අත්අඩංගුවට ගැනීමෙන් පසුව මීගමුව පල්ලන්සේන කදවුරේ රදවා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බැලීමට කිසිවකුටත් අවසර ලබා දී නොමැති බව දැනගන්නට තිබේ.
අවම වශයෙන් ඒ මහතාගේ බිරිය වූ සුජාතා සේනාරත්න මහත්මියට හෝ රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසා බැලීම සදහා යාමට අවස්ථාව ලබා දී නොමැති බව වාර්තා වේ.
එමෙන්ම හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඒ මහතාගේ සුවදුක් විමසීම සදහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබුණද ඒ කිසිවකුටත් ඊට අවස්ථාව ලබා දී නොමැති බවද දැනගන්නට ඇත.










