මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
කඩු ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව පොලිසිය පවසයි. මෙසේ බරපතළ තුවාල ලබා ඇත්තේ යාපනය, මනියම්තෝට්ටේ ප්රදේශයේ පදිංචි බස් හිමියකු බව පොලිසිය පවසයි.
එම කඩු ප්රහාරවලින් බස් හිමියාගේ අත් දෙක බරපතළ තුවාල ලබා ඇති බවත් එම අවස්ථාවේදී බස් රථයෙන් සිටි කාන්තාවන් කීපදෙනකු බසයෙන් බැස සී සී කඩ දිවගොස් ඇති බවත් පොලිසිය පවසයි.
සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් හේතුවක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
lankadeepa









