ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් අද පැවැත්වුණු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට නිමාවට පත්වී තිබේ.Sri Lanka Latest News
ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිමාවට පත්විය.
ඒ අනුව ඡන්ද දායකයින් අද පෙරවරුවේ සිටම ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණ සිය වටිනා ඡන්දය භාවිත කරනු දක්නට ලැබුණි.
ඒ, දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 දෙනෙක් සුදුසුකම් ලබා තිබුණි.











