කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද රාත්‍රී 11.00 දක්වා වලංගුවන පරිදි ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එහි දැක්වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.










