ජාත්‍යන්තර වශයෙන් කොරෝනා රෝගීන්ගේ වාර්තා වීම සම්බන්ධයෙන් කෝටිපති ධම්මික පෙරේරා මහතා කී අනාවැකියක් සාර්ථක වී තිබේ.
එහිදී ජුලි 10 වැනි ඉරිදා ඩේලි එෆ්.ටී. පුවත්පත සමග සාකච්ජා කරමින් ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර තිබුණේ ලබන 17 වැනි ඉරිදා වනවිට ලෝකයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 4.715ක් වනු ඇති බවකි. යම් හෙයකින් මෙය 3%ක අඩුවීමක් හෝ වැඩිවීමක් විය හැකි බවද පෙරේරා මහතා කියා සිටියේය.
ඒ අනුව ඊයේ (17) වනවිට ලෝකයේ කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය මිලියන 4.721ක් විය.
එම සංඛ්‍යාවට අනුව ධම්මික පෙරේරා මහතාගේ අනාවැකිය සාර්ථක වීමේ සම්භාවිතාව 99.98%ක් වී තිබේ.










