ලංකාවේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට තමන් කටයුතු කරන බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයට නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ද විරෝධය පළ කොට තිබේ.
ට්විටර් පණිවුඩ තබමින් නාමල් සහ යෝෂිත පෙන්වා දී ඇත්තේ හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඉදිරිපත් කළ කරුණු සමග තමන්ද එකඟ වන බවකි.
”මහේල ජයවර්ධන මෙහිදී ඉස්මතු කර ඇති කරුණ ගැන ඉතා බැරෑරුම් ලෙස සිතා බැලිය යුතුයි. මෙවැනි කරුණු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී බලධාරීන් සෑම පාර්ශවයක් සමග කරුණු සාකච්ජා කොට ඔවුන්ගේ මතය දැන ගැනීම වැදගත්” බව මෙහිදී නාමල් රාජපක්ෂ පෙන්වා දී ඇති අතර යෝෂිත රාජපක්ෂ සඳහන් කර සිටියේ වර්ථමාන සෞඛ්‍ය අර්බුදය දෙස බලන විට ක්‍රිකට් පිටියක් ඉදිකිරිම වැනි විශාල යටිතල පහසුකම් ව්‍යාපෘතියක් අවශ්‍ය නොවන බවයි.












