ඉදිරි මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (30) දින පැවැත්වීමට හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙම සාකච්ඡාව නාරාහේන්පිට, “අභයාරාම විහාරස්ථාන” ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව පැවසේ.
ඉකුත් ආණ්ඩුව තුළ සිටි දේශපාලන පක්ෂ රැසකට මේ සදහා ආරාධනා කොට ඇති බවද දැනගන්නට ඇත.
මේ වනවිට ඉදිරි මැතිවරණය සදහා තරග කිරීමට ලකුණු කිහිපයක්ම එම පාර්ශව වෙත ඉදිරිපත්ව ඇති බවද වාර්තා වේ.










