• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විභාග දෙපාර්තමේන්තුව ශිෂ්‍යත්වෙත් ෆේල්! Sri Lanka Latest News

September 29, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශිෂ්‍යත්ව ප්‍රතිඵලය ආවා. මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙන කවරදාටත් වඩා දැඩි ආන්දෝලනාත්මක විභාගයක් බවට පත්වෙනවා. මේ සම්බන්ධයෙන් බොහෝ අය සමග කතාබහ කරලා තොරතුරු එකතු කරගෙන ලියන ලිපියක් මේක. අපි මේ සම්බන්ධව කතාබස් කළේ සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවේ ඉන්න ඉතා විශ්වාසවන්ත සහ හිතවත්, ශිෂ්‍යත්ව විභාගයට සම්බන්ධ වුණු බොහෝ පුද්ගලයන් සමග. සමහර අය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන්ගේ මවුපියෝ. ඒ නිසා මේ ශිෂ්‍යත්ව විභාගය ගැන අපට බොහෝ දේ ඔබට කියන්න පුළුවන්කම තියෙනවා. (Sri Lanka Latest News)

මේ ගැන ලියන්න පුළුවන් නම් මේ වෙලාවේ අපේ දරුවෝ වෙනුවෙන් කරන ලොකු උපකාරයක්. අපි ලංකාව පුරා ඉන්න මේ ප්‍රශ්නේ නිසා අගතියට පත්වුණු මවුපියන් එකතු වෙලා ගෲප් එකක් හදාගෙන තියෙනවා. ඒ මොහොතේ ඒ විදියටවත් මවුපියන් ක්‍රියාත්මක වුණේ නැත්නම් අද වෙද්දී හැමදේම යටපත් වෙලා තියෙන්න තිබුණා. මේ විදියට මවුපියන්ගේ මැදිහත් වීමෙන් මේ ගැන විමර්ශනයක් කරන්න සී.අයි.ඩී. එකට භාරදීලා උත්තර පත්‍ර පරීක්ෂාව නවත්තලා තියෙනවා. ඒත් ඒ ගෲප් ඇතුළේ අපි කතාකරගත්තට පිටට මේ ප්‍රශ්නේ ලොකුවට දැනෙන්නේ නෑ. ඔවුන් අපට එහෙම කිව්වා.

අපි හෙව්වා මොනවද මේ පිටවුණා කියන ප්‍රශ්න. අපට දැනගන්න තියෙන විදියට පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10කට වැඩිය පිටවෙලා කියලත්, දෙවැනි ප්‍රශ්න පත්‍රයේ රචනාව, ඉංග්‍රීසි සහ දෙමළ ටිකත් එළියට ඇවිල්ලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය එළියට දැම්මේ කවුද කියන එක ගැන මේ වෙද්දී විවිධාකාරයේ පරීක්ෂණ පැවැත්වෙමින් යනවා. ජාතික අධ්‍යාපන ආයතනයට අනුයුක්ත නිලධාරියෙක්, ඒ වගේම කුරුණෑගල ප්‍රදේශයේ පන්ති පවත්වන ගුරුවරයෙක් ඇතුළු පිරිසක් මේ වෙද්දී අත්අඩංගුවට පත්වෙලා අවසානයි. මේ විදියට පුද්ගලයන් අත්අඩංගුවට පත්වීමත් එක්ක විවිධ කතන්දර එළියට එනවා. එකක් තමයි එක්තරා ශිෂ්‍යයෙක් නිලධාරියෙක්ගේ දරුවෙක් මේ විදියට ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටකරලා ඔහුට එක්තරා දිස්ත්‍රික්කයක ප්‍රථම ස්ථානයට පත්වෙන්න පුළුවන් වෙලා කියන එක. ඔහු එහෙම ප්‍රථම ස්ථානයට පත්වීමත් එක්ක ඔහු ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ පාසලකට ඇතුළත් වෙනවා කියන එක. ඒ ප්‍රධාන පෙළේ පාසලේදී ඔහු සාමාන්‍ය පෙළ අසමත් වෙනවා කියන එක. එහෙම අසමත් වෙලා ඔහුගේ ජීවිතයට සිද්ධ වුණු හානිය සහ වෙනත් දරුවන්ට සිද්ධ වුණු හානිය ගැන කිරා මැන බලන නිර්ණායකයක් නැතිවීම ගැන අපි කනගාටු වෙනවා.

කොහොම නමුත් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවුණා නම් ඒ පිටවීම සම්බන්ධයෙන් පළමුවෙන්ම වගකියන්න ඕනේ ජාතික අධ්‍යාපන ආයතනය. නැත්නම් ප්‍රශ්න පත්‍ර හදන තැන. ඒ වගේම විභාග දෙපාර්තමේන්තුව. විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශය තමයි ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන්නේ. විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශය විසින් ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කරද්දී එම ප්‍රශ්න පත්‍රය එළියට ගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. ඒක තමයි මේ විභාගයේ තියෙන ස්වභාගය. ගුරුවරු, මවුපියෝ හැමෝම බලාගෙන ඉන්නේ ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් හරි පිටවෙනවා නම් කොහොම හරි ඒක ගන්න. ඒක ඔවුන්ගේ ස්වභාවය. මොකද මේක තරග විභාගයක්. ශිෂ්‍යත්වය කියන තරගය ඇතුළේ හැම වෙලාවකම හැම මවුපියෙක්ම, හැම දරුවෙක්ම උත්සාහ කරන්නේ තමන් එක්ක ඉන්න අනෙක් දරුවා පරාජය කරලා ඉස්සරහට යන්න. මුලින්ම වේගෙන්ම දුවන 10ට 15ට තමයි වරප්‍රසාද ලැබෙන්නේ. ඒ විදියට තමයි මේ විභාගය නිර්මාණය කරලා තියෙන්නේ. ජාතික පාසල්, ප්‍රධාන පාසල්, කොළඹ පාසල්. මේවට දරුවෝ ඇතුළත් කරගන්න මවුපියන්ට හීනයක් තියෙනවා. ඒ හීනය බොඳ කරලා විභාගයත් එක්ක පිස්සු නටන්න කිසිසේත්ම විභාග දෙපාර්තමේන්තුවට අයිතියක් නෑ. විභාග දෙපාර්තමේන්තුව දැනගන්න ඕනේ තමන් නිර්මාණය කරන ප්‍රශ්න පත්‍රයට ආරක්ෂාව සපයන්න. ඒ අයට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්වෙලා තියෙනවා. අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ඒ අංශ හදලා දීලා තියෙනවා. ඒ සියල්ල තියෙද්දී ප්‍රශ්න පත්‍රය පිටකරගන්නවා නම් ඒ ප්‍රධානීන් ඒ සම්බන්ධ වගකිව යුත්තන් සියලු දෙනා ඉල්ලා අස්වෙලා මේ තත්ත්වයට වගකීම භාරගන්න ඕනේ.

ඒකට හේතුව මේ දරුවෝ අවුරුදු 2ක් 3ක් තිස්සේ කන්නේ බොන්නේ නැතුව, නිදාගන්නේ නැතුව වෙහෙසිලා ලියපු විභාගයක් මේක. මේ මවුපියෝ තමන්ගේ මුළු ජීවිතේ අවුරුදු 3ක් විතර තිස්සේ කැපකළේ මේ විභාගය වෙනුවෙන්. ඒක හරිද වැරැදිද කියන එක දෙවැනියට සාකච්ඡා කරන්න ඕනේ කාරණාවක්. හැබැයි එච්චර මහන්සි වෙච්ච මේ අම්මලා තාත්තලාට ආයෙත් තව සතියකින් දෙකකින් මාසෙකින් විභාගයක් තියනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. දරුවන්ට මේක අදහාගන්න බැරි දෙයක්. ඒ දරුවන්ගේ මුළු ජීවිතේම උඩුයටිකුරු වෙනවා. සමහර වෙලාවට ලකුණු 180ක් ගන්න ඉන්න ළමයගේ ලකුණු සංඛ්‍යාව 160ට අඩු වෙන්න පුළුවන්. විභාග මානසිකත්වය, විභාගය ඉවර වුණා කියන මානසිකත්වය, මනසේ තියෙන නිදහස් වීමේ සිතුවිල්ලත් එක්ක නැවතත් විභාගය ලියන්න වෙනවා කියන එක සෙල්ලමක් නෙවෙයි.

සමහර දරුවෝ, සමහර මවුපියෝ මේ වෙනුවෙන්ම බෝඩින් කාමරවල නතර වෙලා ඉන්නේ සමහර ප්‍රදේශවල. ඒ මිනිස්සු ඒ ගම්වලින් දැන් යන්න ගිහිල්ලා. ඒ ප්‍රදේශවලට නැවත එන්න ඕනේ. පන්ති නතර කරලා. අලුත් පන්ති පටන් අරගෙන. ගුරුවරුන්ට මේ වෙනුවෙන් කැපකරන්න කාලය නෑ. මේ සියල්ලම ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වරද නිසා හිතාගන්න බැරි විදියට නවත්තගන්න බැරි විදියට ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙච්ච තැනක්. ශිෂ්‍යත්ව විභාගයවත් හරියට පත්වගන්න බැරි ආණ්ඩුවක් නම් මේ ආණ්ඩුව ශිෂ්‍යත්වයෙනුත් ෆේල් නම්, එහෙම ආණ්ඩුවක් වෙනස් වෙච්ච එක ලොකු දෙයක් කියලා මේ වෙලාවේ අපට හිතෙනවා. මොකද ඒකට හේතුව මේක අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව විසින් හදපු ප්‍රශ්න පත්‍රයක් නෙවෙයි. ඒක කලින් ආණ්ඩුව හදපු එකක්. නමුත් මේ ප්‍රශ්නයට උත්තර හොයන්න වෙලා තියෙන්නේ අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවට. කලින් ප්‍රශ්නය තිබුණේ වෙන කට්ටියක් ගාව. දැන් උත්තරය හොයන්න වෙලා තියෙන්නේ තව කට්ටියකට. ඒකයි මෙතැන තියෙන ගැටලුව. ඒකයි මේකේ තියෙන විශේෂත්වය.

කොහොම වුණත් ලංකාව කියලා කියන්නේ ප්‍රශ්න පත්‍රයක් පිටවෙච්ච ගමන් ඒක මවුපියන්ට, දරුවන්ට දීලා ඒකෙන් පුදුමාකාර වාසියක් ගන්න හදන මිනිස්සු ඉන්න රටක්. ඒක ත්‍රාඩ, ජරා, සත පහකට විශ්වාස කරන්න බැරි අමනෝඥ ක්‍රියාවක් වුණාට, ඒක ඉතාම සතුටින් කරන්න අපේ රටේ මිනිස්සු සැදීපැහැදී ඉන්නා බව කනගාටුවෙන් වුණත් මේ මොහොතේ අපට කියා සිටින්න සිද්ධ වෙනවා. දැන් සිද්ධ වෙලා තියෙන්නේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඒ අයගෙන් ප්‍රශ්න කරලා මෙතෙක් විභාගවල සිද්ධ වෙච්ච අගතියක් තියෙනවා නම් ඒ සියල්ල නිවැරැදි කිරීම. ඒ දරුවෝ සියලු දෙනා වෙනුවෙන් වන්දි ගෙවීම මේ ප්‍රශ්න පත්‍රය හොරකම් කරපු පුද්ගලයා ශ්‍රී ලංකාවේ මෙතෙක් ශිෂ්‍යත්ව විභාගය ලියූ සියලු දරුවන්ට වගකියන්න ඕනේ.

එක දරුවෙක් පාස් වෙද්දී තව දරුවෙක් ෆේල් වෙනවා. එක දරුවෙක්ට රෝයල් එකට යන්න අවස්ථාව ලැබෙද්දී තව දරුවෙක්ට බැරි වෙනවා. එහෙම නම් ඒ බැරි වෙච්ච දරුවට, ශිෂ්‍යත්වය ෆේල් වෙච්ච දරුවන්ට, වරප්‍රසාද අහිමි වෙච්ච දරුවන්ට, ශිෂ්‍යත්වය නොලැබී ගිය දරුවන්ට, අවුරුදු ගානක් තිස්සේ ඔවුන් වින්ද මානසික පීඩනය, ඔවුන්ට සිද්ධ වෙච්ච අධ්‍යාපනික පාඩුව, ඔවුන්ට සිදුවෙච්ච මූල්‍යමය පාඩුව මේ සියල්ලටම මේ පුද්ගලයෝ වගකියන්න ඕනේ. දැන් ශිෂ්‍යත්වය විභාගය පවත්වනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. ඒක අපි හොඳටම දන්නවා. ඉදිරියේදී කාලසටහන ඉතා තීරණාත්මකයි. ලංකාවේ විභාගය සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වෙමින් යනවා. අපි හොඳටම දන්නවා මහ මැතිවරණයක් ඉදිරියේදී පවත්වන්න නියමිතව තියෙනවා. මහ මැතිවරණය තියෙනකොට උසස් පෙළ කාලසටහන ඒ අතරමැද්දට එනවා. උසස් පෙළ කාලසටහනකුත් එක්ක මේක සෙල්ලමක් නෙවෙයි. මේක කරන එක පහසු වැඩක් නෙවෙයි. ඒක ඕනෙ කෙනකුට තේරෙනවා. එහෙම තත්ත්වයක් යටතෙයි මේ රට යන්නේ. ඒ අස්සේ තව ශිෂ්‍යත්ව විභාගයකුත් ආවම. තාමත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිටවෙලා නෑ. මේ හැම දෙයක්ම දැන් අවුල් ජාලයක් බවට පත්වෙලා තියෙන්නේ. ලෙහාගන්න පුළුවන් වෙච්ච තැන් ටික තව තව අවුල් කරන්නේ ප්‍රශ්න පත්‍ර හොරු. ඒ නිසා බලධාරීනි කොන්ද කෙළින් තියාගෙන තීරණයක් ගන්න. වැරැදිකාරයෝ අත්අඩංගුවට ගන්න. දරුවන්ට සාධාරණයක් කරන්න. කරන්න වෙන දෙයක් නෑ. දැන් ආයෙත් අවදානමක් අරගෙන මේ පීඩනය දරාගෙන දරුවෝ වෙනුවෙන් ශිෂ්‍යත්ව විභාගය පවත්වන්න වැඩ කරන්න. එහෙම නැත්නම් කොන්ද කෙළින් තියාගෙන ආණ්ඩුව කරනවා කියලා මේ ආණ්ඩුව බාරගත්තු අනුර කුමාර දිසානායකටත් ඔහුට මේ ආණ්ඩුව බාරදුන්නු සාමාන්‍ය මහජනතාවටත් ආපහු හැරෙන්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි කියලා අපිට මේ මොහොතේ කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

21 රෑ ඇත්තටම මොකද වුණේ? ඇයි ප්‍රතිඵල එන්න ප්‍රමාද වුණේ? නොදත් කතාව මුල්වරට එළියට එයි! Sri Lanka Latest News

Next Post

රනිල්ගේ ගේම්! Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.Sri Lanka Latest News අද (23) දින වෙළඳාම ආරම්භයේදී...

Read more
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.