හොරු ඇල්ලුවේදැයි අද වන විට හොරු තමන්ගෙන් අසමින් සිටින්නේ ඇයි ජාතික ජන බලවේගය ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා වීසා ගනුදෙනුවටත්, පාස්පෝට් ගනුදෙනුවටත් මැදහත් වූ ආතාරය පිළිබද සියලු තොරතුරු මේ වනවිට හෙළිදරව් වෙමින් තිබෙන බවත්, ඊට සම්බන්ධ සියලු දෙනාට නීතියෙන් දඩුවම් ලබා දෙන බවත් ඒ මහතා කීය.
නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවක් පත්ව ඇති නිසා වලං කඩයට පැන්න ගොනෙකු සේ කටයුතු කළ යුතු නැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
පොහොට්ටුවේ මෙන්ම සමගි ජන බලවේගයෙත් එජාපයෙත් සිටින හොරුන්ගේ ඔට්ටු සෙල්ලම මෙවර අවසාන කරන බවත් මේ ගතවන්නේ අවසන් පැය කිහිපය විය හැකි බවත් ඔහු කියා සිටී.
මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.










