• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තරය දිනුවා කිව්වා! දැන් ඔක්කොම හරි කිව්වා! මෙන්න කරලා තියෙන කෙරිල්ල! මානව හිමිකම් කොමසාරිස් මුළු ලෝකෙටම කියයි! Sri Lanka Latest News

September 16, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
ඡන්ද අකුලපු හැටි මෙන්න! මානව හිමිකම් කඩපු හැටි මෙන්න! සිවිල් සමාජයට තර්ජන ගර්ජන කරපු හැටි මෙන්න! එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ආණ්ඩුවේ පැටිකිරිය ලෝකයටම කියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාව අතීතයෙන් මිදී නව මාවතකට යායුතුයි. එම නව මාවතකට ගමන් කිරීමේ ක්‍රියාවලිය මෙතෙක් සිදුව නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ දූෂණය මෙන්ම බලය අයුතු ලෙස භාවිත කිරීම අවසන් කරන ලෙස ඉල්ලා මහජන විරෝධතාවලට වසර දෙකක් ගතවී ඇත. අද නව ආරම්භයක් පිළිබඳ පොරොන්දු තිබියදීත් එම ඉල්ලීම් බොහෝ දුරට ඉටු නොවෙමින් ඇත. මේ අතර ශ්‍රී ලංකාව තුළ විශාල අර්බුදකාරී තත්ත්වයක් ලෙස පෙනීයන්නේ රටේ බොහෝ ජනතාවකගේ ආර්ථික තත්ත්වය අවිනිශ්චිතභාවයයි. 2021 සහ 2023 අතර ජනතාවගේ දරිද්‍රතා අනුපාතිකය දෙගුණ වී ඇති අතර, වැඩි වශයෙන් පවුල් කුටුම්භයන්ට ආහාර හෝ සෞඛ්‍ය සේවා යන්නද තෝරාගැනීමට බල කරයි. ශ්‍රී ලංකාවද මේ වසර අගදී ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට එළඹෙමින් සිටින අතර, අලුතින් තේරීපත්ව සිටින රාජ්‍ය පරිපාලනය විසින් වගවීම, යුක්තිය සහ ප්‍රතිසන්ධානය සහතික කිරීම සඳහා අවශ්‍ය සංයුක්ත පරිවර්තනීය වෙනස්කම් සඳහා කැපවිය යුතුයි…’ (Sri Lanka Latest News)

යම් රටක රාජ්‍ය තන්ත්‍රයකට අදාළව ඇසෙන මෙම ආන්දෝලනාත්මක කතාන්දරය කුමක්ද? මෙම දේශය වෙනත් කිසිවකුත් නොව ශ්‍රී ලංකාවයි. අපගේ රටේ 2024 ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින 12ක් පමණි. මෙම ලිපිය පළකෙරෙන දිනය වනවිට මැතිවරණයට ඇත්තේ දින 7ක් පමණි. ඉහත සුවිශේෂ වතගොත ඇසුණේ 2024 සැප්තැම්බර් 10 වැනිදා සිටය. ශ්‍රී ලංකාවට අදාළ මෙම විශේෂිත කතාව කියා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (United Nations Human Rights Council – UNHRC) විසිනි. එනම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටුවා තිබෙන මෙම කවුන්සිලය විසින් සුගියදා ශ්‍රී ලංකාවට අදාළව නිකුත් කරනු ලැබූ නවතම මානව හිමිකම් වාර්තාව මගින් ඉහත සුවිශේෂ කරුණු අවධාරණය කර සිටියි. ලෝකයේ තෝරාගනු ලැබූ විවිධ රටවල් ගණනාවක් සඳහා මෙවැනි වාර්තාවන් ප්‍රකාශයට පත්කරනු ලබන අතර, ඉන් ශ්‍රී ලංකාවද ප්‍රධාන තැනක් ගනී. 2006 මාර්තු 15 දා මුලින්ම ආරම්භ කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ වනවිට සාමාජික රටවල් 47කින් සමන්විත වෙයි. එනම් ශ්‍රී ලංකාවද එහි සාමාජිකත්වය දරයි. මෙම කවුන්සිලයේ ප්‍රධානත්වය දරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ධුරය දරන වොල්කර් ටර්ක් මහතා (Volker Türk) විසිනි. ඔස්ටි්‍රයානු ජාතිකයකු වන ඔහු වෘත්තියෙන් ජාත්‍යන්තර නීති විශාරදයකු සහ පරිපාලකයකුද වෙයි.

දැන් එසේ නම් මෙම ආන්දෝලනාත්මක වාර්තාවේ තවත් තොරතුරු සොයා බලමු. මෙවැනි ශ්‍රී ලංකාවට අදාළ මානව හිමිකම් වාර්තා ගැන මින් පෙරද අප කිහිප වතාවක අසා සිටියෙමු. එහෙත් මෙම නවතම වාර්තාව අපට ප්‍රකාශ කෙරෙන්නේ 2024 සැප්තැම්බර් 09 වැනිදාය. එනම් මෙයට දින කිහිපයකට පෙරදීය. මෙම සුවිශේෂ වාර්තාව ඉංග්‍රීසි බසින් නිකුත් කෙරෙන අතර, එය සඳහන් කර ඇත්තේ ‘A/HRC/57/19: Situation Of Human Rights in Sri Lanka – Comprehensive report of the United Nations High Commissioner for Human Rights’ (A/HRC/57/19 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්ගේ විස්තීර්ණ වාර්තාව) යන මාතෘකාව යටතේය. මානව හිමිකම් කවුන්සිලය සෑම වසරක් පාසාම සැසි තුනක් පවත්වනු ලබන අතර, එනම් එය මාස 4කට වරක් පැවැත්වෙයි. එසේම යම් හෙයකින් යම් රටවලට අදාළව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ හදිසි අවස්ථාවලදී විශේෂ සැසිවාරද පැවැත්වෙයි. මේ අනුව එම කවුන්සිලයේ නවතම සැසිවාරය මෙම 2024 සැප්තැම්බර් 09 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දක්වා ජිනීවා නුවරදී පවත්වනු ලැබෙයි. මෙම 57 වැනි සැසිවාරයට අදාළව ඉහත වාර්තාව ප්‍රකාශයට පත්කරනු ලැබීය. මෙය පරිච්ඡේද 68කින් සමන්විත ඉතා දීර්ඝ ලේඛනයක් වන අතර, එහි පරිච්ඡේද 60 සිට 68 දක්වා නිගමනයන් සහ නිර්දේශ ඉදිරිපත් කර ඇත. එම පරිච්ඡේදවලින් 67 සහ 68 පරිච්ඡේද දෙක තවත් උප පරිච්ඡේද ගණනාවකින්ද සමන්විතය. මේ ආකාරයට මෙම ප්‍රකාශනය ඉතා සංකීර්ණ එකක් වෙයි.

මෙලෙස පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද මෙම නවතම වාර්තාව බොහෝ ආන්දෝලනයක් ඇතිකිරීමට සමත්ව ඇත. එසේ වන්නේ මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ වර්තමාන රාජ්‍ය පාලන තන්ත්‍රය බොහෝ උච්ච ලෙස විචාරයට සහ දෝෂදර්ශනයට ලක්කර තිබීමය. මෙවැනි දීර්ඝ වාර්තාවක සියලු තොරතුරු ලියා තබන්නට මෙවැනි ලිපියක ඉඩකඩ ඉතා මදිය. එහෙයින් එහි විශේෂිත කරුණු පමණක් ගෙනහැර බලමු.

‘2019 පාස්කු ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකිය. පාස්කු ප්‍රහාරයේ වගකීම් උල්ලංඝනය කළ බවට චෝදනා ලැබූ පුද්ගලයන් උසස් තනතුරු සඳහා පත්කර තිබෙනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ අපරාධ විමර්ශනයේ සීමිත ප්‍රගතියක් පමණක් රජය අත්පත් කරගෙන තිබෙනවා. එමෙන්ම අද වනවිට බරපතළ ලෙස වෙනත් උල්ලංඝනය කිරීම්වලට වගකිව යුතු යැයි කියන තවත් පුද්ගලයන්ද රජයේ ඉහළ තනතුරුවලට පත්කිරීම අඛණ්ඩවම සිදුවීම වාර්තා වෙනවා. මෙම මුල් බැසගත් දණ්ඩ මුක්තිය තුළින් රටේ මෑතකාලීන ආර්ථික අර්බුදයේ මූලික හේතූන් වූ දූෂණය, බලය අනිසි ලෙස භාවිත කිරීම සහ පාලන අසාර්ථකත්වයන් පැහැදිලිව ප්‍රකාශ වී තිබෙනවා. සැබෑ වෙනසක් ඉල්ලමින් පැවැති ශ්‍රී ලංකාවේ අරගලයට වසර දෙකක් ගතවී ඇතත්, ශ්‍රී ලාංකිකයන් ඉල්ලූ එම සැබෑ වෙනස ලබාදීමට පාලකයන් අසමත් වී තිබෙනවා. වංචා හා දූෂණ අවසන් කිරීමටත්, බලය අනිසි ලෙස භාවිත කිරීම නැවැත්වීමටත්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගෙන එන ලෙස ජනතාව ඉල්ලා සිටියා….’
මෙම සුවිශේෂ වාර්තාව ප්‍රකාශ වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් වොල්කර් ටර්ක්ගේ නිල ප්‍රකාශයක් ලෙසිනි. එනම් එම ලේඛනයට අස්සන් තබන්නේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාය. කෙසේ හෝ මෙලෙස ප්‍රකාශයට පත්කර ඇති නවතම වාර්තාව මේ වනවිට යුරෝපා සංගමය විසින්ද පිළිගෙන ඇත. යුරෝපා සංගමය යනු යුරෝපයේ ප්‍රබලතම රටවල් 27කින් සමන්විත ප්‍රබල සංවිධානයකි. මේ අතර මහා බි්‍රතාන්‍යය (එංගලන්තය) විසින්ද ප්‍රකාශ කර ඇත්තේ අදාළ වාර්තාව හෙළිකර තිබෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. මෙම වටාපිටාවේදී 57 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක ප්‍රකාශ කර ඇත්තේ නව මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි. ශ්‍රී ලංකාව දේශීය වශයෙන් ලබා ඇති ප්‍රගතියට හානි කිරීම ඉතා කනගාටුදායක තත්ත්වයක් යැයි ඇය ප්‍රකාශ කර ඇත. කෙසේ වුවත් මෙම නවතම වාර්තාව ප්‍රකාශයට පත්කර ඇත්තේ 2024 ජනාධිපතිවරණයට හරියටම දින 12ක් පමණක් තිබෙන අවස්ථාවකදී වීම වත්මන් රජය දැඩි ලෙස අවධානයට ගත යුතු යැයි දේශපාලනික විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති. එසේම මෙම විශේෂිත වාර්තාව ඉදිරි මැතිවරණයන්ට අදාළවද නොයෙකුත් උපදේශනයන් සිදුකරනු ලබයි.

‘රජය ඉදිරි මැතිවරණ හා සම්බන්ධ වන අනෙකුත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ අපහරණ වැළැක්වීමටද වගකීමක් පවතින බවද ප්‍රකාශ කළ යුතුය. මැතිවරණයට පෙරාතුව එම කාලසීමාව තුළ සහ ඉන් පසුවද එය ඉටුකළ යුතුය…’

මෙවැනි දීර්ඝ වාර්තාවක සියලු තොරතුරු ලියා තබන්නට මෙවැනි ලිපියක ඉඩකඩ ඉතා මදිය. එහෙයින් එහි විශේෂිත කරුණු පමණක් අප ගෙනහැර බලමු. එම පෙළගැස්ම මෙසේය.

★ ‘ඡන්ද විමසීම්වලින් පසුව අලුතින් තේරීපත්වන ආණ්ඩුව, හදිසි කාර්යයක් වශයෙන් ගැටුමේ මූලික හේතූන් ආමන්ත්‍රණය කරන හා සියල්ලන්ම ඇතුළත් වන ශ්‍රී ලංකාව සඳහා ජාතික දැක්මක් අනුගමනය කළ යුතු අතර, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සහ දේශපාලන අධිකාරිය විමධ්‍යගත කිරීමට අවශ්‍ය මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ ආයතනීය සංශෝධන සිදුකොට වගවීම සහ සංහිඳියාව පෙරට ගෙන ආ යුතුය…’

★ ‘නිදහස් සහ සාධාරණ මැතිවරණ හරහා ආණ්ඩුවේ සියලු මට්ටම්වල දේශපාලනික සහභාගිත්වයට ඇති අයිතිවාසිකම සහතික කිරීම…’

‘සියලු ශ්‍රී ලාංකිකයන් මත විශේෂයෙන්ම දුප්පත් සහ අවදානම් තත්ත්වයේ පසුවන අනෙකුත් අය කෙරෙහි ඇතිකරන ආර්ථික අර්බුදයේ බලපෑම සහ ණය බරින් ඇතිකරන බලපෑම ගැන මහකොමසාරිස්තුමාට අවබෝධයක් පවතී. ආර්ථික ප්‍රතිපත්තිය සහ මූල්‍ය ස්ථායිකරණ වැඩපිළිවෙළ ගැන තීරණ ගැනීමේදී ප්‍රමාණවත් සමාජ ආරක්ෂණයක් තහවුරු කිරීම ඇතුළත් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මානව අයිතිවාසිකම් බැඳීම් ඊට මඟ පෙන්විය යුතු යැයි මහකොමසාරිස්වරයා ඉල්ලා සිටියි. අවදානම් තත්ත්වයේ පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල ජීවන මට්ටම කෙරෙහි බලපාන වියදම් කපාහැරීමේ පියවර තක්සේරු කළ යුතුය…’

★ ‘හමුදාව පවරාගෙන ඇති ඉඩම් නිදහස් කිරීම. උතුරු සහ නැගෙනහිර අලුතින් ඉඩම් අල්ලා ගැනීම නතර කිරීම. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රඳවාගෙන ඇති සියලු දෙනා නිදහස් කිරීම සහ වින්දිතයන්ගේ සිහිපත් කිරීමේ මුලපිරුම් අපරාධයක් සේ සැලකීම ඉවත් කිරීම සහ ඒවාට සහාය ලබාදීම වැනි විශ්වාසය ගොඩනැගීමේ පියවර ක්‍රියාත්මක කිරීමෙන් සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම…’

★ ‘ආණ්ඩුවේ සහ ආරක්ෂක අංශවලට හෝ තානාපති තනතුරුවලට මෙන්ම විශේෂයෙන් සංක්‍රාන්තික යුක්තිය සහ වගවීම සාක්ෂාත් කරගැනීමට පිහිටුවන ලද කිසියම් ආයතනයක හෝ ඉහළ මට්ටමේ තනතුරුවලට, මානව අයිතිවාසිකම් චෝදනා කළේ යැයි විශ්වාස කළ හැකි අය පත්කිරීමෙන් හෝ උසස්වීම් ලබාදීමෙන් වැළකී සිටීම සහ බලයෙන් ඉවත් කිරීම…’

★ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම විලම්බනය කිරීම සහ ඒ වෙනුවට ගෙන එන කිසියම් පනතක් අන්තර්ජාතික මානව අයිතිවාසිකම් නීතියට සහ ප්‍රතිත්‍රස්ත නීති සඳහා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් විශේෂඥයන් විසින් කලින් සකස් කළ ප්‍රමිතීන්ට ගැළපෙන බවට සහතික කිරීම…‘

★ ‘සියලු ආකාරයේ සෝදිසි කිරීම් සහ මානව අයිතිවාසිකම් ආරක්ෂකයන්ට, ජනමාධ්‍යවේදීන්ට, මානව අයිතිවාසිකම් උල්ලංඝනයේ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට, විශේෂයෙන්ම කාන්තාවන්ට එරෙහි පළිගැනීම් වහාම නතර කිරීමට සියලු ආරක්ෂක ආයතනවලට සහ බුද්ධි අංශවලට නියෝග කිරීම…’

★ ‘මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත, ICCPR පනත, කෙටුම්පත් කර ඇති රාජ්‍ය නොවන සංවිධාන පනත සහ විදුලි සංදේශන පනතට, යෝජිත සංශෝධන ඇතුළත් මතයක් දැරීමේ නිදහස සහ ප්‍රකාශනයේ, සංගම් පැවැත්වීමේ සහ සාමකාමී රැස්වීමේ නිදහසට ඇති අයිතිවාසිකම අනවශ්‍ය ආකාරයෙන් සීමා කෙරෙන පවතින හෝ යෝජිත පනත් අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම…’

★ ‘අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, නීතියෙන් පරිබාහිරව සිදුකෙරෙන ඝාතන, වධ හිංසා පැමිණවීම, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ වෙනත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම තහනම් බවත්, ඒ ගැන ක්‍රමානුකූලව විමර්ශනය කොට දඬුවම් කරන බවත්, හමුදාවේ මෙන්ම බුද්ධි අංශ සහ පොලිසියේ සියලු අංශවලට පැහැදිලි උපදෙස් මගින් ප්‍රසිද්ධියේ නිකුත් කිරීම…’

★ ‘නීතිය බලාත්මක කිරීමේදී වාණිජ සහ සිවිල් කටයුතුවලදී හමුදාවේ මැදිහත්වීම වැළැක්වීම සහ උතුර සහ නැගෙනහිර පළාත්වල හමුදාව නතර කරතැබීම සැලකිය යුතු ආකාරයෙන් අඩු කිරීම…’

★ ‘ශ්‍රී ලංකාවේ වගවීමේ ප්‍රගමනය සඳහා වෙනත් අන්තර්ජාතික නෛතික විකල්ප යොදාගැනීම කෙරෙහි සලකා බැලීම…’

★ ‘පළිගැනීමේ තර්ජනයට මුහුණ දී ඇති ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රැකවරණ ලබාදීමේ පියවර වහා සමාලෝචනය කිරීම සහ නිසි පියවර ගැනීම…’

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

දසදහස් ගණනින් ජනතාව රැස්වූ අනුරපුර රැළිය නිමවා සජිත් දඹුල්ලට එයි! දඹුල්ලෙත් මහා සෙනගක් ක්‍රීඩාංගණය ඇතුළට එන්න පොරකනවා! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

ගහනවා මරනවා කියලා තර්ජනවලට මැදිවෙලා ඉන්න චමුදිත සජිත් ප්‍රේමදාසව ‘හිරු සලකුණට’ ගෙනත් අද රෑ ප්‍රශ්න කරනවා! I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත...

Read more
ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.