ජනාධිපතිවරණයේදී පක්ෂය පාවාදුන් කිසිවෙකුට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබානොදෙන බව එම පක්ෂය පවසයි. Sri Lanka Latest News
එහි මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද (30) කොළඹ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය.
“අපේ පක්ෂය පාවා දීපු කොටසක් ඉන්නවා. ඒ කොටසට දේශපාලන වශයෙන් පත්වෙලා තියෙන තත්ත්වය ගැන මම කතා කරන්න කැමති නැහැ. පක්ෂය පාවාදුන් කිසිම කෙනෙක් නැවත පක්ෂයේ ඉහළ නිලතල ලබාදීමක් හෝ නාමයෝජනා ලබාදීමක් කරන්නේ නැහැ. කිසිම ආකාරයකින් පක්ෂය පාවා දීලා ගිය අයව නම් අපි මේ පක්ෂයට ගන්නේ නැහැ. පක්ෂය තීන්දුවක් ගත්තා. ඉදිරි මහ මැතිවරණයට ලංකාවේ තියෙන සියලුම දිස්ත්‍රික්ක සඳහා පොහොට්ටුව ලකුණ යටතේ තරග කරනවා.”










