.

මෙහෙම තමන් වෙනුවෙන් පෙනීසිටි දේශපාලනඥයකු වුවත්‍, ජනතාව ඔහුගෙන් දැක්කේ ගිටාර් ගහන, පියානෝ ගහන, ඩ්‍රම්ස් ගහන සජිත්ය. ඇත්තටම සජිත්ට හිනා වුණත්‍, ඒ සංගීත භාණ්ඩත් හරියට වයන්නට සජිත් දැන සිටියේය. එවැන්නක් දක්ෂතාවක් නැති මිනිහෙකුට කරන්නට බැරිය. එය සමච්චලයට ලක්කරන්නන් එය ඇගයීමට ලක් කළා නම් ඔහුට එය ආභරණයක් වන්නට තිබුණේය.

දරුවන් සමග ළෙන්ගතුකම බෙදාගන්නට‍, ඔවුන් සමග හරි‍ හරියට මුසුවෙමින් ක්‍රිකට් පිත්තක් අතට ගෙන සෙල්ලම් කිරීමත්‍, බාස්කට් බෝලයක් නිවැරැදිව දැල තුළට යොමු කිරීමත් අවඥාවට ලක්කරද්දී‍, දරුවන්ටද ඇසුරු කළ හැකි ඒ මානවවාදී මිනිසා ගැන කිසිවකුත් කතා කළේ නැත.

සජිත් ජපන් බසින් කතා කරනවාට හිනාවුණු මේ රටේ මිනිසුන්‍, පාර්ලිමේන්තුවේ හිටපු 225 අතරින් කී දෙනකුට ජපන් පුළුවන්ද කියා අසන්නේ නැත.
සජිත්ගේ ඉංග්‍රීසියේ බර වචන දෙක තුනක් අල්ලාගෙන විහිළු කරන මිනිසුන් සජිත් ඉංග්‍රීසියෙන් කතා කරමින් කිව්වේ මොනවාදැයි විමසිලිමත් වුණේ නැත.
විදෙස් රාජ්‍ය නායකයන්ට හෝ විදෙස් මාධ්‍යවේදීන්ට මුහුණදීමට බැරිව පැන යන නායකයන් ඉන්නා රටක, සජිත්ගේ ඉංග්‍රීසියේ බර හොයන මිනිසුන්ට අනෙක් දේශපාලනඥයන්ගේ බැරියාව සඟවන්නට සමාජ මාධ්‍ය මුදලාලිලා කටයුතු කළේය.

මෙලොව සෑම මිනිසකුම 100%ක් නිවැරැදිම නොවනු ඇත. ඔවුන් තුළ දක්ෂතා වගේම අඩුපාඩුකම්ද නැතුවා නොවේ. එහෙත් මිනිසකුගේ වටිනාකම්වලට වඩා‍, ඔහුගේ පුංචි හෝ අඩුපාඩුවක් උලුප්පමින් සමාජ මාධ්‍ය තුළ වීවුස් ගන්නා ඒජන්තවරුන්‍, කුලියට මිනී මරන කුලීකරුවන් හා සමානය. ඔවුන් හොඳ මිනිසකු මරා දමන්නේ අතට ලැබෙන මුදලේ වටිනාකම අනුවය.

ඇත්තටම සජිත් ඔළුවෙන් කළ දේ වෙනුවට‍, සජිත්ගේ පිටුපස ඇති පුංචි හෝ අත්වැරැද්දක්‍, නැතිනම් සමච්චල් කළ හැකි ක්‍රියාවක් අල්ලාගෙන උලුප්පා දක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් ඩොලර් සහ රුපියල් හොයද්දී‍, රටේ පොදු ජනතාවට සජිත්ව හරිහැටි කියවා ගැනීමට නොහැකි විය. එය කාලාන්තරයක් තිස්සේ සිදුකිරීම සජිත් ප්‍රේමදාස නම් වූ මිනිසා දේශපාලනිකව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවේ ප්‍රතිඵලය විය.
ඊට නිවැරැදිව පිළිතුරු නොදීමත්‍, එම අනතුර කල්තියා හඳුනා නොගැනීමත්‍, සජිත්ගේ අවාසනාව වගේම‍, මේ රටේ අභාග්‍යයක් බව නම් කිව යුත්තේය.ඔළුවෙන් අල්ලා ගැනීම වෙනුවට‍, සජිත්ගේ වලිගයෙන් අල්ලා ගැනීම

සජිත් ප්‍රේමදාස මේ රටේ මෙතෙක් බිහිවූ අවාසනාවන්තම දේශපාලකයා බව මාගේ අදහසයි. ඒ අන් කවරක් නිසාවත් නොව‍, රටේ මුල් පුටුවට තමන් සුදුස්සකු බව ජනතාවට තහවුරු කරන්නට තිබූ අවස්ථා කුමක් හෝ අහේතුවකට ඔහුම පැහැරහැරි නිසාය.

මෛත්‍රීපාල ජනපතිගේ‍, දින 52කේ ආරෝව මැද‍, රනිල්ගෙන් ගැලවූ අගමැති පුටුව මුලින්ම භාරගන්නැයි අවස්ථා කිහිපයකදීම ආරාධනා කර තිබුණේ සජිත්ටය. ඒත් පක්ෂ නායකත්වයට විරුද්ධ ⁣වීම නොහොබිනා කටයුත්තකැයි සිතූ සජිත් එය ප්‍රතික්ෂේප කළේය. රනිල් යළිත් අගමැති පුටුවේ වාඩිවිය. එහෙත් එදා අගමැති පුටුව රැකදුන් සජිත්ට කෘතවේදීත්වය පළකරනු වෙනුවට රනිල් කළේ සජිත්ට පක්ෂයෙන් යන තුරුම කකුලෙන් ඇදීමය.
යළිත් සජිත්ට අගමැති වී රටේ ජනාධිපති වෙන්නට අවස්ථාවක් උදාවුණේ ගෝඨාභය ෆේල් වීමත් එක්කය. එහෙත් අරගලයේ සටන් පාඨය වුණේ ‘ගෝඨා ගෝ හෝම්’ නිසා‍, එයට පිටුපෑමට නොහැකි බව කියූ සජිත්‍, ගෝඨාභය ජනාධිපතිවරයාට කොන්දේසි 4ක් දැමීමට කටයුතු කළේය.

ලිපියක් යවමින්‍, සජිත් කියා තිබු⁣ණේ‍, තමන් අගමැති වී ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවත්‍, එහෙත් ගෝඨාභය ජනපති ධුරයෙන් ඉවත්වන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කරන්නැයි කියාය. දෙවැන්න ලෙස සජිත් කිව්වේ‍, සති දෙකක් තුළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්නැයි කියාය.
එමෙන්ම ඒ වනවිටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ‍, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං⁣ශෝධනයේ සඳහන් පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කිරීම‍ තුන්වැනි කොන්දේසිය වූ අතර‍, එය රටේ බහුතර ජනතාවක් කාලයක් තිස්සේ ඉල්ලා සිටි යෝජනාවක් විය.

රට ස්ථාවර කිරීමෙන් අනතුරුව කෙටි කාලයක් තුළ ජනතා කැමැත්ත සොයන්නට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුය යන්න යෝජනාවත් අඩංගු කරමින් සජිත් යැවූ ලිපිය කසළ බඳුනට දැමූ ගෝඨාභය‍, කිසිදු කොන්දේසියක් නොදමා අගමැතිකම භාරගන්නට කැමැත්ත පළකළ රනිල්ට අගමැතිකම පිරිනැමීය.

එදා සජිත් අරගලකරුවන්ගේත්‍, රටේ බහුතර ජනතාවගේත් කැමැත්ත සහ බලාපොරොත්තුව තමන්ගේ කොන්දේසි කර නොගෙන රනිල් ලෙස‍ දිවගොස් අගමැතිකම භාරගත්තා නම් මේ රටේ 9 වැනි විධායක ජනාධිපති ධුරයට පත්වීමට ඔහුට ඕනෑ තරම් අවස්ථාව තිබුණේය.
ඒ ආකාරයෙන් සජිත් තමන්ට ලැබුණු අවස්ථාවලට පයින් ගැසුවේ‍, අවස්ථාවට වඩා ප්‍රතිපත්තිවලට මුල්තැන දුන් නිසා බව හොඳින්ම පැහැදිලිය.
විපක්ෂ නායක තනතුරට පත්වූ සජිත් රටේ මිනිසුන් වෙනුවෙන් කළ මෙහෙවරට වඩා ජනතාව ඔහුව අල්ලා ගත්තේ‍, ඔළුවෙන් නොව වලිගයෙන් බව කියන්නට තවත් කරුණු ඇත්තේය.

ඩොලර් වෙනුවෙන්‍, සමාජ මාධ්‍ය ක්‍රියාත්මක කරන ඔස්තාර්ලා පිරිස සජිත්ව බඩු බෙදන්නකු ලෙස හංවඩු ගහන්නට කොන්ත්‍රාත්තුව අතට ගත්තේය. ඊට අත්තටු දෙන්නට අනුරගේ ගැන්සියත්‍, රනිල්ගේ ගැන්සියත් පෙරමුණ ගත්තේය. ඒත් හරි හැටි සජිත් දුන් දේ දෙස බැලුවේ නම් ඔහු සලාක බෙදුවේ නැත, වැසිකිළි පෝච්චි හෝ ටකරන් බෙදුවේ නැත. ඔහු කළේ පක්ෂ භේදයක් නැතිව‍, අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරීමය. ඉන් ප්‍රතිලාභ ලැබුවේ සජිත්ට ඡන්දය දෙන පාක්ෂිකයන් නොව‍, අහිංසක දරුවන් සහ රෝහල් ඇඳන් මත ජීවිතය අයදින අහිංසක මිනිසුන්ය.

මේ සජිත්ගේ බෙදපු බඩුවල ඇත්ත කතාවය.
බඩු බෙදන ලේබලය අලවා තිබූ සජිත් විපක්ෂ නායකවරයා ලෙස ව්‍යවස්ථාදායකය තුළ කළ කිසිවක් රටේ මිනිසුන් හරිහැටි දැන සිටියේ නැත. දළ දේශීය නිෂ්පාදිතයට 50%කට වැඩි දායකත්වයක් ලබාදෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසාකයන්ට බලපෑ පරාටේ නීතිය තාවකාලිකව අහෝසි කරමින් ඔවුන්ගේ දේපළ සුරක්ෂිත කරන්නට සජිත් පාර්ලිමේන්තුව තුළ පෙරමුණ ගත්තේය. ඉන් නොනැවතී‍, ආසියානු සංවර්ධන බැංකුවේ ලොක්කන්ට කතාකළ සජිත්‍, අපේ රටේ ව්‍යවසායකයන්ට තමන්ගේ කර්මාන්ත ගොඩනගා ගන්නට ඩොලර් මිලියන 100ක් ඉල්ලා දුන්නේය.

මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාව ආර්ථිකමය වශයෙන් බංකොලොත් කළ රාජපක්ෂ පවුලත්‍, ඔවුන් පිටුපස සිටි නිලධාරී පැලැන්තියත්‍‍ අධිකරණයට අරන් ගියේ සජිත්ය. ඊට පසුව ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනා ඇමැති කෙහෙළිය ඇතුළු නිලධාරීන් ටිකට මාංචු දැමීමට සජිත් තමන්ගේ කණ්ඩායම මෙහෙයවීය.
පහුගිය සමයේ‍, ආන්දෝලනාත්මක ඪත්‍ී වීසා ගනුදෙනුව නතර කරන්නට කියා තමන්ගේ පිරිස උසාවියට යැවූ සජිත් ඒ ජයග්‍රහණය පසුගිය සතියේ රටට උදාකර දුන්නේය. ඒ වගේම ජනතාව වෙනුවෙන් විදුලි බිල අඩු කරන්නැයි‍, ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ සජිත්ය‍. ඒ හරහා ජනතාව වෙනුවෙන් පසුගිය සමයේ විදුලි බිල අඩුකර දුන්නේය.

මෙහෙම තමන් වෙනුවෙන් පෙනීසිටි දේශපාලනඥයකු වුවත්‍, ජනතාව ඔහුගෙන් දැක්කේ ගිටාර් ගහන, පියානෝ ගහන, ඩ්‍රම්ස් ගහන සජිත්ය. ඇත්තටම සජිත්ට හිනා වුණත්‍, ඒ සංගීත භාණ්ඩත් හරියට වයන්නට සජිත් දැන සිටියේය. එවැන්නක් දක්ෂතාවක් නැති මිනිහෙකුට කරන්නට බැරිය. එය සමච්චලයට ලක්කරන්නන් එය ඇගයීමට ලක් කළා නම් ඔහුට එය ආභරණයක් වන්නට තිබුණේය.

දරුවන් සමග ළෙන්ගතුකම බෙදාගන්නට‍, ඔවුන් සමග හරි‍ හරියට මුසුවෙමින් ක්‍රිකට් පිත්තක් අතට ගෙන සෙල්ලම් කිරීමත්‍, බාස්කට් බෝලයක් නිවැරැදිව දැල තුළට යොමු කිරීමත් අවඥාවට ලක්කරද්දී‍, දරුවන්ටද ඇසුරු කළ හැකි ඒ මානවවාදී මිනිසා ගැන කිසිවකුත් කතා කළේ නැත.

සජිත් ජපන් බසින් කතා කරනවාට හිනාවුණු මේ රටේ මිනිසුන්‍, පාර්ලිමේන්තුවේ හිටපු 225 අතරින් කී දෙනකුට ජපන් පුළුවන්ද කියා අසන්නේ නැත.
සජිත්ගේ ඉංග්‍රීසියේ බර වචන දෙක තුනක් අල්ලාගෙන විහිළු කරන මිනිසුන් සජිත් ඉංග්‍රීසියෙන් කතා කරමින් කිව්වේ මොනවාදැයි විමසිලිමත් වුණේ නැත.
විදෙස් රාජ්‍ය නායකයන්ට හෝ විදෙස් මාධ්‍යවේදීන්ට මුහුණදීමට බැරිව පැන යන නායකයන් ඉන්නා රටක, සජිත්ගේ ඉංග්‍රීසියේ බර හොයන මිනිසුන්ට අනෙක් දේශපාලනඥයන්ගේ බැරියාව සඟවන්නට සමාජ මාධ්‍ය මුදලාලිලා කටයුතු කළේය.

මෙලොව සෑම මිනිසකුම 100%ක් නිවැරැදිම නොවනු ඇත. ඔවුන් තුළ දක්ෂතා වගේම අඩුපාඩුකම්ද නැතුවා නොවේ. එහෙත් මිනිසකුගේ වටිනාකම්වලට වඩා‍, ඔහුගේ පුංචි හෝ අඩුපාඩුවක් උලුප්පමින් සමාජ මාධ්‍ය තුළ වීවුස් ගන්නා ඒජන්තවරුන්‍, කුලියට මිනී මරන කුලීකරුවන් හා සමානය. ඔවුන් හොඳ මිනිසකු මරා දමන්නේ අතට ලැබෙන මුදලේ වටිනාකම අනුවය.

ඇත්තටම සජිත් ඔළුවෙන් කළ දේ වෙනුවට‍, සජිත්ගේ පිටුපස ඇති පුංචි හෝ අත්වැරැද්දක්‍, නැතිනම් සමච්චල් කළ හැකි ක්‍රියාවක් අල්ලාගෙන උලුප්පා දක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් ඩොලර් සහ රුපියල් හොයද්දී‍, රටේ පොදු ජනතාවට සජිත්ව හරිහැටි කියවා ගැනීමට නොහැකි විය. එය කාලාන්තරයක් තිස්සේ සිදුකිරීම සජිත් ප්‍රේමදාස නම් වූ මිනිසා දේශපාලනිකව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවේ ප්‍රතිඵලය විය.

ඊට නිවැරැදිව පිළිතුරු නොදීමත්‍, එම අනතුර කල්තියා හඳුනා නොගැනීමත්‍, සජිත්ගේ අවාසනාව වගේම‍, මේ රටේ අභාග්‍යයක් බව නම් කිව යුත්තේය.

SendShareShare
Previous Post

එක්සත් ජාතීන්, ලෝක බැංකුව, ඉන්ටර්පෝල් එකට එක්වෙයි! හසීනා හොරකම් කරලා හංගපු ඩොලර් බිලියන 150ක් ආපහු රටට ගේන්න බංග්ලාදේශය ක්‍රමයක් හොයාගෙන! Sri Lanka Latest News

Next Post

හිටපු පාලකයෝ බිලියන ගණන් රටට පාඩු කරපු විගණන වාර්තා ගොන්නක් තියෙනවා! ඒවා ගැන කවුරුවත් තවම ඇහැක් ඇරලා බලලා නෑ! හිටපු විගණකාධිපති මේ කරන හෙළිදරව්ව ගැන හොරු අල්ලනවා කියලා බලයට ආපු අනුරගේ ආණ්ඩුව ඇහැ ඇරලා බැලුවොත් නරකද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper