ජනාධිපතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් (පසුගිය බ්‍රහස්පතින්දා වනවිට) 240ක් පොලිසිවලට ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 67 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එම පැමිණිලි අතර අපරාධමය වැරැදිවලට අදාළව පැමිණිලි 99ක්ද පොලිසිවලට වාර්තා වී තිබූ බවයි ඔහු සඳහන් කළේ.
සැකකටයුතු වාහන 6ක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.
මෙම කාලසීමාව තුළදී පොලිසිය විසින් කම්කරුවන් යොදවා නීති විරෝධී පෝස්ටර් 4,64,869ක් ඉවත් කර ඇති අතර, කටවුට් 1,311ක් සහ බැනර් 1,258ක් ඉවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මැතිවරණයට අදාළ නීති විරෝධී දැන්වීම් පත්‍රිකා 5,784ක්ද පොලිසිය මගින් ඉවත් කර ඇත.
ප්‍රේමලාල් විජේරත්න










