හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කොට තිබේ.Sri Lanka Latest News
එම දේශපාලන පක්ෂයේ නම වන්නේ ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ’ වේ.
‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ (United Democratic Voice) නම් වූ මෙම දේශපාලන පක්ෂය ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සහ ලයිකා සමූහ ව්‍යාපාරයේ අධිපති අල්ලිරාජා සුබාස්කරන් විසින් නිර්මාණය කරන ලද පක්ෂයක් බව ද අපි මින් පෙර හෙළි කළෙමු.
මෙම පක්ෂය ‘මයික්‍රොෆෝනය’ ලාංඡනයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අතර, ප්‍රතිපත්ති ප්‍රකාශය ද, ඉදිරියේ දී එළිදැක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් ද, මෙම පක්ෂය සමග එක් වී ඇති අතර, ඔහු ඉදිරි මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටියි. ඩිල්ෂාන් මෙම පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් ද කටයුතු කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ද, රංජන් නායකත්වය දරන පක්ෂය සමග එකතු වී සිටියි.










