• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් කොයිබටද? Sri Lanka Latest News

September 8, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

රනිල් යන්නේ මට අනුවනම් wndows වල ඇති system restore option එකටය. ඒ කියන්නේ System එක පිස්සු කෙලින විට ඊට පෙර System එක සාපේක්ෂව හොඳට දිවූ අවස්ථාවක් දක්වා operating system එක Reset කිරීමටයි. එනම් බොහෝවිට රනිල් මේ අප ගෙනයන්නට උත්සාහ කරන්නේ 2018 පාස්කු ප්‍රහාරයට පෙර සිටි තත්වය කරායි…. (Sri Lanka Latest News)

එතකොට ජනතාව ඉල්ලන්නේ ඒකද…? ආන්න එතන තමයි රනිල් අගමැති වීමෙන් අපේ බෙදීම ඇතිවෙන තැන. රාජපක්ෂලා හත්පොළේ ගාගත්විට ජනතාව ඉල්ලා සිටියේ System Change එකකි. ඒ කියන්නේ දැනට තමන් භාවිතා කරන පැරණි outdated Windows system එක වෙනුවට අළුත්ම IOS system එකක් කරා මාරුවීමක් වැනි තත්වයකි. එහෙම නැතිනම් අඩුම windows වලම අළුත්ම update එකක් කරාවත් මාරුවීමකි. අපි සියළුදෙනා එකහඬින් සටන් කරන්නේ ඒ සඳහාය. නමුත් ‘රනිල්’ ගේ ආගමනයත් එක්ක එක් පිරිසක් තවම IOS එක දක්වා System Change එකක් කරගමු කියන ස්ථාවරයේම සිටින අතර අනෙක් පිරිස ‘අපි දැනට system restore එකක් කරගෙන බලමු’ වැනි තැනකට එකඟ වෙමින් ඇත. රනිල් අප අතර ඇතිකළ අපට නොපෙනෙන ප්‍රධානම බෙදීම මෙයයි.

රනිල්ලා දක්ෂ අප භාවිතා කළ ඉතාම fail පැරණි System එක වඩා හොඳින් නඩත්තු කිරීමට මිසක් ඔවුන්ට නුහුරු අළුත් system ඇතුලේ වැඩදැමීමට නොවේය. එහෙත් ගෝල්ෆේස් කේන්ද්‍රීය තරුණයා ඉල්ලන්නේ අළුත්ම System එකකි. මේ තරුණයන් ඉල්ලන අළුත්ම system එක පිළිබඳව ඔවුන් අතරත් විවාදයක් ඇත. එක් බලවත් තරුණ පාර්ශවයක් කියන්නේ අප පැරණි DOS mode එකට යමු කියාය. එය පැරණි නමුත් ආරක්ෂිත stable system එකක් බව ඔවුන්ගේ අදහසයි. අනෙක් පිරිස ඉල්ලන්නේ අළුත්ම IOS වැනි System එකකි. මේ විවාදය මෙසේ තිබියදීම පොදු එකඟතාව නම් මේ දැන් පවතින ක්‍රමය කීයටවත් සුදුසු නොවන බවය. දැන් රනිල් සෑහෙන දුරට 2018 දක්වා reset කරමින් සිටින්නේ මේ එම තරුණයන් සහ ඔවුන් පිටුපස සිටින මහජනතාව එකහඬින් ප්‍රතික්ෂේප කරන එම පැරණි system එකමය. එනම්,

* රනිල් අගමැතිය.

* සිරිසේන ස’ ජනාධිපතිය

* 19 වන සංශෝධනය ව්‍යවථාවට එන්නේ නැතුවම බලාත්මකය.

* රනිල්ගේ හිතවත් කාටේලය ආර්ථිකය අතට ගනිමින් සිටියි. එනම් ණය, ණයවලින්ම ගොඩදැමීම සහ ඉවක් බවක් නැති විකිණීමෙන් කෑමට සල්ලි ටිකක් හෙවීමයි.

* සජිත් හැමදාම මෙන් රනිල් එක්ක හොරාපොලිස් සෙල්ලමේය.

* පාඨලී සජිත්ව පසුකිරීමේ නිහඬ ගේමේය.

* මහින්දලා හොරෙන් හොරෙන් නැවත හිස එසවීමට වලිකයි. ආයෙම ඔවුන්ගේ බේබිලා ගුල් ඇතුලේ හැංගිලාය.

* විමල් ආපහු කියන්නේ තමන්ට හුරුපුරුදු විජාතික කුමන්ත්‍රණයකට අප ආයේම අහුවෙන්නට යන බවය.

ඉතිං මේ 2018ට අපි reset වෙනවා නොවේද….? ඔබට මතකනං 2018 තිබ්බේ මේ වගේම තත්වයකය.

හැබැයි ජනතාව මේ තරම් වෙහෙසක් ගත්තේ ආපහු 2018 ට reset වීමටද….? කිසිසේත්ම නැත. ජනතාව හොයන්නේ මේසා දුක් විඳීමකින්වත් පසුවට උදාවන නිදහස්, අළුත් අනාගතයකි.

රනිල් 2018 ට මෙය reset කරගැනීමට දඟලනවානම් එය ඔහුට කරගන්නට දෙමු. අනික් expert ලා කියා තමන්ව හඳුන්වාගත් කැටයම් දැමූ expert ලා දෙබස් කියා repair එක මගාරින වෙලාවේ අඩුම රනිල් ‘මං දන්න විදියට එහෙනං කරලා බලන්ඩද අයියා’ කියා මේක අතට ගත් එකවත් මේ වෙලාවෙ හැටියට හොඳය. නමුත් අපි එක දශමයකින්වත් නව system එකක් ගැන සාකච්ඡාව අත් නොහරින්නට වගබලා ගනිමු. රනිල් මේක 2018 ට reset කරගත්තොත් ‘ඉස්තූතියි ලොක්කා’ කියා අපි එතනින් පටන් ගමු.

ඊළඟට,

රනිල් රාජපක්ෂලාට හිතවත්ද….? මට අනුවනම් නැත. රනිල්ලා වගේ එවුන් කාටවත් හිතවත් වන්නේ නැත. ඒ අපි උඹලාගේ ඒ යාළුකම් වල හැඩයෙන් උන්ගේ යාළුකම් කියවීමේ අවුලක් මිසක් වෙන එකක් නොවේය. රනිල්ලාට හිතවත්කම් නැත. නාමල් පුතාට පාර කප කප ඉන්න තරම් පු# අමාරුවක් රනිල් පන්නයේ හැඟීම් දැනීම් නැති මිනිස්සුන්ට නැත. ඒ අපි අපේ හැඩයෙන් අවට ලෝකය කියවීමේ අපේ අවුලක් පමණය. රනිල්ලාට ඇත්තේ ගනුදෙනුය.

මහින්ද රාජපක්ෂලා තමන්ගේ ආරක්ෂාවට ‘අගමැතිකම’ රනිල්ට විකුණා දැමුවේය. ඔවුන් අගමැතිකම විකුණා ආරක්ෂාව මිලට ගත්තෝය. මැයි 9ට මහින්ද චූදිතයෙක් නොවීම ඒ අතර ප්‍රධානම විය හැක. ඒ මිලට ගත් ආරක්ෂාව 100% ක්ම ෂුවර් නැතිබව මහින්ද දනියි. හේතුව ගණුදෙනු වල හැටි එහෙම බව මහින්ද දන්නා නිසාය. නමුත් සාපේක්ෂව මේ වෙලාවේ මහින්දට වෙන options නැත. ගෝඨාභය ඒ ගනුදෙනුවෙන්ම තමන්ට safe exit passage එකක් මිලට ගනිමින් සිටියි. රනිල් ඒ Exit passage එක ගෝඨාභයට විකුණන්නේ තමන්ට හුස්මක් වැටෙන දුරකින් ඇති තමන්ට මෙතෙක් වාඩිවෙන්නට බැරිවූ “ජනාධිපති” පුටුවට නිතරඟයෙන් ඇවිදගෙන යාමට Entrance passage එකක් එක්ක හුවමාරුවට බව මගේ දැකීමයි.

තමන් විතරක් ඉන්න පක්ෂයකුත්, පිනට ලැබුන මන්ත්‍රීකමකුත් එක්ක යන්න එන්න මගක් නැතුව සල්ලං වෙලා විශ්‍රාම යාමට සිටි රනිල්ට, 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තම දේශපාලන ගමන අවසන් කරන්නට ලැබේනම් එය ඔහුගේ දේශපාලන ජීවිතයට පොලියට අමතරව බෝනසුත් පොලියකි. ඒ මිසක් රනිල්ලාට උඹලාට අපට මෙන් එකපතකන, එක සිගරට් එක බෙදාගෙන බොන, බඩබැඳගත් යාළුවෝ නැත.

ගෝල්ෆේස් බිම හරහා ලැබුණ පිනා චාන්ස් එකෙන් රනිල්ගේ ගමන් මග එදෙසටද….? එවිට අරගලය කොයිබටද….? මේ අප ඉදිරියේ දැන් ඇති මොහොතයි.

අද වනවිට රනිල් හා අප හමුවන හතරමං හංදිය මට අනුවනම් මේකයි. ඉතින් මගේ යෝජනාව නම් අපි අප විශ්වාස කළ අළුත් ලෝකය වඩ වඩා විශ්වාසයෙන් හොයායමු. රනිල්ට මේ හංදියෙන් ස්තූතියි කියා හැරී “සාමකාමී අරගලය” රනිල් ළඟ නොනැවතී, ඔහුගෙන් වෙන්වී ඉදිරියට යමු.

අපි හැරෙන්නේ නැතුව හරවමු…….

ප.ලි

මහින්ද අයින්වෙන්නේ අරගලයේ ජයග්‍රහණයක් ලෙසටය. රනිල් පත්වෙන්නේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයටය. ‍රනිල් ජනතාවට ඇත්තම කියන්නේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසටය. හේතුව 2015 රනිල් එහෙම ඇත්ත කිව්වේ නැත. මේ සියල්ල ඒ සාමූහික මිනිස් අරගලයේ ප්‍රතිඵලය මිසක් වෙනකක් නොවේය. ඒ නිසා ගතවන හෑම මොහොතකම අරගලය ජයග්‍රාහී මිසක් කීයටවත් පරාජිත නැත. අරගලය යනු ‘ගෝල්ෆේස්’ බිම පමණක් නොවේය. අරගලය යනු සමස්ත රටමය. ගෝල්ෆේස් එහි එක් බලවත් මුහුණතක් පමණි.

ලක්මාල් ධර්මරත්න

SendShareShare
Previous Post

ඡන්දේ ළං ළං වෙනකොට දෙන පොරොන්දු! Sri Lanka Latest News

Next Post

දඹුල්ලේ උණුසුම් තත්ත්වයක්! රනිල්ට කැන්වසින් යන්න ආ රාජ්‍ය ආරක්ෂක ඇමැති ප්‍රමිතට විරෝධයක්! ගැටුමක් වළක්වන්න පොලිසිය ප්‍රමිතව ආපසු හරවා යවයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.