ශ්‍රී ලංකාවේ නව දේශපාලන නායකත්වය සමග සාකච්ඡා ආරම්භ කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් ලබන ඔක්තෝබර් 2 වන අඟහරුවාදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.Sri Lanka Latest News
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන ප්‍රධානී ජුලී කොසැක් පවසන පරිදි, ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ අරමුදලේ තුන්වන සමාලෝචනය, අලුතින් තේරී පත් වූ රජය සමඟ සම්බන්ධ වීමට නියමිත කාලසටහන සමඟ ඔක්තෝබර් මැද භාගයේදී සැලසුම් කර ඇත.
සිය පළමු රූපවාහිනී දේශනයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක, ජාමූඅ සමග සාකච්ඡා කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම කැපවීම අවධාරනය කලේ, රටේ බරපතලම ආර්ථික අර්බුදයකින් රට සම්පූර්ණයෙන් ගොඩගැනීම සඳහා මෙම සාකච්ඡා වල වැදගත්කම අවධාරනය කරමිනි.










