ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිත වායුගෝලයේ පවතින අඩු පීඩන තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කිරීම මත දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව සහනැගෙනහිර පළාත්වල මිලිමීටර් 200 ඉක්මවා ගිය තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම තත්ත්වය දිවයිනේ වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර මේ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද එම මධ්‍යස්ථානය පැවසීය.
මේ අතර කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80ත් අතර ඉහල යා හැකි බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.










