• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ මැතිවරණය මොන විහිළුවක්ද? කවුරුත් ගරුකරන පීටර් ඩි අල්මේදා ජනාධිපතිවරණය ගැන කතාකරයි! Sri Lanka Latest News

September 18, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ මැතිවරණය මොන විහිළුවක්ද? කවුරුත් ගරුකරන පීටර් ඩි අල්මේදා ජනාධිපතිවරණය ගැන කතාකරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැඩිදුර තොරතුරු කතාකරන්න කලින් අපි කැමැතියි ඔබ කවුද කියලා දැනගන්න.
මම පීටර් ඩි අල්මේදා. දැන් මම විශ්‍රාම ලබලා ඉන්නේ. මගේ දේශපාලන ගමන පටන්ගත්තේ අවුරුදු 15දී. වාමාංශික ව්‍යාපාරයේ හිටපු දැවැන්තයෙක් වුණු බාලා තම්පෝගෙන් තමයි මම ඉස්සෙල්ලාම දේශපාලනය ගැන දැනගත්තේ. ඒක මගේ ගමනට සෑහෙන උදව්වක් වුණා. මගේ පළමු රැකියාව ඉන්දියානු රාජකීය බැංකවේ කොළඹ ශාඛාවේ. මම ගියේ වෘත්තීය සමිති වැඩකරන්න. එතකොට මගේ වයස අවුරුදු 19යි. ඊළඟ අවුරුද්දේ මම ඒ ශාඛාවේ නායකත්වයට පත්වුණා. තව අවුරුදු 3කින් විතර මම ලංකා බැංකු සේවක සංගමයේ නායකත්වයට පත්වුණා. පසුව වෘත්තීය සමිතිය ගැන කලකිරීමක් ඇතිවෙලා මම ඒකෙන් ඉවත් වුණා. ඊට පස්සේ මම අයි.ටී. ක්ෂේත්‍රයට යොමුවුණා. මගේ යාළුවෙක් ආයතනයක් පටන් අරගත්තා. ඔහු මට ඒකට එන්න කිව්වා. එතැනින් තමයි මගේ අයි.ටී. ගමන පටන්ගත්තේ. ඒ පැත්තෙන් මම ඒ ගමන යද්දී ඊට සමාන්තරව බාලා තම්පෝ සමග වෘත්තීය සමිති ගමනත් ගියා. සෑහෙන අරගල සටන්වලට අපි සහභාගි වුණා. ඉන්දියාවටත් ගිහිල්ලා මම අයි.ටී. ක්ෂේත්‍රයේ සේවය කළා. අවසානයේ 2008දී මම මගේම ආයතනයක් පටන් ගත්තා. මුලදී 12 දෙනෙක්ගෙන් පටන්ගත්තේ. පසුව රුපියල් මිලියන 30ක් දැම්මා හේමාස් කියන ආයතනය. මම අවුරුදු 11කින් ඒකෙන් ඉවත් වෙද්දී ඒකේ හිටියා 250ක විතර සේවක පිරිසක්. ඒ වෙද්දී අපේ ආදායම ඩොලර් මිලියන 30ක් විතර. ඒ අතර කලාව සමගත් මගේ සම්බන්ධයක් තියෙනවා. ගිරය, කඩුල්ල වගේ ටෙලිනාට්‍යවල මම රඟපෑවා. ඉර මැදියම චිත්‍රපටයෙත් රඟපෑවා. මෑතකාලයේදී මම රඟපෑවේ කූඹියෝ ටෙලිනාට්‍යයේ.

ඔබේ දේශපාලන ජීවිතය ඇතුළේ අමතක නොවන දේශපාලන සංසිද්ධිය මොකක්ද?
2022 අරගලය. ඒක විප්ලවයක්. දැවැන්ත රාජපක්ෂ පවුල, ඒකාධිපති බලතල තිබුණු ජනාධිපති කෙනෙක් එළෙව්වා. ඒකෙන් සෑහෙන දේශපාලන විපර්යාසයක් සිදුවුණා. ඒක තමයි මම හිතන විදියට ලොකුම සිද්ධිය. ඒ වගේම එප්පාවල පොස්ෆේට් නිධය තවත් එකක්. ඒක යූ.ඇන්.පී. ආණ්ඩුවක් යටතේ විකූණන්න හැදුවා. ඒකට එරෙහිව මහමංකඩ පියරතන හාමුදුරුවෝ ගමේ සංවිධානයක් ගොඩනැගුවා. බාලා තම්පෝ ගිහින් උන්වහන්සේව මුණගැහුණා. ඒ හරහා ගැමියෝ සහ නාගරික වෘත්තීය සමිති එකතු වෙලා ඒක පරාජය කළා. පළමු වතාවට මම එහෙම දෙයක් දැක්කේ.

ජේ.ආර්. 77 බලයට ආවේ 6න් 5ක ජන වරමකින්. ඔහු ධවල පත්‍රිකාවක් ගෙනල්ලා ස්ට්‍රයික් තහනම් කළා. ඒකට එරෙහිව වෘත්තීය සමිති 17 එකතු වෙලා පිකටින් කරන එකයි කළේ. ඒ කාලේ මම බැංකුවේ සේවය කළේ. කොළඹ කොටුවේ බැංකු ශාඛා ගොඩක් තියෙනවා. ඒ වගේම අනෙක් ආයතනත් ගොඩක් තියෙනවා. කෑම පැයේදී පිකටින් කරපු එකයි කළේ. ඒකෙන් ජේ.ආර්.ගේ ඒ නීතිය පරාජය කළා. ඒකත් සුවිශේෂ සන්ධිස්ථානයක් විදියට සඳහන් කරන්න පුළුවන්.

ඔබ හිතන විදියට දේශපාලනය කියලා කියන්නේ මොකක්ද?
දේශපාලනය කියන්නේ අපි කොහොමද සමාජයක් පවතින්නේ කියන එක. ආර්ථික දේශපාලනයක් තියෙනවා, ලිංගික දේශපාලනයක් තියෙනවා. බලය තියෙන සහ බලය නැති. එහෙමයි මම දකින්නේ. මේක බලය සම්බන්ධ ප්‍රශ්නයක්. කවුරු හරි පීඩනයට භාජනය වෙනවා නම් පීඩකයෙක් ඉන්නවා. ආර්ථික, සමාජයීය සහ ආණ්ඩු බලය ගැන දරන මතය තමයි මම දකින විදියට දේශපාලනය කියලා කියන්නේ. සරල විදියට. බල සම්බන්ධතාවක්.

ඔබ කොහොමද දකින්නේ මැතිවරණ දේශපාලන සහ මිනිස්සුන්ගේ ජීවිතය පුරා ක්‍රියාත්මක වන දේශපාලන ගැන?
මේ මැතිවරණය මොන විහිළුවක්ද? කිසිම පදනමක් නැතුවනේ මිනිස්සු ඡන්දේ දාන්නේ. රනිල්ට බැණ බැණ හිටපු මිනිස්සු දන් එයත් එක්ක ඉන්නවා. එතැන හිටපු අය වෙන තැනකට ගිහිල්ලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සීසීකඩ වෙලා. සජබයෙන් ගත්තා රට විනාශ කරපු නාලක ගොඩගේවා වගේ අය. කිසිම ප්‍රතිපත්තියක් නැති දේශපාලනයක් එතැන තියෙන්නේ. ඒ අතර නව ප්‍රවණතාවකුත් තියෙනවා. එන්.පී.පී. ජේ.වී.පී. කියන්නේ එන්.පී.පී. එකට. මේ මැතිවරණ විශේෂ එකක්. මේක අරගලයට පස්සේ එන පළමු මැතිවරණය. අරගලයේදී අපි දැක්කා විකල්ප දේශපාලනයක්. රටේ තියෙන්නේ බල කඳවුරු තුනක්. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. මේ ආයතන තුන පැවැතෙද්දී තමයි රට කඩාගෙන වැටුණේ. එතකොට ආණ්ඩු ක්‍රමය කඩාගෙන වැටුණා. කොවිඩ් හින්දා නෙවෙයිනේ. එතකොට පරමාධිපත්‍යය තියෙන්නේ ජනතාව මත කියලනේ කියන්නේ. ජනතාව ඒ පරමාධිපත්‍යය තමන්ගේ අතට ගත්තා. පාරට බැස්සා. කවුද හිතුවේ මේ වගේ බලතල සහිත ජනාධිපති කෙනෙක්ව එළවන්න පුළුවන් වෙයි කියලා. ඒක විතරක් නෙවෙයි. සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියන තැනකට මිනිස්සු ආවා. ඒ නිසා මිනිස්සු සෑහෙන මුළා වෙනවා මේ වැඩෙන්. දැන් තියෙන්නේ රැල්ලක්. මම කියන්නේ නෑ එන්.පී.පී. එකට ඡන්දේ දාන්න කියලා. නමුත් ඒක ගැන අපි කතාකරන්න ඕනේ. මොකද ලොකු ප්‍රවණතාවක් තියෙනවනේ ඒ පැත්තට. රට කඩාගෙන වැටිලා තියෙන තත්ත්වය උඩ ඒ වගේ ජයග්‍රහණයකින්වත් රට ගොඩදාන්න පුළුවන්ද ජනතාව බළමුළු ගන්වන්නේ නැතුව. එක තැනක කිව්වා මම හිතන්නේ එන්.පී.පී. එකේ නායකයෙක්, ඕගොල්ලෝ පටන්ගත්ත අරගලය අපි ඉවර කරන්නම් කියලා. මොන වගේ අදහසක්ද ඒක? අපි කාටවත් අපේ බලය දෙන්නේ නෑ. බලමුළුගැන්වීම තුළින් තමයි කියන්න ඕනේ ඕගොල්ලෝ බලමුළු ගන්වන්න කියලා. අපි වෙන මාර්ගයක් යන්නම්, ඕගොල්ලේ බලපෑම් ඇතිකරන්න කියලා. ඒක නෙවෙයි මේ ඡන්ද දේශපාලනය කියන එක. මම හිතන්නේ නෑ පාර්ලිමේන්තු ක්‍රමය තුළින් සහ විශාල වෙනසක් ඇතිකරන්න පුළුවන් කියලා.

ඔබ ප්‍රජාතන්ත්‍රවාදය විදියට දකින්න මොකක්ද?
මේ ලෝකයේ බලය ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒක මිථ්‍යාවක්. අපි ආර්ථිකය කත්තොත් ඇමෙරිකාවේ පුද්ගලයෝ තුන්දෙනෙක්. ඒගොල්ලන්ගේ වත්කමෙන් 90%ක් ඒගොල්ලන්ගේ අතේ. ෆ්ලැට්ෆෝම් තියෙනවා ඇපල්, ගූගල්, ෆේස්බුක් වගේ. මේ ෆ්ලැට්ෆෝම්වල තියෙන බලය හිතාගන්නත් බෑ. ඒගොල්ලෝ තමයි අපේ ජීවිත පාලනය කරන්නේ. එතකොට මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට ඉන්නේ. මූල්‍ය අරමුදල පාලනය කරන්නේ සුළු පිරිසක්. ආයතන 5ක් විතර. එක ආයතනයක් ලංකාවට තර්ජනය කරලා තියෙනවා. අපේ ණය හිමිකරුවෙක්. විශාල මූල්‍ය බලයක් ඔවුන්ට තියෙනවා. අපි හිතනවා ඡන්ද බලය පාවිච්චි කරලා ප්‍රජාතන්ත්‍රවාදය දියුණු කරනවා කියලා. ඒක බොරුවක්. ඒක වෙන්නේ නෑ.

එතකොට මැතිවරණ වැඩක් නැද්ද?
වැඩක් නෑ. මැතිවරණයෙන් පොඩි වෙනසක් වෙයි. උදාහරණයක් ගමු. ණය ප්‍රශ්නය ගන්න. අපි විදේශ ණයෙන් අපි ගැළවුණේ නැත්නම් අනාගතයක් නෑ. කොහොමද මේ කේවල් කිරීම කරන්නේ? පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් ලැබුණු පලියට ණය හිමියෝ කියයිද අපි ඔයාලා එක්ක ගනුදෙනු කරන්නම් කියලා. ඕනෙම කේවල් කිරීමකදී අපි යම් බලයක් එක්ක යන්නේ. නැත්නම් අපට කේවල් කිරීමේ බලයක් නෑනේ. රනිල් වික්‍රමසිංහට පොඩ්ඩක් හරි මේ ගැන දැනුමක් තිබුණා නම්, එයා මොකක්ද කරන්න ඕනේ? අරගලය තියෙද්දී එයා යනවා සාකච්ඡා කරන්න. ‘අපේ මිනිස්සු පාරේ ඉන්නේ, පාර්ලිමේන්තුවත් ගිනිතියන්න පුළුවන්. අපේ ණය 70%ක්වත් කපන්න පුළුවන්ද?’ කියලා අහන්න තිබුණා. නමුත් එයා අරගලය මර්දනය කළා. එයාලට ඕනේ එයාලට වාසි විදියට මේ ගනුදෙනුව කරන්න. මේ පාර්ලිමේන්තුව සහ ජනාධිපති ක්‍රමයෙන් පත්වෙන පුද්ගලයාට ඒ කිසිම බලයක් ලැබෙන්නේ නෑ, ජනතාව බලමුළුගන්වන්නේ නැතුව. නමුත් මම කියන්නේ පත්වෙච්ච පලියට මොකක්වත් කේවල් කිරීමේ බලයක් ලැබෙන්නේ නෑ. මිනිස්සු පාරට එන්න ලෑස්ති නම් එතකොට ණය හිමිකරුවා බය වෙනවා. අපේ සල්ලිවලින් 30%ක්වත් ගන්න පුළුවන් නම් මට වාසියක් කියලා ඔවුන් හිතනවා.

ළඟදී ගුරුවරුන්ගේ ස්ට්‍රයික් එකක් තිබුණා. මාස කිහිපයකට කලින්. ගුරුවරුන්ගේ පඩිය ඉතාමත් අඩුයි. පළමු ශ්‍රේණියේ විදුහල්පති කෙනෙක් අවුරුදු 35ක් සේවය කරලා විශ්‍රාම යද්දී එයාගේ පඩිය රුපියල් 60,000යි. ඒ නිසා ඔවුන් වැඩ වර්ජනය කළා. කවුද ඒකට පහර ගැහුවේ? එන්.පී.පී. නායකත්වය. මගේ යාළුවෙකුත් ඉන්නව ඒගොල්ලන්ගේ විධායක කාරකසභාවේ. එයා අයි.ටී. ක්ෂේත්‍රයෙන් ආපු කෙනෙක්. කවදාවත් ඒගොල්ලෝ ජේ.වී.පී. පැත්තට යන්නේ නමුත් ඒක තමයි අලුත් ප්‍රවණතාව. මම එයාගෙනුත් ඇහුවා. මොකක්ද එයා කිව්වේ? ඇයි තව මාස 3කින් මැතිවරණයක් තියෙනවනේ? ඕගොල්ලන්ට ඉවසන්න බැරිද? කියලා. අන්න බලන්න ඒ දේශපාලන වෙනස.

කොහොමද මිනිස්සුන්ට මේ දේශපාලනය කියලා දෙන්න ඕනේ?
අරගලය කාලේ අපි ‘ජන අරගලය සඳහා කලාකරුවො’් කියලා සංවිධානයක් හැදුවා. ප්‍රතිපත්තියකුත් හැදුවා. මිනිස්සු තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනීසිටින්න. ඒක තමයි අපේ පරමාර්ථය. අරමුණු තුනකුත් හැදුවා. අපි සෑහෙන උත්සාහයක් දැරුවා ඔවුන් බලමුළුගන්වන්න. නමුත් පවත්වාගෙන යන්න බැරිවුණා.

මොකක්ද ඒකට හේතුව?
අරගලය ඉවර වුණාට පස්සේ පහසුකම් ලැබුණාම මිනිස්සු තමන්ගේ ජීවිතය ගැන තමයි වැඩියෙන්ම උනන්දු වෙන්නේ.

Hashtag Generation යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

සජබ අවසන් රැලියට බස්වලින් කෝච්චිවලින් දස දහස් ගණන් මහා ජනකායක් මරදානට ඇදී එයි! බේරුවල රැලිය ඉවර කරපු සජිත් තව ටිකක් මරදානට එනවා! Sri Lanka Latest News

Next Post

සමහරු යවන බොරු කටකතාවලට-බොරු ලියුම්වලට සජිත් යළිත් උත්තර දෙයි! කවුරුත් සැකයක් තියාගන්න එපා! පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් රටටම හෙළිකරලා උපරිම දඩුවම් දෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.