රුපියල් කෝටි ගණනක් වටිනා වෙඩි නොවදින බෙන්ස් රථ, ජීප් රථ 10ක් පමණ පිටස්තර ප්‍රදේශවල ගරාජවල වසර ගණනක් තිස්සේ ගාල්කර ඇති බවට හෙළිව ඇති තොරතුරු පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා පැවැසීය. (Sri Lanka Latest News)
මෙම අධි ආරක්ෂිත මෝටර් රථ යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා තවත් කෝටි ගණනක් වියදම් කර ඇද්ද, නැතහොත් ඒවා එම ස්ථානවලම දිරාපත් වීමට ඉඩහැර ඇද්ද යන්න ගැනද විශේෂයෙන් සොයා බලන බවයි ඔහු සඳහන් කළේ.
අදාළ වාහන යළි නඩත්තු කර වෙන්දේසි කිරීම හෝ වෙනත් ක්‍රියාමාර්ග ගතහැකිද යන්න ගැන පරීක්ෂා කිරීම සඳහා මෝටර් කාර්මික ඉංජිනේරුවරුන් පිරිසකගේ සහාය ලබාගැනීමටද තීරණය කොට තිබේ.
පසුගියදා රජයේ වාහන පිටස්තර නිලධාරීන්ට බෙදාහැරීමේ සිද්ධියට අදාළව පරීක්ෂණ පැවැත්වීමේදී මෙම වෙඩි නොවදින රථ ගැන තොරතුරු හෙළිව ඇත.
ප්‍රේමලාල් විජේරත්න










