• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රාමනාදන්-කදිරගාමර්-බෙග් වෙසක්වලට කරපු දේ ඔබ දන්නවාද?

May 17, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
රාමනාදන්-කදිරගාමර්-බෙග් වෙසක්වලට කරපු දේ ඔබ දන්නවාද?
Share on WhatsAppShare on Facebook

කරුණාවෙන් සිහිල් වූ හදවතක් ඇති (කරුණා සීතලං හදයං) දෙවියන් සහිත මනුස්සයන්ගේ ගෞරවයට පාත්‍රවූ, (සනරාමර ලෝක ගරුං) නුබ ගැබ තරු පිරිවරාගත් චන්ද්‍රයා සේ වඩින්නාවූ (ගච්ඡති නීල පථෙ විය චන්ද්‍රා) අමා මෑණී බුදු පියාණෙනි, ඔබ වහන්සේ බුදුවූ බුද්ධගයාව දෙසින් හමා එන සීතල සුළඟ පවා හිමියනි මට සුවදායකය. (සුව දේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධ ගයාවේ)
බුද්ධ ගයාවෙන් හමන සීතල සුළඟත් සනීපදායක යැයි හතර පෝයට අටසිල්, දස සිල් සමාදන් වන නිති පතා පන්සිල් රකින බෞද්ධයකු කීවේ නම් එය සාමාන්‍ය දෙයක් විය හැකිය. එහෙත් මෙ සේ කීවේ ඉස්ලාම් භක්තික පවුලක ඉපිද ඉස්ලාම් භක්තිකයකු වශයෙන්ම මියගිය ජාත්‍යන්තර කීර්තිධර අල්හාජ් මොහිදීන් බෙග්ය. මොහිදීන් බෙග් පමණක් නොව ඒ.ජේ. කරීම්, ආර්. මුත්තුසාමි වැනි කලාකරුවෝද ලබ්ධිය කුමක් වුවත් බුදු ගුණ දුටහ. බුදු ගුණ කීහ. බුදු ගුණ ගැයූහ.
මානව භක්තියට, මානව දයාවට මානව කරුණාවට ආගමක් ජන්මයක් කුලයක් ගෝත්‍රයක් මේ මිහිතලය මත ඇත්තේදැයි කිව නොහේ. මානව වර්ගයා, සත්වයා එකට එක් කර බඳින, බැඳෙන රැහැන කරුණාව, දයාව, මෛත්‍රියයි.
ලෝකයේ කවර දේශ දීපංකරයක, කවර ජාතියක, කවර කුලයක, කවර ගෝත්‍රයක උපන් කෙනකුන් හෝ ඔන්න ඔය කියන ධර්මතාව ගැන හදවතින්ම කතා කළේ නම් කතා කරන්නේ නම් සාදු සම්මත යැයි කියන ලෝ වැස්සාගේ දෑත් ඔහු කෙරෙහි ඇදී බැඳෙන්නේමය. දොහොත් මුදුන්හි රැඳෙන්නේමය.
ඇයි? පපු කැනැත්තේ කොතැනක හෝ අබමල් රේණුවක තරම් මනුස්සකමක් ඇති මිනිසුනේ, පිළිගත මැනවි.
ඔහු අපේ කෙනා, අපේ තැනැත්තා, අපේ මනුස්සයා, නැත්නම් අපේ එකාය යන හැඟීම සිරුරේ මස්වලට පමණක් නොව නහරයක් නහරයක් පාසා දිවෙන ලේ රිහිරිවලටද කැවී ඇති නිසා නොවන්නේ දැයි ඇසිය යුතුය.
“කවදා පායයිද අපෙ දිනිසුරාණෝ – බුදු බව පතා දළ දන් දෙන ඇතාණෝ”යන අපේක්‍ෂාවෙන් යුගයෙන් යුගයට, සමයෙන් සමයට, කාලපරිච්ඡේදයෙන් කාලපරිච්ඡේදයට, බවයෙන් බවයට සංසාරයෙන් සංසාරයට මානව ප්‍රණියා දැැස් දල්වා බලා සිටින්නේ එබැවිනි.
සාරඅසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ මහා සාගරයේ දිය කඳද, යොදුන් දාහක් ඝනකඩ බොල් පොළවේ පස්ද පරයා ඇස්, ඉස්, මස්, ලේ සහ ජීවිතේ දන්දෙමින් දස පාරමී දම් පිරූ ඒ උත්තමයාණෝ, ඒ මනුස්සයාණෝ (මනං උස්සතීති මනුස්සෝ) ඒ මහතාණෝ බුදු බව ලද්දාහු බුද්ධගයා පෙදෙසින් හමන සුළඟේ පවා සැනසිල්ලක් නොවන්නේ දැයි කිව මැනවි.
බුද්ධත්වය දිනූ කල්හි පමණක් නොව උන්වහන්සේ උපන් දිනද මහ අසිරියක්ම විය. මහ සාගරයේ ජලය අමෘතය මෙන් මිහිරි සුමිහිරිම වූවේය. මහා මේර පර්වතය, මන්ධාර පර්වතය වැනි මහා පර්වත මස්ථකයන්හි නෙළුම් මල් පිපුණේය. උන්වහන්සේගේ දෙපා නැමදීමට අපට අවසර.
සමුදුර ජලය සුමිහිරි වෙයි. අමෙක රඟේ- මෙරගිර මදර ගිර මත පුල් කමල් නැඟේ
පුවතර අසිරි පෑ උපතැති හිමිය මගේ – අවසර ගිලෙමි ඔබෙ ගුණ බාරුසී ගඟේ
බුදුන් වහන්සේගේ අසමසම කරුණාවෙන් බෞද්ධයන් සේම කම්පිතවූ හදවත් ඇති (හදය කම්පනං කරෝතීති) බෞද්ධයන් නොවන බෞද්ධයන් කළ මෙහෙය අනුපමේය වේ.
අද ඇතැම් බෞද්ධයන් තමන් බෞද්ධයන්දැයි යන්න නොදන්නා සේම, බෞද්ධයන් නොවන බෞද්ධයන් විසින් බෞද්ධයන් වෙනුවෙන් කරන ලද මෙහෙය ගැන දන්නා බෞද්ධයෝ බෞද්ධයන් අතරද ඉතා විරලය. ඉපදීම, බුදුවීම සහ පිරිනිවීම යන තෙමඟුල ගෞරව බහුමානයෙන් යුතුව සමරන “වෙසක් උත්සවය’‘ ලෙසින් හඳුන්වන බව නොදන්නෝ නම් නැත්තාහ. ශ්‍රී ලාංකික බොදුණුවන්ගේ ඉතා උතුම්ම ආගමික උත්සවය වෙසක්ය. රාජ්‍ය අනුග්‍රහය ඉතා ඉහළින්ම නොමඳව ලැබේ. උත්සව පැවැත්වීමට දින දෙකක්ද නිවාඩු වශයෙන් රජයෙන් වෙන් කරදී තිබේ.
වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද පිළිගනු ලැබ ඇත. ඒ තත්ත්වය බෞද්ධයන් සඳහා ලබා දුන්නේ බෞද්ධයන් නොවන බෞද්ධයන් විසින් බව ඔබ දන්නවාද?
වෙසක් තෙමඟුල සමරන මේ දිනවල බෞද්ධයන් වෙනුවෙන් මානව සත්කාරය කළ ඒ මිනිසුන් සිහිපත් කිරීම අපේ යුතුකමකි.
ශ්‍රී ලංකාවේ සොලිසිටර් ජනරාල්වරයකු වශයෙන් සිටි ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් සහ හිටපු විදේශ කටයුතු ඇමතිවරයකු වූ කීර්තිධර ලක්‍ෂ්මන් කදිරගාමර් යන ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් දෙදෙනාට ඒ ගෞරවය හිමිවිය යුත්තේය.
ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා ඉංගිරිසීන්ගේ පාලන සමයේදී ශ්‍රී ලංකාවේ වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරවා ගනු ලැබුවේය.
1851 අප්‍රේල් මස 4 වැනි දින කොළඹ හෙට්ටිවීදියේදී උපන්නේය. ඒ නිවස ඔහුගේ මව් පාර්ශ්වයේ සීයා වූ, ඒකුමාරස්වාමි මහතාගේය. ඒ. කුමාරස්වාමි මහතාගේ පියා මුදලිඳු (මුඞ්ලියර්) ඒ. පොන්නම්බලම් මහතාය. පුංචි රාමනාදන් අවුරුදු දහය වනතුරු නිවසේ සිටම අකුරු කළේය. 1861 දී හෙතෙම රෝයල් ඇකඩමියට ඇතුළුව පසුව රාමනාදන් සිය සොහොයුරු කුමාරස්වාමි සමගම1865 දී මදුරාසියේ ප්‍රසිඩන්සි කොලේජ් විදා්‍යාලයට ඇතුළුවී කලා ක්‍ෂේත්‍රයෙන් අධ්‍යාපනය ලබා ඉන්ටර්මිඩියේට් සමත් වූවේය. අනතුරව උපාධිය සඳහා ඉගෙන ගනිද්දී බලපෑ කරුණක් නිසා අයියා මලෝ දෙන්නාටම අධ්‍යාපනය මග දමා ආපසු ගෙදර එන්නට සිදුවිය. එසේ පැමිණි හෙතෙම එවකට ශ්‍රී ලංකාවේ සිටි අග්‍රගණ්‍ය නීතිවේදී රිචර්ඞ් මෝර්ගන් මහතා ඇසුරේ නීතිය හදාරා අධිනීතිඥවරයෙකු වශයෙන් 1871 සිට රජයේ නීති අංශයට බැඳී එහි නීති වාර්තා සංස්කරණය කෙළේය.
පොන්නම්ලම් රාමනාදන් මහතා 1874 දී සෙල්ලච්චි අම්මාල් යුවතිය සමග යුග දිවිය ඇරඹුවේය. ඇය කොළඹ වෝර්ඞ් පෙදෙසේ පදිංචිව සිටි මුදලිඳු (මුඞ්ලියර්) ඊ. නනිතම්බි මහතාගේ දියණියයි. ඒ දෙදෙනාට පිරිමි දරුවන් තිදෙනෙක් සහ දියණියන් දෙදෙනෙක් උපන්හ. පුතුන් තිදෙනා මහෙෂාන්, රාජේන්ද්‍ර සහ වාමදේවන්ය. දිණියන් දෙදෙනා සිවකොලෙන්තු සහ රුක්මිනි නම් වූහ. රාමනාදන් මහතාගේ බිරිය හදිසියේ මෙලොව හැර ගියෙන් හෙතෙම ඕස්ටේ්‍රලියානු ජාතික ආර්.එල්. හැරිසන් මහත්මියගේ අත ගත්තේය. හැරිසන් මහත්මිය පසුව ලීලාවතී යන නම ගත්තාය. ඒ දෙදෙනාට උපන් දියණිය සිවගාමි සුන්දරී වූවාය. කිසියම් අරමුණක් හිතේ දරා සිටි ඔහු 1880දී ලංකා ජාතික සංගමය ආරම්භ කර එහි සභාපතිවරයා වී 1886 නීතිඥ වෘත්තියෙන් බැහැරවූවේය. අනතුරුව දේශපාලන ක්‍ෂේත්‍රයට පිවිස ව්‍යවස්ථා සංශෝධනයට පෙළ ගැසුණේය. එම වසරේ සිය බිරියත් දියණියත් සමග යුරෝපා සංචාරයක යෙදෙද්දී එවකට බි්‍රතාන්‍ය මහ රැජන වූ වික්ටෝරියා රැජින හමුවීමේ භාග්‍යද ලැබුවේය. ශ්‍රී ලංකාවේ සොලිසිටර් ජනරාල්වරයා වශයෙන් 1892 දී පත්වූ හෙතෙම ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නීතිඥවරයා වශයෙන් 1903 දී පත්කරනු ලැබුවේය. 1905දී විශ්‍රාම ගැනීමෙන් පසුව පොන්නම්බලම් රාමනාදන් මහතා 1907 දී ජාතික ප්‍රතිසංස්කරණ සංගමය ආරම්භ නෙකළේය. එවක ව්‍යවස්ථා දායක සභාවට 1911දී තරග වැදුණු පොන්නම් රාමනාදන් මහතා ජය ගත්තේ ඔහු හා තරග වැදුණු වෛදා්‍ය මාර්කස් ප්‍රනාන්දු මහතා පරාජයට පත්කරමිනි. 1915 කැරලි කෝලාහලයට සම්බන්ධ සිංහලයින් බේරා ගැනීමේ සත් කාර්යයට උර දුන් පොන්නම්බලම් රාමනාදන් මහතා 1916 ව්‍යවස්ථා දායක සභාවට තරග වැදී යළි පත්වූවේ සෙක්සස් විජේසිංහ ජයවර්ධන මහතා පරාජය කරමිනි. බෞද්ධයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවාසීන් වෙනුවන් මෙහෙවර කළ මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා 1930 නොවැම්බර් 26 වැනිදා අපෙන් සදහටම සමු ගත්තේය.
වෙසක් උත්වය ජාතික උත්සව දිනයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරනු ලැබීමට අප්‍රතිහත කැපවීමකින් කටයුතු කළේ නුදුරු අතීතයේ දී (1994-2001 සහ 204-2005) මේ රටේ විදේශ කටයුතු ඇමතිවරයා වශයෙන් විශාල මෙහෙයක් කළ ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාය. ඒ මහතාගේ උපන් දිනය 1932 අප්‍රේල් 12දාය. මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ සී.එම්.එස්. කාන්තා විදා්‍යාලයෙනි. ඒ සමයේ දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වූ සමයයි. ඒ නිසා කුඩා කදිරගාමර් සිය සොහොයුරියත් සමග ඇගේ සැමියා රාජකාරි කළ මාතලේ ප්‍රදේශයේ පදිංචියට ගියෙන් මහනුවර ත්‍රිත්ව විදා්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට වරම් ලැබුවේය. එහෙත් ඒ වන විට ඔහුගේ සොහොයුරන් අධ්‍යාපනය ලබමින් සිටියේ කොළඹ රාජකීය විදා්‍යාලයේය. 1950 දී හෙතෙම විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාය. ලක්‍ෂ්මන් කදිරගාමර් 1949 දී ඩන්කන් වයිට් ශූරතාවයේ ජයග්‍රාහකයා වූයේය. ක්‍රීඩාවටත්, ඉගෙනීමටත් එක සේ හපන්කම් පෑ ලක්‍ෂ්මන් කදිරගාමර්ට සෑම අතින්ම දක්‍ෂයාට හිමිවන රයිඞ් රන් පදක්කම 1950 වසරේදී හිමිවිය. ඒ වසරේ හෙතෙම විදුහලේ ශිෂ්‍ය නායකයායි. විදුහලෙන් පේරාදෙණිය සරසවියට ඇතුළු වූ මේ දක්‍ෂයා එහි වසරක අධ්‍යාපනයෙන් පසු කොළඹ විශ්වවිදා්‍යාලයට නීති අංශයට ගොස් 1953දී උපාධිය ගත්තේය. එපමණක් නොව නීති විදා්‍යාලයේ 1953 ඇඞ්වොකේට් ඉන්ටර්මිඩියේට් විභාගයෙන් පළමු පන්තියෙන්ම ජයක් හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණයේ අධිනීතිඥවරයකු වශයෙන් ලක්‍ෂ්මන් කදිරගාමර මහතා 1955 දී දිවුරුම් දුන්නේය. ඔහු 1956-1959 අතර කාලයේදී ඔක්ස්ෆර්ඞ් සරසවියේයේ අධ්‍යාපනය හදාරා 1960 දී බ්ලිට් උපාධිය හිමි කර ගත්තේය. 1958 දී ඔහු ඔක්ස්ෆර්ඞ් සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වූවේය.
කදිරගාමර මහතා ඉපැදුණේ කිතුනු පවුලකය. එහෙත් ඔහුගේ අවසන් කටයුතු කෙරුණේ බෞද්ධ වතාවත් අනුව බව සඳහන් කළ යුත්තේය.
බෞද්ධ ගීත යන්න ඇසුණු කල්හි වහා සිහියට නැඟෙන නාමය බෙග් යන්නය. අල්හාජ් මොහිදීන් බෙග් 1962 තරමේදී අංගුලිමාල චිත්‍රපටයේ ගැයූ බුද්ධං සරණං ගච්ඡාමි යන ගීතය අදත් ඕනෑම බෞද්ධ ආගමික උත්සවයකදී ගැයෙන්නේය.
තමිල්නාඩුවේදී 1991 උපන් අල්හාජ් මොහිදීන් බෙග් හයිද්‍රාබාද් මුස්ලිම් ජන්මයක් ඇත්තෙකි. බෙග් එච්.ආර්. ජෝතිපාල, ජී.එස්.බී. රාණි පෙරේරා, ලතා වල්පොළ, සුජාතා අත්තනායක සහ ජමුනා රාණි යන සෙසු සමකාලීන ප්‍රවීණයන් සමග ගීත ගැයුවේය.
භාරත ගී රාජිනිය ලෙස සැලකෙන ලතා මංගේෂ්කාර් සමග ගීයක් ගැයූ එකම ශ්‍රී ලාංකික ගායකයා මොහිදීන් බෙග් පමණි. සිංහල ගීත කෝකිලාව වශයෙන්ද නිළි රැජිනිය ලෙසද දශක ගණනාවක් කිරුළු පලන් සිටි රුක්මණී දේවිය සමගද බෙග් ගීත ගායනා කෙළේය. ඔහු ලංකාවට පදිංචියට පැමිණියේ 1932දීය. ඔහුගේ තැටි ගත කළ පළමු ගීතය කේ.කේ. රාජලක්‍ෂ්මී සමග ගැයූ කරුණා මුහුදේ නාමු ගිලීලාය. ඔහු පළමුවෙන්ම පසුබිම් ගායනාවක් කළේ 1947දී අශෝකමාලා චිත්‍රපටයටය.
මායා, ගිරි හෙල් මුදුණේ, ආදර නදිය ගලා, පෙම් මාලා, වැල්ල සිඹින රැල්ල, අන්න සුදෝ, තනිවයි උපන්නේ සහ ලෝකෙ සිහිනයාක් වගේය යන ගීත එදා ලංකාවේ ඉහළම උත්සව අවස්ථාවල දී වාදනය වූ ඒවාය. අපේ රටේ පළමු නිදහස් උත්සවයේ දී 1974 නොබැඳි ජාතීන්ගේ සමුළු අවස්ථාවේ මේ ගීත වාදනය කෙරුණේය.
1932 සිට ශ්‍රී ලාංකික පුරවැසිකම් ඉල්ලා සිටි මොහිදීන් බෙග්ට එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා සම්මාන පුරවැසිකම් පිරිනැමුවේය. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඔහුට කලාශූරී සම්මානය පිරිනැමුවේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රස අඩු – ගුණ වැඩි පතෝල

Next Post

DFCC බැංකුවෙන් විශේෂ තැන්පතු ගිණුමක්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.