ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.Sri Lanka Latest News
මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළාය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.













