වසර 30ක් පුරා පැවැති එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය පරාජය කරමින් ආරක්ෂක අංශ විසින් අත්කර ගත් යුද විජයග‍්‍රහණයට අදට 11 වසරක් සපිරෙන අතර එය නිමිති කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී හෙට (19) පස්වරු 04.00 ට විශේෂ උපහාර උත්සවයක් පැවැත්වීමට නියමිතය.
යුද, නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ සේවය කොට රට වෙනුවෙන් දිවිපිදූ දේශපේ‍්‍රමී වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් එහිදී ජාතියේ උපහාරය පිරිනැමීමට නියමිතයි.
මේ අතර යුද හමුදාවේ සෙසු නිලයන් 14,617කට උසස්වීම් ලබා දීමටද කටයුතු සූදානම් කර ඇත.
සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට අනුගතව මෙම ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම, රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධාන කරනු ලබන අතර ඒ සඳහා රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන්ගේ සමීපතම ඥාතීන් එක්වීමට නියමිතය.
ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපවීම් කළ යුද්ධ හමුදාවේ වීරෝධාර රණවිරුවන් 23,962 දෙනෙකු, නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් 1,160 දෙනෙකු, ගුවන් හමුදාවේ වීරෝධාර රණවිරුවන් 440 දෙනෙකු සහ පොලීසියේ විරුවන් 2,598 දෙනෙකු මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ විරුවන් 456 දෙනෙකු, හෙට පැවැත්වෙන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුමේදී ගෞරවයෙන් සිහිපත් කිරීමට නියමිතය.










