කොරෝනා රෝගීන් දුරස්ථව සිට පරීක්ෂා කළ හැකි නවීන කැමරා තාක්ෂණය සහිත සුවිශේෂී රොබෝ යන්ත්‍රයක් පසුගිය දිනෙක විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබ තිබේ.
භාතිය කළුපහන ශිෂ්‍යයා විසින් නිර්මාණය කරන ලද මෙම රොබෝ යන්ත්‍රය ජාතික පර්යේෂණ සභාවේ අධීක්ෂණය සහ අනුමැතිය යටතේ නිර්මාණය කරනු ලැබූවකි.
ජාතික පර්යේෂණ සභාවේ නිර්දේශ මත මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් ‘ස්වරක්ෂා’ ජංගම දුරකථන ඇප් එකක් නිර්මාණය කරනු ලැබූ අතර එම ඇප් එකද එදින අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් සිල්වා මහතා, මහාචාර්ය නන්දන ජයරත්න මහතා, ජාතික පර්යේෂණ සභාවේ ප්‍රධාන විධායක නිලධාරී මනීෂා රාජපක්ෂ මහත්මිය, විශේෂඥ වෛද්‍ය හේමන්ත දොඩම්පහළ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.












