• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ…

May 17, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ…
Share on WhatsAppShare on Facebook

එකමත් එක රත්තරං පාට හැන්දෑවක තරු තුරු මුදුන් මතින් හිස් උස්සා බැලුවේය. මිනිස්සු කලබලයේ දිව ගොස් අවසන් විය. නමුත් ඒ තරගය කිසිදාක නිමා නොවන බව සියල්ලෝම දැන උන්නෝය. මේ අවනඩුව ඉවසා උන් ගහ කොළ වැල් මල් කිසිවෙක්ට ගතු කීවේ නැත. මිනිස්සු සියල්ලටම ඉහළින් නැගිට සිටියෝය. මුවහත් අවි ආයුධත්, සවිමත් යන්ත්‍ර සූත්‍රත් මහ පොළොව උදුරා ගනිමින් උන්නේය. සතුන් කෝටි ගණනින් මියැදුණේය. කපා කොටා ඔප දැමූ පරණ මහපොළොව අලුත් කොන්ක්‍රීට් සැරසිලිවලින් ගෙත්තම් විය. මිනිස්සු ජයගෙන තිබුණේය. තීන්දු කිරීමේ අයිතිය මිනිස්සු බලහත්කාරයෙන් උදුරාගෙන තිබුණාහ. නමුත් ගහ කොළ වැල් මල් නිහඬවම සියල්ල ඉවසා උන්නේය. ඔවුන් කිසිවෙක්ට ගතු කීවේ නැත. බඩගින්නට ඉවසා ඉන්නට බැරිම තැන වල්අලි කැලෙන් එළියට බැස්සේය. ඒ පරණ මතක දිගේ යන්නටය. පැංචා සන්දියේ දලු කෑ මණ්ඩිවලට උන් ආවේ පුරුද්දටය. ඒ බිමට ආණ්ඩුව ඔප්පු ලියා තිබුණ වග උන් දන්නේ නැත. මිනිස්සු බඩගින්න නිවාගන්නට තැනූ කෙහෙල් කොරටු උන් බඩගින්නට කෑවේය. මිනිස්සු අලි මැරුවෝය. අලි මිනිස්සු මැරුවෝය. මේ ලියන්නේද ඒ ප්‍රශ්නය අහවර වූ වගක් නොවේ. අනේ ඒ වරද සිදු වුණි නොදනිමි කාගේ දොසා කියා මේ කතාව නාට්‍යයක් නම් අහවර කරන්නට පුළුවන්ය. නමුත් එය ලියා කියා රස කළ නොහැකි ඇත්ත ජීවිතයයි. මේ මිනිස්සු අදත් හෙටත් සටන් වැදිය යුතුය. ඒ පරම්පරා අරගලය බඩගින්නත් ජීවිතයත් වෙනුවෙනි.

නමුත් ඉවසා ඉන්නට බැරිම තැන පරිසරය තීන්දුවක් ගත්තේය. ඒ මිනිස්සු නිහඬ කරවන්නටය. කිව්වා නාහන මිනිසුන්ට එරෙහිව අවි ඔසවන්නට කිසිවෙක්ට නොහැකි බවට මිනිස්සු තීන්දු කරතිබ්බේය. සමහර රටවල හිටි චණ්ඩි පාලකයෝ ලෝකයම අළු කළ හැකි ආයුධ තනා පරිස්සමට තියාගත්හ. ඇමෙරිකාව ලෝකයේ පොලිස්කාරයා විය. උතුරු කොරියානු නායකයා ලෝකෙට චණ්ඩියාය. ලෝකෙට පොලීකාරයා චීනයයි. ජපානය ඉලෙක්ට්‍රොනික් ඒකාධිකාරය අයිතිකරගත්තේය. යුරෝපය මේ සියල්ල ඉවසන්නට එකිනෙකාගේ අත් අල්ලා ගත්තේය. අරාබිය සිය දෙවියන්ට සියල්ල යට යැයි වහසි බස් දෙඩෙව්වේය. අප්‍රිකාව සිය බාහු බලය ගැන උදම් විය. නමුත් සියල්ල එක මිටට ගෙන පොළොවේ ගසා සියල්ලන්ටම මුඛවාඩම් දාන්නට සමත් වූයේ ඇහැට නොපෙනෙනා සතෙක් විසින්ය. මේ ලියනා මොහොත වෙන තෙක්ම ලෝකයට කට උත්තර නැත.
නමුත් පරිසරය පමණක් නිහඬවම විකසිත වෙමින් තිබේ. මේ ඒ ගැන කතාවකි. නමුත් මේ කතාව මේ පොළොවට කොයිතරම් කල් වලංගු වේදැයි අප දන්නේ නැත.
ඒ නිසාම හැකි ඉක්මනින් මේ ලිපිය ඔබ කියවිය යුතුය. මෙය මා විසින් හැකි ඉක්මනින් ලිවිය යුතුය. හිතවත් මාධ්‍යවේදී දිනේෂ් උපේන්ද්‍ර සිය ෆේස් බුක් පිටුවේ අපූරු සටහනක් මේ ගැන තබා තිබ්බේය.

“මියැදෙන්න බලාගෙන
උපදින ප්‍රේමයක
නොමියෙන සුවඳ ඇත…”
ඒ රේල් පීලි මත විකසිත වූ මදු මල් දෙකම පින්තූරයක් සමගය. අපි මේ ලියනා මොහොතේ ඒවා අවසන් ගමන් ගොස් අවසන්ය. නිදහස් වූ මිනිස්සු රැගෙන ආ පළමු කෝච්චියට ඒවා යට වෙන්නට ඇත. මේ කතාවත් ඒ වගේමය.
පරිසරවේදී නයනක රන්වැල්ල අපිට අපූරු කතා කීපයක්ම කීවේය. ඒ ලෝකය සුවපත්ව ඇතැයි අපි ඇසූ කතාවලට අමතරවය. චීනයේ කිසිදාක නොපිපුණ මල් යළි පිපෙමින් තියෙනා බවට පුවත් කීවේය. ඕසෝන් වියනේ වූ සිදුරු සුවපත් වෙමින් තිබුණේය. නමුත් දැන් චීනය දෙගුණයකින් වැඩ කඩිනම් කර තිබේ.
එතනින් එහාට හිතනා එක ඔබට බාරය. කොහොම නමුත් මේ රට වසා දැමීමත් සමග ලංකාවේ ස්තුන්ටද නිදහසක් ලැබුණේය.
මේ ගැන එක සිදුවීමක් වාර්තා වෙන්නේ හෝර්ටන්තැන්නෙන්ය. ඒ හෝර්ටන්තැන්නේ බ්ලැක් පූල් කියනා ඉසව්වෙන්ය. ඒ කොටි යුවළක් පෙම් සුව විඳින්නට මාර්ගය අසබඩට ආ බවය. සාමාන්‍යයෙන් හෝර්ටන්තැන්න ගැන දන්නා අය සේම ශ්‍රී ලංකාවේ කොටි ගැන දන්නා අයට මෙය අමුතු කතාවකි. සාමාන්‍යයෙන් හෝර්ටන්තැන්නේදී කොටියෙක් දකින්නට ලැබේනම් ඒ අතිශය අහඹුවකි. සාමාන්‍යයෙන් වනාන්තර සංචාරයකදී වුව කොටි නිතර දකින්නට ලැබෙන්නේ නැත. කැළේ කොළේ හොඳ හක්කලං කාරයෙක්ට වුව ඒක එහෙමය. ඒ නිසා බ්ලැක් පූල්වල මේ කොටි යුවළ මේ පරිසර වෙනස නිසාම පැමිණ බව පැහැදිලිය.

ඒ වගේම නල්ලතන්නිය අවටද කොටි සම්බන්ධ සිදුවීම් වාර්තා විය. ඒ වෙනදාට ජනාකීර්ණ බිම් ආශ්‍රිතවය. ඒ දෙන්නෙක්ම මදුවලට හසුව තිබුණේය. එසේම ලංකාවේ සාමාන්‍ය වනෝද්‍යාන කීපයේම මේ වෙනස සිදුව තිබුණේය. සාමාන්‍යයෙන් එළිපිට දකින්නට නොලැබෙන කොටි සංචාරක බංගලා අසල ගැවසෙමින් සිටි බවට සාක්ෂි හමුව තිබේ.
ඒ වගේම ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයට මුවෝ පැමිණ තිබේ. සාමාන්‍යයෙන් ත්‍රිකුණාමල නගරය ආශ්‍රිතව මුව රංචුවක් දකින්නට ලැබීම සාමාන්‍යය. නමුත් උන් ප්‍රධාන මාර්ගයට පැමිණියේ නැත. සාමාන්‍යයෙන් උන් ආහාර හොයා ගන්නේ වනාන්තරයෙන් නොවේ. ඒ නගරයේ හෝටල්වල ඉවත දමනා ආහාරය. උන්ට මෙවේලේ ආහාර ලැබුණේ නැත. ඒ නිසාම උන් ප්‍රධාන මාර්ගය දිගේ ඔහේ ඇවිද ගියේය.
හබරණ, ගල්ගමුව ඇතුළු ප්‍රධාන මාර්ගවලටත්, නුවරින් අම්පාර පාරටත් අලි විශාල වශයෙන් පැමිණියේය. සමාන්‍යයෙන් අලි ගම්වදින නමුත් උන් රංචු පිටින් මහා මාර්ගවලට පැමිණ තිබුණේ ඉඳහිටය. ඒ ආවද උන්ට ඉක්මනින් පරාද වී කැළෑ වදින්නට සිදුවිය. නමුත් මෙදා උන් පන්නා දමන්නට මිනිස්සු ආවේ නැත. සමහර විට අලි “මුංට මක් වුණාද?” හොයන්නට ආවාද විය හැක. මේ අතර බුත්තල කතරගම පාරේ නිතරම මග රැක උන් සද්ධන්තයා දින දෙක තුනකට පසු එතැනින් ඉවත්ව ගොස් තිබුණේ ය.
ඊළඟට දක්ෂිණ අධිවේගයට මොනරු රංචු පිටින් ආවේය. උන් ඉඳහිට කලාතුරකින් යන වාහනයකට ඉඩදී පැත්තට වුණේය. වැහි හීගතුවේ අධිවේගයේ මොනර නැටුම් තිබුණේය. නයනක රංවැල්ලලා කියනා විදියට තවත් වැඩක් වුණේය. ඒ සත්තු එළියට එන විට මිනිස්සු කැලයට රිංගීමය. නමුත් එය වෙනමම කතාවකි. මේ වසන්තය ගැන කතාවකි. අහසත් පොළොවත් මේ නිහැඬියාව මැද පිරිපහදු වී තිබුණේය. කැලණි ගං දිය පිරිසිදු වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය කියා තිබුණේය. කොළඹ වායු දූෂණය හොඳටෝම අඩු විය. දුඹුල් පෑ කාෂ්ඨක මහ පොළොවේ අලුත් මල් පිපුණේය. කොටුව දුම්රිය පීලි මත පැණිකොමඩු හැදුණේය. ඒ කතාව සුන්දරය. ඒත් හෙට?

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

DFCC බැංකුවෙන් විශේෂ තැන්පතු ගිණුමක්

Next Post

ලංකාවේ ලොකු ලොකු කොම්පැනිවලට කොරෝනා කරපුු හරියක්…

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.