• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාළුවන් ගිය තැනටම යාළුවෝ ගිය විදියටම යන්න උඹ හිත හදාගත්තේ කොහොමද දුවේ? අපි මේක වාවගන්නේ කොහොමද රත්තරනේ! Sri Lanka Latest News

October 13, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
යාළුවන් ගිය තැනටම යාළුවෝ ගිය විදියටම යන්න උඹ හිත හදාගත්තේ කොහොමද දුවේ? අපි මේක වාවගන්නේ කොහොමද රත්තරනේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහිකරන්නේ දහසක් බලාපොරොත්තු තියාගෙන. තමන්ගේ දරුවා රටට ලෝකයට වැඩදායී යහපත් පුරවැසියෙක් වේවි කියන බලාපොරොත්තුවයි ඒ හැම අම්මා තාත්තා කෙනකුගේම හිතේ තියෙන්නේ. තමන්ගේ දරුවා ගැන ඒ විදියට බලාපොරොත්තු දල්වාගෙන ඉන්න මවුපියන්ගේ ඒ අහිංසක ප්‍රාර්ථනා මොකක් හෝ හේතුවක් හින්දා දරුවෝ බිඳලා දානවා නම් ඒක මොන තරම් පාපයක්ද?
පසුගිය ඔක්තෝබර් 07 වැනදා කොළඹ නෙළුම් කුලුනෙන් ඇදවැටී කොල්ලුපිටියේ පදිංචිව සිටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ 15 හැවිරිදි පාසල් සිසුවියක් මියගියා. ඇය පාසල නිමාවී යළි නිවෙස වෙත නොගොස් නෙළුම් කුලුනට පැමිණ තිබුණේ පාසල් නිල ඇඳුම වෙනුවට වෙනත් පාට ඇඳුමකින් සැරසිලා. නෙළුම් කුලුන පරිශ්‍රයේ බිම් මහලේ පිහිටි පොදු වැසිකිළියට ගොස් එලෙස ඇය ඇඳුම් මාරුකරගෙන ඇති අතර, පාසල් නිල ඇඳුම ඇගේ බෑගයේ තිබී පසුව සොයාගෙන තිබුණා. (Sri Lanka Latest News)

එදින සවස 2.45ට පමණ තනිවම නෙළුම් කුලුනට පැමිණ තිබූ ඇය එහි නැරඹුම් මැදිරිය වෙත යෑමට ටිකට් පතක්ද මිලදී ගෙන තිබූ බවයි හෙළිව ඇත්තේ. ඒ වනවිටත් එහි ආරක්ෂක නිලධාරීන් 5 දෙනකු පමණ සේවයේ යෙදී සිටියත් ඔවුන්ටද සැකයක් මතු නොවන සේ පාසල් සිසුවිය එහි ගොස් තිබෙනවා.
අනතුරුව නැරඹුම් මැදිරිය ළඟ ඇය රැගෙන ආ පාසල් බෑගය සහ සපත්තු දෙක තබා කිසිවකු ඒ අසල නොමැති අවස්ථාවක් බලා ඇය ඉන් බිමට පැන ඇති බවටයි ආරක්ෂක අංශ සැක පළකරන්නේ. ඇගේ සිරුර නෙළුම් කුලුනේ 29 වැනි මහලේ සිට 03 වැනි මහලේ විවෘත ස්ථානයකට වැටී තිබුණා. මීටර් 250ක පමණ උසකින් පහළට ඇදවැටුණු නිසා සිසුවියගේ හිසට බරපතළ හානි සිදුවීම හේතුවෙන් ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

පොලිසිය සිදුකළ විමර්ශනවලින් පසුව මළ සිරුර කොළඹ පොලිස් රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබුවා. පොලිසිය පවසා තිබුණේ ඇය සියදිවි හානි කරගැනීමේ අරමුණෙන් එහි පැමිණ ඇති බව සීසීටීවී දර්ශන තුළින් තහවුරු වන බවයි. පාසල් බෑගය තුළ ක්‍රියා විරහිත කරන ලද ජංගම දුරකතනයක්, රුපියල් 1580ක මුදලක්, බීම බෝතලයක් සහ පාසල් නිල ඇඳුම තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස මියගොස් ඇත්තේ කොළඹ කුරුඳුවත්තේ පිහිටි ජාත්‍යන්තර පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ රාධ්‍යා ගුණසේකර නමැති සිසුවියකි. මෙම සිසුවිය ඉගෙනගත් පාසලේ එකම පන්තියේ ඉගෙනගත් තවත් පාසල් සිසුවෙක් සහ සිසුවියක් පසුගිය ජූලි මස 02 වැනිදා මේ ආකාරයටම කොළඹ සර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි අල්ටෙයාර් ගොඩනැගිල්ලේ ඉහළ මහලෙන් බිමට පැන සියදිවි හානි කරගගෙන තිබුණා. එලෙස මියගොස් තිබුණේ එකම පන්තියේ ඉගෙනුම ලැබූ වැල්ලවත්තේ සහ කැලණියේ පදිංචිව සිටි සිසු සිසුවියන් දෙදෙනෙකි. රාධ්‍යා සිසුවියද ඔවුන්ගේ හොඳම යෙහෙළියක් බවටයි තොරතුරු අනාවරණ වන්නේ.

එලෙස අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කරගත් සිසුන් දෙදෙනාගේ මරණයෙන් කම්පාවට පත්ව සිටි රාධ්‍යා සිසුවිය ඔවුන්ගේ තුන්මස දානමය පින්කමටද සහභාගි වී තිබුණා. ඇයද ඒ ආකාරයටම සියදිවි හානි කරගැනීමට තීරණය කර ඇත්තේ මෙම දානයට සහභාගි වීමෙන් පසුව බවට පොලිසිය අනුමාන කරනවා. කෙසේ වෙතත් මෙම මරණ තුනම එකිනෙකට සම්බන්ධ ගැටලුවක් නිසා සිදුවූවාද යන්න සම්බන්ධයෙන් මරදාන පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.

රාධ්‍යා සිසුවියගේ මරණයත් සමගම අල්ටෙයාර් ගොඩනැගිල්ලේ සිදුවීමද නව මුහුණුවරක් ගෙන බොහෝ දෙනෙකුගේ අවධානයට නැවත යොමුවන්නට වුණා.
අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි නසාගත් සිසුවිය සහ සිසුවා ත්‍රිරෝද රථයකින් එම ගොඩනැගිල්ලට පැමිණෙන ආකාරය සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණා. අනතුරුව එහි 5 වැනි මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති ඔවුන් එහිදී පාසල් නිල ඇඳුම වෙනස් කර පාසල් බෑගය තබා දෙදෙනාම විදුලි සෝපානය ඔස්සේ 67 වැනි මහලයට ගමන්කරන ආකාරයද නිරීක්ෂණය වී ඇත. එම අල්ටෙයාර් ගොඩනැගිල්ල තට්ටු 70කින් සමන්විත වන අතර, පිටතින් පැමිණෙන්නකුට ගමන් කළ හැකි උපරිම මහල වනුයේ 67 වැනි මහලය. පසුව ඔවුන් පඩිපෙළෙන් විවෘත ස්ථානයට ගමන් කර අති අතර, ඔවුන් පහළට ඇද වැටී තිබුණේ එම ස්ථානයෙන් බවටයි පොලිසිය හඳුනාගෙන තිබුණේ. මෙම සිසුන් දෙදෙනාගේ සිරුරු 3 වැනි මහලේ පිහිටි වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ පතිත වී තිබියදී සොයාගැනුණු අතර, ඒ වනවිටත් ඔවුන් ජීවිතයෙන් සමුගෙන ගොස් තිබුණා. සිසුවා සහ සිසුවිය පෙම්වතුන්ද නැද්ද යන්න අනාවරණ කරගැනීමට පොලිසියට හැකිව තිබුණේ නැහැ.

මෙම සිසුන් දෙදෙනා අල්ටෙයාර් තට්ටු නිවාසයට පැමිණ තිබුණේ ඉමාම් නමැති පාකිස්තාන ජාතිකයකුගේ නමක් පවසමිනි. එහි 61 වැනි මහලේ පදිංචිව සිට ඇති එම මිතුරාගේ පියා පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරක් දරන අයකු බව කියැවිණි. ඒ අනුව එම නිවෙසේ පැවැති සාදයකට සහභාගි වීමට අවශ්‍ය බව සිසුන් ගොඩනැගිල්ලේ ආරක්ෂකයන්ට පවසා ඇත. පසුව ආරක්ෂක නිලධාරීන් ඉමාම් නමැත්තාට දුරකතන ඇමතුමක් ලබාදී, අනතුරුව සිසුන්ට අදාළ මහල් නිවාසයට ඇතුළු වීමට අවසර දී තිබේ.

මෙලෙස මියගිය සිසුවිය වන රෝස් නම් දැරියට ඇගේ මව දුරකතනය ඇමතුමක් ලබාගෙන ඇති අතර දැරිය එම ඇමතුම විසන්ධි කර ඇති බවයි හෙළිව තිබුණේ. රෝස්ගේ පියා තම දියණියගේ හොඳම මිතුරා වූ මියගිය සිසුවාගෙන් අසා තිබුණේ ‘දුව එක්ක කොහේ හරි ගියාදැ’යි කියාය. මියගිය සිසුවා කලබලයට පත්ව ඇය තමා ළඟ නැති බව පවසා ඇති අතර, නීතිඥයකු වූ රෝස්ගේ පියා එම පිළිතුරෙන් සෑහීමකට පත්ව තිබුණේ නැහැ. පසුව පියා පවසා තිබුණේ ‘ඇත්ත කියන්න. නැත්නම් මම පොලිසියට කියනවා’ යනුවෙනි. කෙසේ වෙතත් එම සිදුවීමෙන් ටික වේලාවකට පසුව සිසුන් දෙදෙනා උඩු මහලෙන් බිමට පැන ඇති බවයි පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණේ. එලෙස සියදිවි නසාගත් දරුවන්ගේ පොත් බෑග් සහ සපත්තු සොයාගෙන තිබුණේ එම ගොඩනැගිල්ලේ 28 වැනි මහලෙනි. එකම පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබා මෙලෙස සියදිවි නසාගත් තිදෙනාගේ මරණ තුන පිටුපස යම් රහස් සිදුවීමක් ඇද්ද යන්න සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදුවෙමින් පවතී. අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන මියගිය රෝස් සිසුවිය, ඇය මියගිය දින පාසලෙන් පිටවීමට පෙර රාධ්‍යා සිසුවියව කිහිප වතාවක් සිප වැලඳගෙන ඇති බවත්, එදින රාධ්‍යා දියණිය කනගාටුවෙන් පසුවූ බවත් ඇගේ පියා පවසා ඇත. රාධ්‍යා මෙත්මලී ගුණසේකර දැරියගේ පියා වන මංගල ගුණසේකර මහතා කොළඹ නාගරික මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රූප් මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් එම සිදුවීම විස්තර කර තිබුණේ මෙලෙසය.

‘මගේ දුව ඉගෙන ගත්තේ කොළඹ 07 ග්‍රෙගරි පාරේ තියෙන ජාත්‍යන්තර පාසලක 11 වැනි වසරේ. එයා පාසලට එක්කන් එන්නෙත් එක්කන් යන්නෙත් අපිම තමයි. එදා උදේ 7.10ට විතර පාසලට මම ගිහින් ඇරලුවා. අපේ දුව එදා ගීතිකා පුහුණුවක් සඳහා අමතර පන්තියක් තියෙනවා කියලා හිටියා. දවල් 2ට විතර පාසලේ ගේට්ටුව ළඟට ගිහින් දුවගේ කෑම එක දුන්නා. හවස 4.55ට විතර දුවගේ ෆෝන් එකට කතා කළාම උත්තර දුන්නේ පොලිසියෙන්. පොලිසියෙන් කිව්වා අනතුරක් වෙලා තියෙනවා, නෙළුම් කුලුන ළඟට එන්න කියලා.’

‘මමයි මගේ බිරිඳයි මේ දුවගේ හැම දේම බලන්නේ. මම රබර් නිෂ්පාදන ව්‍යාපාරයක් කරගෙන යනවා. නෙළුම් කුලුනට දුව කොහොම ගියාද කියලා දන්නේ නැහැ. අපි දුවගේ අතට කවදාවත් සල්ලි දෙන්නේ නැහැ. බැංකු ගිණුමක් තිබුණත් ඒකෙන් එයාට සල්ලි ගන්න බැහැ අවුරුදු 18ට අඩු නිසා. ඒ තරම් මුදල් අවශ්‍යතාවකුත් නැහැ. මේ දුව මේ අවුරුද්දේ ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න නියමිතව හිටියේ. අපි දුවට ෆෝන් එකක් අරන්දීලා තිබුණේ. අපි හිටපු ගමන් දුවට කතා කරනවා. දුව හිටපු ගමන් පාසල් යන්න බැහැ කියනවා. ගිය සතියේ දවස් දෙකක් පාසල් ගියේ නැහැ. ඒක නිසා තමයි දුවට එදත් කතා කළේ. දුව හොඳට හිටියා. මානසික ආතතිය තිබුණා. ගිය අවුරුද්දේ නොවැම්බර් සිට අගෝස්තු වෙනකල් මානසික ආතතියට බෙහෙත් ගත්තා. එයා හිටපු ගමන් කලබල වෙනවා. හිටපු ගමන් නිහඬ වෙනවා. ජූලි මාසයේ අල්ටෙයාර් කුලුනෙන් පැන්න දරුවෝ දෙන්නත් දුවගේ පන්තියේ. ඒ දරුවෝ සියදිවි නසාගත් දවසේ ඉඳලා දුව දුකෙන් හිටියේ….’

මිනිස්සුන්ගේ හිතේ ඇතැම් වෙලාවට යම් යම් කම්පන ඇතිවෙනවා. ඒ තත්ත්වය දරුණුයි කියලා දැනෙනවා නම් ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සිදුකළ යුතුයි. මානසික ආතතිය තමන්ගේ ආදරණීයයකුට ඇත්නම් එය ගණන් නොගෙන සිටීම කිසිසේත්ම නොකළ යුතුයි. පාසල් දරුවන් හිත්වල ආතතියක් ඇති බව හැඟේ නම් ඔවුන්ට උපදේශනය අවශ්‍යයි. විශේෂයෙන්ම මවුපියන් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. දරුවන්ගේ සිත් සුවපත් කරන්න පුළුවන් මවුපියන්ට විතරයි. ඔවුන් තමයි දරුවන්ගේ සිත්වල තියෙන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියලා හරියටම දන්නේ. ජීවිතේ ඉදිරියට එන කඩාවැටීම් බිඳවැටීම් මේ හැම දේකටම ඔරොත්තු දෙන විදියට දරුවෙක් නිර්මාණය කිරීම මවුපියන්ගේ වගකීමක් වෙනවා.

මෙලෙස දරුවන් තිදෙනකුම එකම ආකාරයට සියදිවි නසාගැනීමට බලපාන මානසික තත්ත්වය සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

‘විවිධාකාර හේතු නිසා නව යොවුන් වියේ සිටින දරුවන් මානසික පීඩාවකින් සිටින බව අපිට පෙනී යනවා. මෙයට විවිධ හේතු තියෙනවා. විශේෂයෙන් විභාග ආතතිය, මවුපියන්ට තියෙන විවිධ ගැටලු නිසා දරුවන් ගැන සොයා බලන්න නොහැකි වීමද මීට බලපානවා. දරුවෝ මානසික පීඩාව අඩුකර ගන්න පරිගණක තුළ අන්තර්ජාලයේ විවිධ ක්‍රම අනුගමනය කරනවා. විශේෂයෙන් ඇතැම් පරිගණක ක්‍රීඩාවලින් කෙනකුගේ ජීවිතය විනාශ කරන්න විවිධ උපක්‍රම භාවිත කරනවා. ගැටලුවලට එකම විසඳුම තමන්ට හානි කරගැනීම කියලා පරිගණක ක්‍රීඩා තුළින් අදහස් ඇතිකරන්න පුළුවන්. මේ නිසා දරුවන් මනෝරාජික ලෝක තුළ අතරමං වෙනවා. මේ අවස්ථාවල මවුපියන්ගේ වගකීම තමයි දරුවෝ මොන වගේ ක්‍රීඩාද කරන්නේ අන්තර්ජාලයේ මොනවද බලන්නේ කියා අවබෝධයෙන් සිටීම. මුල් අවස්ථාවේ හඳුනා ගත්තොත් දරුවන් මේ තත්ත්වයෙන් මුදාගන්නට පුළුවන්…’

මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා පැවසුවේ මෙවැන්නකි.
‘දරුවෙක් කුඩා කාලේ මොළය 25%ක් සම්පුර්ණ කරනවා 75% සමාජයට හදන්න ඉඩ හරිනවා. මොළය ඇතුළේ තියෙනවා යම් සංවර්ධන සැකැස්මක් එදිනෙදා එන ගැටලු විසඳා ගන්න. ඒ සඳහා ප්‍රජානන සංවර්ධනය අවශ්‍යයි. ඒ හරහා තමයි ගුණාත්මක පුරවැසියෙක් බිහිවෙන්නේ. සංවර්ධනය වන කාලය තුළ දරුවකුට දැඩි පීඩනයක් එල්ල කළොත් මොළයේ සංවර්ධන ක්ෂේත්‍ර විකෘති වෙනවා. ඒ නිසා දරුවන්ට කුඩා කාලයේදී දැඩි මානසික පීඩනයක් එල්ල නොකළ යුතුයි….’

මනෝ විද්‍යාඥ රූමි රූබන් ‘මව්රට’ට කතා කරයි…

තරුණ වියේ පසුවන දරු දැරියන් ආතතියෙන් පෙළෙමින් සිට සියදිවි හානි කරගැනීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට ඇති නිසා ඔවුන්ගේ හැසිරීම් රටාවේ වෙනස්වීම් ගැන මවුපියන් මෙන්ම ගුරුවරුන්ගේද අවධානය යොමුවිය යුතුව ඇතැයි ගාල්ල කරාපිටිය රෝහලේ මනෝවිද්‍යාඥ, විශේෂ වෛද්‍ය රූමි රූබන් මහතා ‘මව්රට’ට පැවැසීය.

අධ්‍යාපන ක්‍රමයේ තරගකාරීභාවය මත මවුපියන්ගෙන් ඇතිවන පීඩනය මත ඇතිවන ආතතිය නැතිකර ගැනීම සඳහා ඇතැම් දරු දැරියන් අන්තර්ජාලයේ පිහිට පතන්නට යෑමෙන් ඒ මනෝ ලෝකයේ අතරමං වීමද මෙසේ සියදිවි හානි කරගැනීම්වලට හේතුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දරු දැරියන්ගේ ජීවන රටාවේ වෙනස්කම් දුටු විට ඔවුන්ගේ ගැටලු ගැන මවුපියන් ඔවුන්ගෙන්ම විමසමින් ඔවුන්ට තව තවත් ළං වන්නේ නම් තරුණ වියේ මෙවැනි සියදිවි නසාගැනීම්වලින් දරුවන් බේරාගැනීමට හැකි බවයි ඔහු පවසන්නේ.

ගුරුවරුන් මෙන්ම මවුපියන්ටද අධික වැඩ රාජකාරි නිසා මානසික ආතතියෙන් පෙළෙන දරුවන් කොන් නොකිරීමටද වගබලා ගැනීමද වැදගත් බවයි වෛද්‍ය රූබන් මහතා පෙන්වා දෙන්නේ.

එවැනි දරු දැරියන්ට අන්තර්ජාලය සහ වීඩියෝ ක්‍රීඩාවලින්ද වැරැදි අදහස් ඇතිවිය හැකි බවද ඔහු පැවැසීය. එම දරුවන් මනෝ වෛද්‍යවරුන් හමුවට පැමිණවීමද මවුපියන්ගේ වගකීම බවයි ඔහු පැවැසුවේ.

තමන්ගේ ආදරණීයයකු මානසික ආතතියකින් හෝ සිත් තැවුලකින් පසුවෙනවා නම් 1926 / 1333 හෝ 0707 308308 යන දුරකතන අංක අමතා නොමිලේ උපදෙස් ලබාගැනීමට පුළුවන්. රහස්‍යභාවය රකිමින් ඔවුන් ඔබේ මානසික පීඩාවෙන් මිදීමට උපදෙස් ලබාදෙනු ඇත.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ගංවතුර නිසා පාසල් රැසක් දින 2ක් වහයි! සමහර පාසල් හෙට විතරක් වහලා! I Sri Lanka Latest News‍

Next Post

අරයා මරපු එක මෙයා මරපු එක විතරක් හොයලා මදි! රිචඩ් ද සොයිසාගේ සිට ලසන්ත දක්වා මරාදැමූ සියලු මාධ්‍යවේදීන්ට සාධාරණය ඉෂ්ට කරන්න! අරන් ගිහින් අතපය බැඳලා ගහලා… කකුල් කඩලා… පිටවල් කපපු අය ගැනත් හොයලා රටට හෙළිදරව් කරන්න! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.