• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

21 රෑ ඇත්තටම මොකද වුණේ? ඇයි ප්‍රතිඵල එන්න ප්‍රමාද වුණේ? නොදත් කතාව මුල්වරට එළියට එයි! Sri Lanka Latest News

September 29, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

2024 ජනාධිපතිවරණය මේ වනවිට අවසන් වී නව ජනාධිපතිවරයකු පත්වී තිබෙනවා. නමුත් මේ ජනාධිපතිවරයා පත්කිරීම දක්වා වූ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මෙහෙයවූයේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින්. කොමිෂන් සභාව එම ක්‍රියාවලිය ඉටුකරද්දී විවිධ අභියෝග, විවේචන රැසකට ඔවුන් මුහුණ දුන් බව අප දන්නා කරුණක්. කෙසේ හෝ අවසානයේ ඉතා සාමකාමී මැතිවරණයක් පවත්වමින් ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ ක්‍රියාවලිය අවසන් කරන්නට කොමිෂන් සභාව පියවර ගැනීම ප්‍රශංසනීයයි. එවන් පසුබිමක ජනාධිපතිවරණයෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සමග ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් News Center යූටියුබ් නාලිකාව විසින් පවත්වා තිබුණා. පහත පළවන්නේ එම සාකච්ඡාවෙන් උපුටා ගත් කොටස් කිහිපයකි. (Sri Lanka Latest News)

මැතිවරණ ක්‍රියාවලිය අවසන්. ජනාධිපතිවරයා පත්වුණා. ජනාධිපතිවරයා පත්වීමෙන් පස්සේ ඔහුගේ පක්ෂයෙන් මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට පත්වෙලා තිබෙනවා. හැබැයි ඔහු දිවුරුම් දීලා නෑ. පාර්ලිමේන්තුව යළි කැඳවන්නේ නැතුව කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙන්නේ නැතුව මන්ත්‍රීවරයකුට වෙනත් ස්ථානයකදී දිවුරුම් දීමේ හැකියාවක් තිබෙනවද? එහි නීතිමය වටපිටාව මොකක්ද?

එවැනි හැකියාවක් තියෙනවා. මීට ඉහතදී බැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී ඔහු කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීලා තිබුණේ නෑ. 6 වැනි ව්‍යවස්ථාව අනුව ඔහු ඒ සම්බන්ධයෙන් දිවුරුමක් ප්‍රකාශ කරලා ඉන්නකොට ඒ අනුව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා නීත්‍යනුකූලව. මේක ප්‍රථම වතාව නෙවෙයි. මීට ඉහතත් එවැනි සිදුවීම් සිදුවෙලා තියෙනවා.

ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුළ යම්කිසි ආන්දෝලනාත්මක කාරණාවක් බවට පත්වුණේ සමගි ජන බලවේගය චෝදනා කළා ඔවුන් දන්නේ නැතුව දෙවැනි මනාපය ගණන් කිරීමට පටන් ගත්තා කියලා. ඒ අවස්ථාවේ මොකක්ද සිදුවුණේ?

අපි ඕනෑම තැනකට යම්කිසි පත්වීමක් දුන්නට පස්සේ ඒ පත්වීම් ලබන කෙනා ඒ කාලය තුළ ඒ ධුරයේ කටයුතු කරන්න ඕනේ. එතකොට මැතිවරණ ක්‍රියාවලියේ තැපැල් ඡන්ද නිකුත් කිරීමේ අවස්ථාවේ සිට මැතිවරණයට අදාළ සෑම තැනකදීම අපේ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ නිරීක්ෂණ කණ්ඩායම් අපි යොදාගන්නවා. මේ ප්‍රතිඵල නිකුත් කරන ස්ථානයේත් අපේ ප්‍රධාන කාර්යාලයේත් මේ තරග කරන අපේක්ෂකයන්ගේ නියෝජිතයන් පත්කරලා තිබුණා. අපි ඔවුන්ට අවසර පත්‍ර ලබාදීලා තිබුණා. ඔවුන් ඇවිල්ලා පැමිණීම සහ පිටව යෑම සම්බන්ධයෙන් අපට වගකීමක් නෑ. ඒක ඔවුන්ගේ වගකීම. නමුත් රාජකාරියේ නිරත නිලධාරීන් සම්බන්ධ වගකීම අපට තියෙනවා. ඔහු ඔහුගේ කාර්යභාරය ඉෂ්ට නොකර ඉන් බැහැර වෙනවා නම් ඒ සම්බන්ධයෙන් පියවර ගන්න අපට පුළුවන්. හැබැයි එතැන ඉන්න නියෝජිතයෙක් එළියට යනවා කියන එක සම්බන්ධයෙන් අපට ප්‍රශ්න කරන්න දෙයක් නෑ. ඒක ඔහුගේ වැඩක්. ඔහු අපේ පාලනය යටතේ ඉන්න කෙනෙක් නෙවෙයි. මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සකස් කරන ප්‍රධාන කාර්යාලයටත් මේ සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ ඇවිල්ලා හිටියා. ඔවුන් පත්කරන්නේ අපි නෙවෙයි. අදාළ පක්ෂවලින්. එතකොට ඒ නියෝජිතයාට වගකීමක් සහ වගවීමක් තියෙනවා තමන්ව පත්කරපු කාර්යභාරය අවසන් කරලා පිටව යෑම. ඔවුන්ව පාලනය කිරීමට අපට අවශ්‍ය නෑ. එහෙම නියෝජිතයෙක් හිටියේ නැත්නම් අපට කරන්න දෙයක් නෑ. අපිට නියෝජිතයෝ ගෙදරට ගිහින් එක්කගෙන එන්න තරම් අවශ්‍යතාවක් නෑ. ඒක අපිට අදාළ නෑ. ඔවුන් හිටියත් එකයි නැතත් එකයි. ඔය කියන සිද්ධියත් ඒක තමයි. මැතිවරණය සම්බන්ධයෙන් නියෝජිතයෙක් පත්කළාම ඔහු ඒ කටයුතු අවසන් වනතුරු එතැන ඉන්න ඕනේ.

ඒ අතරතුරදී අපි සභාපතිවරයාගේ කාමරයට ඒ සියලු නියෝජිතයන්ව කැඳවලා අපේ පද්ධතිය තුළ තිබුණු දත්ත ස්ක්‍රීන් එකේ දාලා ඔවුන්ට පෙන්නලා කිව්වා මෙච්චර ඡන්ද ප්‍රමාණයක් වැටිලා තියෙනවා, කිසිවකුට 50%කට ළං වෙන්න බෑ කියලා. ඒ නිසා අපි දෙවැනි මනාපය ගණන් කිරීමේ නියෝගය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්වරුන්ට ලබාදෙනවා කියලත් අපි කිව්වා. ඒක එතැන හිටපු පක්ෂවල නියෝජිතයන් දැක්කා. යම් නිලධාරියෙක් ඒ වෙලාවේ ගෙදර ගිහිල්ලා හිටියා නම් අපට කරන්න දෙයක් නෑ.

හරි නම් පළමු ප්‍රතිඵලයේ සිට අවසන් ප්‍රතිඵලය නිකුත් වීම දක්වාම ඒ නියෝජිතයන් ඉන්න ඕනේ නේද?

ඔව්. මේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයෝ මේකට දාලා හරියන්නේ නෑ. ඒ නිසා ඒ චෝදනාව අපට අදාළත්වයක් නෑ.
මෙවර මැතිවරණයේදී සමාජ මාධ්‍යවල හැසිරීම නිහඬ කාලසීමාවේදී යම් සාධනීය මට්ටමක තිබුණු බව පෙනුණා. නමුත් මහජන දේපළක් වන විද්‍යුත් සංඛ්‍යාත හිමි ඇතැම් මාධ්‍ය ආයතන හැසිරුණු ආකාරය ගැන සලකා බැලිය යුතුයි. මේවා අඩු වැඩි වශයෙන් පාලනය කරගැනීමට තව නීති අවශ්‍යද?
මම දකින දෙයක් තමයි මාධ්‍යයට සීමා පනවන්න අවශ්‍ය නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක සිවුවැනි ආණ්ඩුව කියලයි මාධ්‍යය හඳුන්වන්නේ. නමුත් මාධ්‍ය හසුරුවන අය දැනගන්න ඕනේ මාධ්‍යයට වගකීමක් සහ වගවීමක් තියෙනවා කියලා. ඒක තේරුම් අරගන්නවා නම් මාධ්‍යකරුවෙක්, ඒ මාධ්‍යය හානිදායක තත්ත්වයට පත්වෙන්නේ නෑ. මැතිවරණය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන්. ඒ වගකීම සෑම කෙනාටම තියෙනවා. නමුත් ඔවුන් වගකීම් විරහිතව ක්‍රියාත්මක වෙනකොට තමයි යම් යම් උපමාන සහ ආචාරධර්ම අපි පනවන්නේ ඔවුන්ව යම් සීමාවකට ගේන්න.

මැතිවරණ ප්‍රතිඵල පමාවීම ගැන බොහෝ දෙනෙක් කතා කළා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

ගිය වර මැතිවරණයත් එක්ක බැලුවොත්, ගිය වරත් අපි හවස 4 වෙද්දී ප්‍රතිඵල දීලා අවසන් කළා. හැබැයි එවර අපි මනාප ගණන් කිරීමක් සිදුකළේ නෑ. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මනාප ගැනීමක් සිදුවුණේ. අනෙක් කාරණය තමයි පෙර පැවැති බොහෝ මැතිවරණත් එක්ක බලද්දී මෙවර මැතිවරණයේ ප්‍රතිඵල ගණනය කිරීම ඉතා පහසුයි. අපේක්ෂකයන් 38 දෙනාට වැටිලා තියෙන ඡන්ද ටික බෙදාගෙන යන්නයි තියෙන්නේ. පෙර මැතිවරණවලදී බොහෝ විට ප්‍රධාන ගොඩවල් දෙකයි තියෙන්නේ. නමුත් මෙවර තුනක් තිබුණා. ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් අඩුම ගානේ අපේක්ෂකයෝ 8ක් ඡන්ද 10,000ට වඩා අරගෙන තිබුණා. අපි මුල දෙන්නගේ මනාප ගණන් කරන්නේ නෑනේ. තුන්වැනියගේ තමයි ගණන් කරන්නේ. තුන්වැනියා වෙච්ච කෙනා ඡන්ද 22,99,767ක් ලබාගෙන තිබුණා. මුලින් අපි ගොඩවල් දෙකකට තෝරගෙන ගිය ක්‍රමය දැන් කරන්න බෑ. ඒ ඒ අපේක්ෂකයා ඡන්දයට ඉදිරිපත් වෙච්ච දිස්ත්‍රික්කය ගත්තාම ඒකේ ඡන්ද වැටීම වෙනස්. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් ගණන් කිරීමේ කාලය වැඩි වෙන්නේ. ඒ වගේම ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ ශාලාවල තිබූ ඉඩකඩ ප්‍රමාණයත් මේකට බලපානවා.

වෙනදාට වඩා මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කළාද?

සාමාන්‍යයෙන් සෑම මැතිවරණයකදීම ඡන්ද මාධ්‍යස්ථානයක් දෙකක් වැඩිවෙනවා. හේතුව තමයි අදාළ ප්‍රදේශවල ජනගහනය වැඩිවීම.

ප්‍රධාන අපේක්ෂකයන්ගේ ඡන්ද ලකුණුවලට සමාන වෙනත් ලකුණු යොදාගැනීම නිසා ඡන්දදායකයන් ඇතැම් විට නොමඟ යනවා කියලා අහන්න ලැබුණා. මේ තත්ත්වය පාලනය කරන්න මොකක්ද කරන්න පුළුවන්?

පිළිගත් දේශපාලන පක්ෂවලට විතරක් ඒගොල්ලන්ටම වෙන් වෙච්ච ලකුණක් තියෙනවා. ස්වාධීන කණ්ඩායම්වලට ඔවුන්ට ඕනෙම ලකුණක් තෝරාගැනීමට හැකි බව ගැසට් කරලා තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ලකුණ වරදින්න හේතුව තමයි ඡන්දදායකයන්ගේ නොදැනුවත්කමටත් වඩා අපේක්ෂකයන් විසින් තමන්ගේ ඡන්දදායකයන්ව දැනුවත් කරලා නැතිවීම. දේශපාලන සාක්ෂරතාවයේ සහ මැතිවරණ සාක්ෂරතාවයේ තියෙන අඩුවක් නිසා තමයි ඔය ප්‍රශ්නය ඇතිවෙන්නේ. හැබැයි මැතිවරණ සාක්ෂරතාව සම්බන්ධයෙන් අපි ඕනෑ තරම් දැනුවත් කරනවා. නමුත් අපට දේශපාලන සාක්ෂරතාව හදන්න බෑ. ඒක මේ රටේ අධ්‍යාපන ක්‍රමය සහ දේශපාලන පක්ෂ භාරගත යුතු කාර්යභාරයක්.

අපේක්ෂකයන්ගේ ඇප මුදල සම්බන්ධයෙන් අපි තේරීම් කාරකසභා ගණනාවකට යෝජනා කරලා තිබුණා. අවසාන වශයෙන් ක්‍රියාත්මක වුණේ රුපියල් ලක්ෂයක මුදලක් රාජසන්තක වෙන ඇප මුදලක් විදියට සහ ඉතිරි මුදල ඩිපොසිට් එකක් විදියට. පහුගිය මැතිවරණයේදී අපට ඇප මුදල් විදියට බැඳලා තිබුණේ ලක්ෂ 24ක වගේ මුදලක්. අපි පක්ෂයකට යෝජනා කළේ ලක්ෂ 25ක් කියලා. කොහොම හරි අපට නීතියක් සම්මත නොවී අපිට හිතේ තියෙන දේවල් කරන්න බෑ. ඒක සමස්ත මැතිවරණයේම අපි ක්‍රියා කරන්නේ නීතිමය රාමුවක් තුළ. ඒ නීතියෙන් බැහැරව අපට කටයුතු කරන්න කිසිම හැකියාවක් නෑ. අපි නීතිය නවලත් නෑ, නීතිය නවන්න ලෑස්තිත් නෑ.

ඉදිරියේදී මහ මැතිවරණය පැවැත්වීමේ සූදානම ගැන මොනවද කියන්න තියෙන්නේ?

ඕනෑම වෙලාවකදී පාර්ලිමේන්තුව විසිරවූ සැණින් අපිට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න සිදුවෙනවා.

මෙවර මැතිවරණයේදී සහ ඊට කලින් මැතිවරණවලදී අපි දැක්ක කාරණයක් තමයි උපකාරක පන්තිවල දරුවන්ව දේශපාලන ප්‍රවර්ධනයට යොදාගැනීම. මේක පාලනය කිරීමට නීතියක් තියෙනවද?

ටියුෂන් පන්ති කියන්නේ නීත්‍යනුකූල දෙයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ පෞද්ගලික පාසල් පාලනය වෙන්නේ ව්‍යාපාර විදියට. ලාභ ලබන ව්‍යාපාරයකින් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ටියුෂන් කියන්නෙත් ලාභ උපයන තැනක් තමයි. ඒ නිසා සමස්ත රටේම තියෙන ලෙඩ රෝගවලට මැතිවරණ කොමිෂන් සභාවට බේත් කරන්න බෑ. අපි ඕනේ තරම් මේක කරන්න එපා කියලා ඉල්ලීම් කරලා තියෙනවා. සමහර අයව ගෙන්නලා අවවාද කරලත් තියෙනවා.

SendShareShare
Previous Post

O/L වීරයා ගාල්ලෙන්! දෙක කොළඹට! තුන කුරුණෑගලට! I Sri Lanka Latest News

Next Post

විභාග දෙපාර්තමේන්තුව ශිෂ්‍යත්වෙත් ෆේල්! Sri Lanka Latest News

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.