දේශපාලනඥයන් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළුව 13 දෙනෙකුගේ විදේශ බැංකු ගිණුම් පිළිබදව බුද්ධි අංශ විමර්ශන අරඹයි. Sri Lanka Latest News
දේශපාලනඥයන් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළුව 13 දෙනෙකුගේ විදේශ බැංකු ගිණුම් පිළිබද බුද්ධි අංශ විමර්ශන අරඹා ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා වේ.
මෙහි පළමු පියවර වන්නේ, අදාල මූල්‍ය ආයතනවලින් ඒ පිළිබදව තොරතුරු ලබා ගැනීමයි.
එමෙන්ම, විදේශයන් හී මුදල් තැන්පත් කරන ක්‍රමවේද පිළිබදව ද බුද්ධි අංශ මේ වන විට විශේෂ අධ්‍යයනයක නිරතවන බව පැවසේ.
මෙය ඉතා දුෂ්කර කටයුත්තක් වුවත්, ඊට අවශ්‍ය සූක්ෂමතාවයෙන් යුතුව බුද්ධි අංශ මේ වන විටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.










