Restart Sri Lanka සංකල්පය යටතේ රට යළි පණගැන්වීම සදහා ලාංකික ජාතියක් වශයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග රජයට දැනුම් දීමට කටයුතු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එම යෝජනා ෆේස්බුක්, වට්ස්ඇප්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමන් වෙත එවිය හැකි බවයි.
ඉදිරියේදී එම යෝජනා සියල්ල රජය මගින් සැලකිල්ලට ගෙන අවශ්‍ය යෝජනා දියත් කිරීමට කටයුතු කරනු ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.










