• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙදා සැරේ ගේමට එන හොඳම ටීම් එක කාගෙද? Sri Lanka Latest News

September 7, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

.
පොඩි වැහි බීරමක් එක්ක කාලය ගතවෙමින් යනවා. මිනිස්සුන්ගේ ජීවිතවලට වෙනදා නැති තරම් සුබවාදී පණිවුඩ එකින් එක එනවා. පඩි වැඩිවෙනවා. තෙල් අඩුවෙනවා. වතුර බිල් අඩුවෙනවා. ලයිට් බිල අඩුවෙනවා. ඒ අතරතුරේ ඩොලර් මිලියන 100ක ණයක් අපිට ගෙවන්නත් තියෙනවා. ඒවා ගැන අපි හිතන්නේ නැතුව තියෙන දේ කාලා බීලා සතුටින් ඉන්නවා. වාහන ගේන දවසක් ගැන අපි හීන දකිනවා. ඒ හීන එළිවෙන බවට සුබ ආරංචිත් තැනින් තැන මතුවෙනවා. ඒ අස්සේ ගමින් ගමට මැතිවරණ කාර්යාල ඉදිවෙනවා. කාර්යාල ඉස්සරහින් කොඩි දාලා පිටිපස්සේ බුලත් විට කඩයක් හරි මොකක් හරි පරණ පුරුදු විදියටම පවත්වාගෙන යනවා. සමහර තැන්වල තියෙන්නේ පාළු ගෙවල්. කාර්යාලයක් කියලා මේසයක් පුටුවක්වත් නැති තැන්වල දේශපාලන කාර්යාල වෙනුවෙන් කොඩි ගහලා, වේදිකා තැනින් තැන ඉදිවෙද්දී වීරයන්ගේ වේදිකා සහ වීරයෝ නොවන අයගේ වේදිකා අතර ඍජු ඉරක් නිර්මාණය වෙමින් යනවා. වීරයන්ගේ වේදිකා ඉදිරිපිට සෙනඟ පිරෙනකොට වීරයෝ නොවෙන අයගේ වේදිකා ඉදිරිපිට හිස් පුටු පිරෙනවා. මේක තමයි දේශපාලනයේ හැඩය. වෙනස් කරන්න බැරි දේශපාලනයේ හැඩය. (Sri Lanka Latest News)

ලංකාවේ වෙනස් විය යුතු දේශපාලන සංස්කෘතියක් තවම තියෙනවා වුණාට මේ දේශපාලන සංස්කෘතිය කාට වාසි විදියටද හැදිලා තියෙන්නේ කියන එක ඔබයි මමයි අපි හැමෝම දන්නවා. ජනාධිපතිවරණ සටනේ මේ වතාවේ වෙනදාට වඩා වෙනස් ඉස්සරහින් දුවන අපේක්ෂකයන් කිහිප දෙනෙක් ඉන්නවා. වෙනදා ඉස්සරහින් දිව්වේ අපේක්ෂකයෝ දෙන්නයි. කවුරු කොහොම කිව්වත් ඒ දෙන්නගේ නම්ගම් කියලා අපිට පත්තරවල ලියන්න පුළුවන්කම තිබුණා. හැබැයි මේ වතාවේ එහෙම නෑ. නමුත් අපි ප්‍රධාන වශයෙන් ඉන්න කණ්ඩායම් කීපයක් තෝරාගෙන මේ ලිපියට අදාළ කරගන්නවා.

මේ වෙලාවේ අපි දන්නවා ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස දිනුවත්, අනුර කුමාර දිසානායක දිනුවත්, රනිල් වික්‍රමසිංහ දිනුවත්, නාමල් රාජපක්ෂ දිනුවත් මේක තනියම කරන්න බෑ. මේ හැමෝටම කණ්ඩායමක් ඕනේ. ටීම් එකක් ඕනේ. පළපුරුදු, කළපුරුදු කණ්ඩායමක් ඕනේ. මේ කණ්ඩායම කවුද? සජිත් ප්‍රේමදාස දිනුවොත් කවුද කණ්ඩායම? ඔහු ගාව ඉන්නවා පාඨලී චම්පික රණවක, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වගේ ප්‍රධාන පෙළේ උගතුන්, බුද්ධිමතුන් සහ නායකයන්. ඒ වගේම ඔහුත් සමග ඉන්නවා හොඳ දෙවැනි පෙළක්. කාවින්ද ජයවර්ධන, සුජීව සේනසිංහ, මුජිබර් රහුමාන් වගේ පිරිසක් දෙවැනි පෙළ කණ්ඩායමක් විදියට ඉන්නවා. මේ අය අතර වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥවරු, යම් යම් ගුණාත්මක අධ්‍යාපන සුදුසුකම් තියෙන අය, දේශපාලනික වටපිටාවක් තියෙන අය, දේශපාලන අත්දැකීම් තියෙන අය, කාලයක් රට පාලනයට දායක වෙච්ච, කාලයක් රටේ දේශපාලන අත්දැකීම් සහිත, රට කරවපු අය ඔහුත් එක්ක ඉන්නවා. අමාත්‍යාංශවල ඇමැතිකම් දරපු සාර්ථක ලෙස සාර්ථක ලෙස අමාත්‍යාංශවල කටයුතු කරපු අය ඉන්නවා. සාර්ථක ව්‍යාපෘති රටට හඳුන්වා දුන්නු පාඨලීලා, හර්ෂලා වගේ අය ඔහුත් එක්ක ඉන්නවා. මේ අමාත්‍යාංශවලට පත්කරන්න අධ්‍යාපන ඇමැතිවරයා කවුද, විදේශ ඇමැතිවරයා කවුද, රටේ ආර්ථිකය භාරදෙන්නේ කාටද, රටේ ව්‍යාපාර භාරදෙන්නේ කාටද, සංචාරක කර්මාන්තය භාරදෙන්නේ කාටද කියන එක ගැන සජබයට උත්තරයක් තියෙනවා. ඇත්තටම බොහෝ විට මේ අයට විශාල වශයෙන් චෝදනා එල්ල වෙලා නෑ. පුංචි පුංචි ගැටලුවලදී මිසක ඒ අය ලොකු ප්‍රශ්නවලදී අල්ලස් දූෂණ අපරාධ චෝදනාවලට කොටු වෙලා නෑ. ඒ නිසා මේ වැඩේ කරගෙන යන්න මහා ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ.
නමුත් අපි දන්නවා මේකේ දෙවැනි තරගකරුවා විදියට රේස් එකේ දුවන, වේගෙන් ඉස්සරහට යන කෙනෙක් ඉන්නවා. දෙවැනි ස්ථානය ගැන නෙවෙයි මම මේ කියන්නේ. අපි හතරදෙනෙක් ගැන කතාකරනකොට නම් අතරින් ගත්තම අනුර කුමාර දිසානායක. අනුර කුමාර දිසානායකටත් කණ්ඩායමක් ඉන්නවා. ඔහුගේ කණ්ඩායමත් අත්දැකීම් සහිත දේශපාලකයෝ කිහිප දෙනෙක්. දූෂණ චෝදනා නැති දේශපාලකයෝ කීප දෙනෙක් එක්ක හැදිච්ච කණ්ඩායමක්. එතැන ඉන්නවා ලාල්කාන්ත, හඳුන්නෙත්ති, ටිල්වින් සිල්වා, විජිත හේරත්, හරිනි අමරසූරිය වගේ අය. ඊට අමතරව වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ, නලින්ද ජයතිස්ස වගේ කණ්ඩායමක් ඔහුත් සමග ඉන්නවා. ඒ කණ්ඩායමට මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන අපිට තවම උපමාන ඉදිරිපත් කරන්න බෑ. ඔවුන් මීට පෙර ඇමැතිකම් කිහිපයක් දරලා තිබුණත් ඔවුන් ඒවායේ ඒ තරම් සාර්ථකව වැඩ පෙන්නපු කණ්ඩායමක් නෙවෙයි.

හරිනි අමරසූරිය ගැන එහෙම ලොකුවට කියවෙනවා. ඇයට තියෙන බුද්ධි මහිමය ගැන. ඇය ඉතාම උගත් කාන්තාවක්. ඒ වගේම ඇය කිසිම දිනයක දේශපාලන චෝදනාවක් තියා මම හිතන්නේ කාගෙවත් පෝස්ටරයක් උඩින් පෝස්ටරයක් ගහලාවත් චෝදනාවක් එල්ල වෙච්ච කාන්තාවක් නෙවෙයි. නමුත් අපිට පැහැදිලිව පේනවා සජබ කණ්ඩායම සහ ජවිපෙ කණ්ඩායම අතර ගත්තම පොඩි පරස්පරයක් තියෙන බව. මොකද පළපුරුද්ද සහ කළපුරුද්ද අතින් ගොඩක් පිටිපස්සෙන් ජවිපෙ ඉන්නේ. ඒ වගේම විදේශ රටවල් එක්ක කොහොමද මේ අය ගනුදෙනු කරන්නේ කියන එක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඒ අමාත්‍යාංශ සම්බන්ධයෙන්. අමාත්‍යාංශය පහක් හයක් නෙවෙයි අමාත්‍යාංශය අඩුම තරමේ 25ක් 30ක්වත් පත්කළ යුතුයි. ඇමැතිවරු 25ක් 30ක් පත් නොකළත් විෂයන් 50කට විතර මේ අයට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. පශූ සම්පත්වල ඉඳලා මානව සම්පත දක්වාම ආර්ථිකයේ ඉඳලා සංස්කෘතිය දක්වාම, ආගමේ ඉඳලා අධ්‍යාපනය දක්වාම, උසස් අධ්‍යාපන, පාසල, පෙරපාසල දක්වාම වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි. එහෙම කණ්ඩායමක් නැතුව මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න බැහැ. තමන්ගේ කණ්ඩායමේ අඩුම තරමේ 25ක 30ක හොඳ ශක්තිමත් කණ්ඩායමක් ඔවුන් සතු විය යුතුයි.
රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවත් කණ්ඩායමක් ඉන්නවා. ඔහුට පුරුදු නැති, ඔහුත් එක්ක වැඩිය ගනුදෙනු කරලා නැති කණ්ඩායමක් ඔහුත් එක්ක ඉන්නේ. මහින්දානන්ද අලුත්ගමගේ වගේ අය. රෝහිත අබේගුණවර්ධන වගේ අය. හැබැයි ඔහුත් එක්ක ඉන්නවා අධිකරණ අමාත්‍ය ධුරය දරපු නීතිඥ අලි සබි්‍ර වගේ අය. එස්.බී. දිසානායක, රාජිත සේනාරත්න වගේ අයත් ඉන්නවා. ඉතින් මේ කණ්ඩායම තමයි ඔහුත් එක්ක ඉන්නේ. හැබැයි මේ අයට චෝදනා තියෙනවා. ප්‍රශ්න තියෙනවා. නමුත් පළපුරුද්ද තියෙනවා ඉතාම හොඳින්. කාලයක් අමාත්‍යාංශවල වැඩකරපු අය. ඒගොල්ලෝ ගැන ගැටලුවක් නැහැ. නමුත් ඒ අයට සමහර විට කරන්න පුළුවන් වෙයිද? මොකද ප්‍රසන්න රණතුංග මේ කණ්ඩායමේ ඉන්නවා. මේ හැමෝටම විශාල චෝදනා සහිතයි. ඒ චෝදනාවලින් ඔවුන්ට යම් යම් සහන ලැබිලා තියෙනවා මේ වෙනකොට. ඒගොල්ලෝ ටිකක් වැඩේ බේරගෙනයි ඉන්නේ. ඒ වගේම නිමල් ලංසා ඉන්නවා මීගමුව නියෝජනය කරමින් මේ කණ්ඩායමේ. මේ හැමෝටම චෝදනා තිබුණා. ඒගොල්ලන්ට චෝදනා කළෙත් මේ පක්ෂවල අයමයි. ඒ අතරින් සමහර චෝදනා අධිකරණයේදී ඔප්පු වෙලා තියෙනවා. අනිත් ඒවා ගැන අපි කියන්න දන්නේ නෑ. ඒ තමයි කණ්ඩායම.

ඊළඟට නාමල්ගේ කණ්ඩායම. නාමල්ටත් කණ්ඩායමක් ඉන්නවා. නාමල්ගේ කණ්ඩායමේ ඉන්නේ ඉන්දික අනුරුද්ධ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩී.වී. චානක වගේ අය. ඒ අයත් පළපුරුදු දේශපාලකයෝ. කාලයක් තිස්සේ දේශපාලනය කරපු අය. චෝදනා සහිතයි. නමුත් ඔවුන් දක්ෂ ලෙස තමන්ගේ අමාත්‍යාංශවල වැඩකටයුතු කරපු අය. හැබැයි ඔවුන්ටත් ප්‍රශ්නයක් තියෙනවා. පළාත් පාලන ආයතනවල ඉඳලාම ඔවුන්ට කණ්ඩායමක් පිළිබඳ ගැටලුවක් නිර්මාණය වෙමින් යනවා. ඉතින් මේ තත්ත්වය යටතේ අපි කල්පනා කරන්න ඕනේ දන්න නම්, අහලා තියෙන නම් කියන එක නෙවෙයි. හැබැයි හොඳ නම්, මිනිස්සු අතර චෝදනා එල්ල නොවිච්ච නම් කීපයක් අවශ්‍යයි මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා ඉදිරියට මේක පවත්වාගෙන යන්න. ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරනවා කියලා කියන්නේ මේ තනි මනුස්සයෙක් ජනාධිපති වෙනවා කියන එක නෙවෙයි. ජනාධිපතිවරයෙක් වුණාට පස්සේ ඔහුට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුව විසුරුවනකල්ම ඒ අමාත්‍යාංශ කීපය පවත්වාගෙන යන්න. පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ අදාළ පාර්ලිමේන්තු මැතිවරණය තෙක් මේ රට කරගෙන යන්න. එතකොට කැබිනට් පත්‍රිකා අස්සන් කරගන්නේ කොහොමද, පරිපූරක ඇස්තමේන්තුවක් හදාගන්නේ කොහොමද, ඩොලර් මිලියන 100ක ණයක් ගෙවන්න තියෙනවා, ඒක ගෙවන්නේ කොහොමද? මේවා හැමදාම නොගෙවා ඉන්න බෑ. ඇමෙරිකාවෙන්, චීනෙන්, ඉන්දියාවෙන් එන නැව්වලට ඒගොල්ලන්ගෙන් එන පණිවුඩවලට, ඒගොල්ලන්ගෙන් ලැබෙන ආරංචිවලට ප්‍රතිචාර දක්වන්න ඕනේ. අපි නොබැඳි ප්‍රතිපත්තියක් එක්ක යනවද, එහෙම නැත්නම් අපි මොන කඳවුරෙන්ද අපි සහාය ගන්නේ. අපි දන්නවා මේක හරිම පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්. ඉන්දියාවෙන් සහාය ගත්තොත් චීනේ තරහා වෙනවා. මේගොල්ලන්ගේ සහාය ගත්තොත් ඇමෙරිකාව තරහා වෙනවා. එතකොට අපිට තෙල් ලැබෙන්නේ වෙනම තැනකින්. අපිට ආධාර දෙන්නේ තව කවුරුවත්.

අයි.එම්.එෆ්. කියන්නෙත් වෙනම සංවිධානයක්. අයි.එම්.එෆ්. එක දෙන්නේ ආධාර නෙවෙයි ණය. ඒ ණය දෙන්නෙත් නිකන් නෙවෙයි. අපේ වැඩපිළිවෙළ, අපේ ඉදිරි දැක්ම පිළිබඳ ඔවුන් ප්‍රශ්න කරනවා. විශේෂයෙන්ම මේ ණය නොගෙවා සිටීම කියන එක ගැන කතා කරද්දී සමහර ණය කපාහරින්න අපිට පුළුවන්කමක් ලැබුණේ නෑ. අපි කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණය. ඒ කියන්නේ ආයෙත් ණය ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේක බොහොම කල්පනාවෙන් සහ සිහියෙන් කරන්න ඕනේ වැඩක්. ඒ නිසා ජනාධිපතිවරයා කියලා කියන්නේ නිකන්ම නිකන් හුදු චරිතයක් නෙවෙයි. නමක් නෙවෙයි. ඉතා වැදගත් විදියට කණ්ඩායමක් එක්ක යන දිග ගමනක්. ඒ නිසා මේ අවුරුදු 5 රට භාරදෙන්නේ කොයි කණ්ඩායමටද කියන එක ඔබ තීරණය කරන්න.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රනිල්-අනුර ඩීල් එක තහවුරුයි! ඇතුළෙ යන හොර ඩීල් ස්වාධීන වෙච්ච රාජ්‍ය ඇමැති අරුන්දික හෙළිකරයි! රනිල්ටයි-සිරිකොතටයි ඕන අනුර කුමාර දිනවන්න! එහෙම නැත්නම් මොකටද තැපැල් ඡන්දය හෙට තියෙද්දී අද රෑ රාජ්‍ය නාළිකාව දෙන්නේ අනුරට පැය ගණන් කතා කරන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මීමුරේ සත 5කට වැඩක් නැති අක්කර 50ක් වෙනුවට හිටපු ඉඩම් ඇමැති හරීන් ප්‍රකට යකඩ සමාගමක හිමිකරුගේ මාමාට මාළඹේ අක්කර 14ක් දීලා! එක පර්චසයක් ලක්ෂ 60යි! කොළඹින් අක්කර 14යි! කටානෙන් අක්කර 7යි! හන්තානෙන් අක්කර 10යි! මුලු වටිනාකම කෝටි 1780යි! මහා ඉඩම් කොල්ලයක් ගැන මන්ත්‍රී වසන්ත යළි කතාකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.