• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාඩම වෙනුවට ඡන්දේ කරලා හොඳ පාඩමක් ඉගෙනගන්න ලෑස්තිද? එහෙනම් පන්තියේ දේශපාලනේ කරමු! දෙන කෙනාව නම්කරමු! රට බෙදන හැටි කියමු! අන්තිමට සමාව ගමු! Sri Lanka Latest News

September 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
පාඩම වෙනුවට ඡන්දේ කරලා හොඳ පාඩමක් ඉගෙනගන්න ලෑස්තිද? එහෙනම් පන්තියේ දේශපාලනේ කරමු! දෙන කෙනාව නම්කරමු! රට බෙදන හැටි කියමු! අන්තිමට සමාව ගමු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය ජනාධිපතිවරණ කාලයේදී සමහර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා සහභාගි වූවෝ දේශපාලකයෝම වූයේ නැත. දේශපාලනයට ඍජුව හෝ වක්‍රව හෝ වෙනත් කිසිදු ආකාරයකින් සබඳතාවක් නොදක්වන ඇතැම් පුද්ගලයෝද දේශපාලකයන්ගේ චරිත නිරූපණය කරන්න පටන් ගත්තෝය. ඇතැම්හු දේශපාලනය කළහ. ඇතැම්හු කිසිසේත් දේශපාලනය නොකළ නමුත් දේශපාලනයට සම්බන්ධ කටයුතුවල යෙදී තිබුණේය. දේශපාලකයන්ගේ භූමිකා හොබවමින් දේශපාලනයෙන් වාසි ලබාගැනීමේ පරමාර්ථයෙන් කෙදිනක හෝ දේශපාලකයෙක් වේ යැයි බලාපොරොත්තුවෙන් ඇතැම්හු හැසිරුණු බව අපගේ විශ්වාසයයි. එවැනි අයකු ලෙස අපට මේ මොහොතේ සඳහන් කළ හැක්කේ තිස්ස ජනනායකය. තිස්ස ජනනායක මහත්තයා පන්ති කරමින් සිට හදිසියේම රටේ හරි මැදින් ඉරක් ගසා එය දෙකඩ කරන්නට ඡන්දයෙන් පසු සූදානම් බවක්ද, එයින් බේරාගැනීමට පත්විය යුත්තෝ කවරහුද යන්නද ඉතා ඍජුව පැහැදිලි කර දුන්නේය. පසුව එයට ඔහු සමාව ගත් අතර, දේශපාලනය වෙනුවෙන් කඩේ යෑමේ සහ රෙදි නැතුව පෙනී සිටීමේ පවට එතුමන් අදද වන්දි ගෙවමින් සිටී. (Sri Lanka Latest News)

මෙවැනි වූ දේශපාලන චරිතවලට පණපොවන ශ්‍රී ලංකාවේ ටියුෂන් පන්තිවල ගුරුවරු බොහෝ දෙනකු අපට මේ කාලවකවානුවේදී මුණගැසී තිබේ. පන්තිවලට පැමිණෙන දරුවෝ පන්ති එන්නේ අන්තේවාසිකව ඉගෙන ගන්නට නොවනා බව අපගේ විශ්වාසයයි. මේ පන්තිවලට ඉගෙන ගැනීමට පැමිණෙන සෑම ශිෂ්‍යයෙක්ම එම පන්තියට අදාළව, අදාළ මාසයේ පන්ති කාඩ්පතත් රැගෙන පන්තියට පැමිණෙන නිසා ඔහුට අදාළ කාඩ්පතේ වටිනාකමට සරිලන පරිදි විෂය ඉගැන්වීමෙන් ඔවුන් සදාචාරාත්මක කරුණු අවශ්‍ය නම් ගුණයහපත්කම් ගැන කරුණු බෝනස් ලෙස ලබාදිය හැකි නමුත් දේශපාලන දැනුම ලබාදීම මිසක දේශපාලන පක්ෂයකට කණ්ඩායමකට බලහත්කාරයෙන් ඡන්දය ලබාදෙන්න යැයි බලකරමින් දේශපාලන වේදිකාවලට පන්ති කාමර පත්කර ගැනීම මේ දිනවල අපට බහුලව දකින්නට ලැබේ.

ඇතැම් ගුරුවරු පන්ති කරන ගමන් දේශපාලන වේදිකාවටද ගොඩවී සිටිති. එසේ ගොඩවීම මේ ටියුෂන් හෝ වෙනත් ආකාරයක ගුරුවරයකුට නොගැළපෙන්නේ තමන්ගේ පන්ති කාමරයේ ළමයි 400ක් ඉගෙන ගන්නා විට ඉන් අඩුම තරමින් 100ක්වත් ඔහුගේ දේශපාලන මතයට එකඟ නොවන බවත් ඒ අයට එසේ එකඟ නොවී සිටීමට ඕනෑ තරම් ඉඩකඩ ඇති බවත් මේ අයට අමතකව ගොස් ඇති නිසාය. කිසිසේත්ම මේ පන්ති කරන අයගේ මතයද දරන්නට දරුවන්ට හෝ දරුවන්ගේ මවුපියන්ට හෝ අවශ්‍ය නොවන අතර, එසේ කරන්න යැයි බලකිරීමට කිසිදු අයිතියක් මේ අයට නැත.
දේශපාලන වේදිකාවලට ගොඩවී දේශපාලනය කොට ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට ගොස් රෙදි ගළවාගත් ටියුෂන් ගුරුවරුන්ගේ ඉතිහාස කතා අපට ඕනෑ තරම් තිබේ. ටියුෂන් කොට, නම හදාගත්, මිල මුදල් හම්බ කරගත් ගුරුවරු අද දේශපාලනය කරමින් දේශපාලන වේදිකාවලට ගොඩවෙමින් දේශපාලකයාගේ භූමිකාව ඍජුව නියෝජනය කරමින් ටියුෂන් පන්ති අතහැර දමා වෙන වෙන සෙල්ලම් කරමින් සිටින බව අපට දකින්නට ලැබේ. එසේම ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රකට ටියුෂන් ගුරුවරු ඡන්දයට ගොස් ඡන්දයෙන් පරාජයට පත්ව නොසිතූ ලෙස තම තමන්ගේ මිල මුදල් පවා නාස්ති කොට ගත් අවස්ථාද තිබේ.

දේශපාලනයට මැදිහත් වෙන, නමුත් ඍජුව දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන, දේශපාලන කණ්ඩායමක් වෙනුවෙන් පෙනී නොසිටින, දේශපාලනය වෙනුවෙන් තමන්ගේ පිලට ඡන්දය දෙන්න යැයි කිසිවකුගෙන් ඉල්ලා නොසිටින, දේශපාලනයට යම් යම් මැදිහත්වීම් කරන ටියුෂන් ගුරුවරු අපට මුණගැසී තිබේ. ඒ අය පිළිබඳ ගැටලුවක් නැත. දේශපාලනය කරන නමුත් පන්ති කාමරය ඇතුළේ දේශපාලනය නොකරන ගුරුවරුද සිටී. ඔවුන් දේශපාලනය කරන්නේ දේශපාලන වේදිකාවේය. නමුත් ඔවුන් දේශපාලන වේදිකාවෙන් බිමට බට විට ඔවුන් ඡන්දය ඉල්ලන නමුත්, ඡන්ද ලකුණක් නියෝජනය කරන නමුත් පන්ති කාමරයට ඡන්දය ගෙන එන්නේ නැත. එවැනි ගුරුවරුන්ට හිස නමා ආචාර කළ යුතු මට්ටමක සිටී. ඒ අනුව අප මේ මොහොතේ කියන්නේ තිස්ස ජනනායකලා කරගත්තා වගේ මේ මොහොතේ කරගන්නට නොයන්නට ටියුෂන් ගුරුවරු සැලකිලිමත් විය යුතු බවය. කිසිවකු හිතන්නේ නම් යම් ටියුෂන් පන්තියක්, යම් ටියුෂන් ගරුවරයකුට තමන්ට සිවිල් බලයක් ඇතැයි කියා, තමන්ගේ ශිෂ්‍යයන් අවශ්‍ය පරිදි මෙහෙයවන්නට, එය සම්පූර්ණයෙන්ම වැරැදි කරුණකි. එසේ තමන්ගේ ශිෂ්‍යයන්, තමන්ගේ පන්ති කාමරයේ ඉන්නා දරුවන්, ඒ දරුවන්ගේ දෙමාපියන් කිසිවකු අවශ්‍ය ඕනෑම ආකාරයෙන් මෙහෙයවන්නට හෝ ඔවුන් ලවා ඡන්දය ලබාගන්නට හෝ වෙන ආකාරයක සෙප්පඩවිජ්ජා සිදුකරන්නට මේ කිසිවකුට අයිතියක් නැති බව අප මේ මොහොතේ යළි යළිත් සිහිපත් කර සිටින්නෙමු.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

යුරෝපයෙන් ආ මාරාන්තික වෛරසය පාකිස්තානයටත් ආවා! ඔන්න ඉන්දියාවෙනුත් දැන් මතුවෙලා! ඊළඟට ලංකාවද? දැන්ම ලෑස්ති වෙන්න! Sri Lanka Latest News

Next Post

අනුරගේ අලුත්ම ප්‍රයිවට් සෙකට්‍රි මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් මාස හයකට පසුව නැවත වරක් හෙමින් හෙමින් අළු ගසා නැඟීසිටින දුම්බර වනපෙතේ සංචාරයක යෙදෙන්න ‘කැලෑ කොලමේ‘...

Read more
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.