දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවය.
එමෙන්ම දකුණු පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.










